(රොමේෂ් මධුෂංඛ)

යාපනය වෙරල තීර කිහිපයකට ගෙවුණු සතිය තුලදී  රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයෝ කියති.

යාපනය පුන්කුඩතිව් කූරිකඩ්ඩුවාන් වෙරල තීරයට පසුගිය දින කිහිපයේදී යාපනය නයිනතීව් සහ නෙඩුන්තීව් මුහුදූ වෙරලට මෙලෙස රෝහල අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබූ බවට ප්‍රදේශවාසීහු පවසති.

රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවද ඔවුහු කියති.

රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවෙ රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස මුහුදට දැමීම හේතුවෙන් එම අපද්‍රව්‍ය උතුරු මුහුදු තීරයට ගසාගෙන එන්නට ඇති බවට ප්‍රදේශවාසීහු කියති.

\