(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව 13 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය .
මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සිද්ධියට අදාළ වෛද්‍යවරයා, මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් කිහිප දෙනකු සහ රැඳවියන් කිහිප දෙනකු ඇතුළු 13 දෙනකුගෙන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු ගෙන් ද පොලිසිය ඊයේ 24 බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කරගත් බවද ඔහු සඳහන් කළේය .
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව සිදු සිදුකරන විමර්ශනයේ දී දස දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද හෙතෙම පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාඩ් බදියුදීන් බොරු කීම සහ තර්ජනය කිරීම පහසු දෙයක් කියා සිතනවා ඇති.
ඇයි ඉන්නෙ..තමුන්ගෙම ශරීනා නීතිය ක්‍රියාත්මක නොකර
මේ විදිහට තර්ජනය කිරීම සුළුකොට තකන්න එපා. කෝ අපේ චීවර ධාරියෝ.
මේ ජවනිකාව රට අරිනකන් ඇදගෙන යන්න පුළුවන් වෙයි..
මෙතරම් ප්‍රකාශ කුමටද? සැඟවුණු අවි බලන්න රැගෙන යන්න.