(අජිත්ලාල් ශාන්තඋදය)
කලූගඟ,කුරු ගඟ, නිරිඇලි ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා තවදුරටත් තද වැසි ඇතිවුව හොත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කලූ ගඟෙ සහ කුරු ගඟේ ජල මට්ටම් 14දා පෙරවරුව වනවිට පැය විස්සක කාලයක් තුල අඩි නවයකින් ඉහළ ගොස් තිබුණි. නිරිඇලි ගඟේ ජලමට්ටම ද අඩි තුනකින් පමණ ඉහළ ගොස් තිබුණි.
දෙනවක් ගඟේ ජල මට්ටම අඩි තුනක සාමාන්‍ය මට්ටමෙන් පැවති අතර වේ ගඟේ ජල මට්ටම ද අඩි අටේ සීමාවේ පැවතිනි.
කුකුලේ ගඟේ ජලමට්ටම අඩි විස්සේ මට්ටමේ අද අලූයම වන විට පැවතුන ද පෙරවරුව වනවිට අඩි දෙකකින් ජල මට්ටම පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd