IMG-LOGO

රන්ජන් රාමනායක හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

(නිමන්ති රණසිංහ)
 
බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හෙට (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
 
යූ ටියුබ් අන්තර්ජාල චැනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා බුදු දහමට අගෞරවයක් වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරීමකට අදාළව ලැබුණු පැමිණීල්ලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට හෙට (22) පෙරවරු 9.30ට පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසට හිටපු මන්ත්‍රී රන්ජන් රමනායක මහතා වෙත එලෙස දැනුම් දී තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත මම පැමිණීල්ල කරනු ලැබ ඇත්තේ ස්වාමින් වහන්සේ නමක විසිනි.



අදහස් (8)

රන්ජන් රාමනායක හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Bodujanathaa puthruwanak. Thursday, 21 May 2020 01:35 PM

මෙම සිදුවීම නොසලකා සිටියා නම් තමයි වඩාත්ම හොඳ... රංජන් රාමනායක මහත්මා වෙනත් ආගමිකයකු නිසා ඔහුගේ දැනුම ගැන, විමසිය යුතු නැති බවයි මගේ හැඟීම... බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බ්‍රහ්ම දණ්ඩනය පමුණුවන්න කියලයි. පැමිණිල්ල කළ ස්වාමීන් වහන්සේගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ නම් වඩාත් යෝග්‍යයි.... තෙරුවන් සරණයි...!!! 

:       40       46

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 02:18 PM

රන්ජන් බුදු දහමට අපහාස කළාද? නොකළාද? යන්න අධිකරණය තීන්දු කරාවි. අපට තියෙන්නේ මේ දේශපාලනයට සම්බන්ධ වී සිටින අය බුද්ධ චීවරය කිළිටි කරන එක ඉවසන්නට නොහැකි කමයි. රන්ජන් වගේ වගකීමක් නැතිව වැඩ කරන කෙනෙකුගෙන් වෙන හානියට වඩා හානියක් සමහර චීවරධාරීන් සිදුකරනවා. ඒවා වළක්වා ගන්නේ නැතිව එක එක්කෙනා පස්සේ යනවා. ඒ වගේම මේ උසාවි ගියෙත් කුමන හෝ දේශපාලනයට උදව්වට මිසක් බුදුදහමට තියෙන ආදරයකට නම් නොවන බවයි අපට නම් පේන්නේ... නියම බුද්ධ පුත්‍රයන් ශාසනයේ වැඩට උසාවි යන්නේ නැහැ. ඒවාට දහමේ නිසි පිළිතුරු තියෙනවා. අද සමහරුන් කරන්නේ දහම පිළිපැදීම නොවෙයි. දහම කර තියාගෙන යාමයි. අපේ බුදු හාමුදුරුවෝ තමන් වහන්සේට නින්දා අපහාස කළ අයට සුද්ධෝදන රජතුමාට කියලා දඬුවම් කළේ නැහැ. අද සමහර දෙනා තම දේශපාලන අරමුණු වලට දහම ගාවාගෙන ලාභ සත්කාර ලබනවා. කොයි පැත්තේ දේශපාලනයකට හෝ බුදු දහම පටලවා නොගත යුතුයි. ඒක මහා පාපයක්...

:       4       169

Don Thursday, 21 May 2020 05:13 PM

ඔබට ඕනෑම දෙයක් සමග සෙල්ලම් කළ හැකියි... නමුත් බුදුදහමත් එක්ක නොවේ...

:       14       0

Kumara Thursday, 21 May 2020 06:14 PM

මේ වගේ අය එළියට එවන්න එපා...

:       10       0

භද්‍රානි Thursday, 21 May 2020 11:26 PM

මෙච්චර හිරේ ගිහිල්ලත් ඇයි මේ පුද්ගලයාගේ වාචාලකම අඩුවෙන්නේ නැත්තේ? මම කතෝලික. මම අනිත් ආගම් විවේචනය කරන්නේ නෑ.

:       14       0

බිංකුන්ඩා Friday, 22 May 2020 12:05 AM

මහණුන් සැප සම්පත් විඳ රහත් වේ..., පොලීසිය ධර්මය රකියි.

:       0       18

Rata Perata Friday, 22 May 2020 06:32 AM

රන්ජන් කිව්ව සිද්ධිය ගැන පරීක්ෂණ කරලා ඒක ඇත්ත නම් කොහොමද අපහාසයක් වෙන්නේ? අපිට අන්තවාදී බුදුදහමක් ඕන නෑ. වැරදි කලානම් මහනායකට හරි දඬුවම් දෙන්න ඕනෑ. අනිත් එක දේශපාලන ලොකු ලොක්කෝ කීදෙනෙක් බොරුවට සංඝයා වහන්සේලාට අපහාස කරලා තියෙනවද? අපේ රටේ නිර්මල බුදුදහම තව බොහෝ කාලයක් පවතීවා...!!

:       0       9

BamunuarachchiSaturday, 23 May 2020 02:37 AM

බුද්ධාගම අදහන මිනිස්සු අන්තවාදී වෙනවා නම් කොපමන හොඳයිද? එහෙනම් සියලු දෙනාම පන්සිල් පද 5 රකීවි. එහෙනම් නියම බෞද්ධයින් ලෙස ජීවත් වේවි... හැබැයි එතකොට අන්‍ය ආගමිකයාට මෙරට අන්‍ය ආගමික රටක් කරගන්න බොහොම ලෙහෙසියෙන් පුළුවන්. ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්තානය, ඉරානය වගේ රටවලට වුණු සන්තෑසිය... සිංහල බෞද්ධයා තම ජාතිය, ආගම රැකගැනීම සමහර ගොබ්බයින්ට පෙනෙන්නේ ජාතිවාදය හැටියට... එහෙමනම් අවුරුදු 2600ක් මේ සිංහල රටේ ඉඳලා තිබෙන්නේ ජාතිවාදීන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site