IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රටින් ගෙන්වූ කසළ පෙට්ටි 333 කට පුරවා තබයි

(ඩයනා උදයංගනී)

එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ එළිමහනේ ගොඩ ගසා තිබූ කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර එහි තැන්පත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.

මෙම කුණු තොග පරිසරයට විවෘතව තැබීමෙන් සිදුවිය හැකි පරිසර හානි සළකා මෙසේ කන්ටේනර් පෙට්ටිවලට ඇතුළත් කර තැබීමට පියවර ගත් බවද සභාපතිවරයා සඳහන් කළේය.

පරිසර සංවිධානයක් විසින් මෙම කසළ තොගය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තුරු කසළ මෙරටින් බැහැර කිරීමේ හැකියාවක් නැතැයි ද දේවප‍්‍රිය මහතා කීවේය.

අධිකරණය මගින් ලබාදෙන තීන්දුවෙන් පසු එය නැවත ප‍්‍රතිඅපනයනය කිරීමේ බලය ආයෝජන මණ්ඩලයට හිමිවන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.



අදහස් (10)

රටින් ගෙන්වූ කසළ පෙට්ටි 333 කට පුරවා තබයි

almeida Tuesday, 10 September 2019 02:14 PM

පරිසර සංවිධානයට සහ එහි සේවකයන්ට මේ කළ දෙයට බොහොම පින්.

:       0       149

Raveendra Tuesday, 10 September 2019 02:26 PM

ඇත්තෙන්ම ඔය දහජරාව මෙරටට ගෙන්න සම්බන්ද වෙච්ච හැම පරබල්ලෙක්වම අල්ලලා ඔය පෙට්ටි ඇතුලට දාල ප්‍රති අපනයන කරන්න පුළුවන් නම් කොච්චර ලස්සනද ?? කරුණාකර ඔය ජඩවැඩේට සම්බන්ද වුණු සියලුම බල්ලන්ගේ නම්ගම් මහජනතාවට දැනිගනිමට සැලැස්වීම රටට සේවයක් නොවන්නේද ?

:       3       252

සේන Tuesday, 10 September 2019 02:58 PM

කසළ ටික ඔතනම පස් වෙයි ද දන්නේ නෑ. වෙන රටකනම් දැනටමත් නැවත යවලා

:       0       134

Mahee Tuesday, 10 September 2019 03:03 PM

1948 දී එක්සත් රාජධානියෙන් අප වෙන්වන විට අපි විදේශ විනිමය අතිරික්තයක් අතැතිව සිටියෙමු. දැන් අපි නහුතෙටම ණය වී සිටිමු. අපි එක්සත් රාජධානියෙන් පමණක් නොව ලෝකයේ හැම රටකින්ම හොඳ දේ නොව කුණු කසලම දිගින් දිගටම බාර ගත්තෙමු. එදා සිටම එහෙමයි.

:       0       58

කණ්ඩම්බි Tuesday, 10 September 2019 03:32 PM

දැන් ඕවා අතුරුදන් වෙනවා.

:       0       11

ranjan Tuesday, 10 September 2019 03:47 PM

ලෝකයේ වෙන රටක මෙවැනි දෙයක් සිදු වූවානම් දින කිහිපයකින් ඉතාම කෙටි කාලයකින් සියල්ල එම රටටම යව අවසන් නඩු ගැන පසුව බලන් තෙක් මේවා තබා ගන්නේ නැහැ නමුත් ඒවා ලංකාවේ මාස අවුරුදු ගන්න තබාගෙන බල බලා ඉන්නවා ඉන්පසු ටික දිනකින් නඩු තිය මොනවත් තිබුනත් සියල්ල මෙහෙමෙ විනාස වෙනවා

:       0       65

justin Tuesday, 10 September 2019 03:48 PM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ලෙඩක් තියනවා. රටට ආදරය කරන්න උගන්නන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ල. එතකොට මිනිස්සු ඡන්දෙත් හරියට පාවිච්චි කරයි. එතකම් මේ රටට දෙවි පිහිටම තමා..

:       0       105

RaveendraTuesday, 10 September 2019 05:29 PM

justin මයා වෙත, ඔබ තමයි මෙතන සඳහන් කර ඇති වටිනාම අදහස් සඳහන් කර ඇත්තේ. අප ඔබට අවංකවම ස්තුතිවන්ත වෙන්නෙමු. ඇත්තෙන්ම ඔබගේ මෙම අදහස් දියවන්නා ඔයේ 225න් අඩු වශයෙන් එකෙකුට හෝ කියවීමට හැකි වේවා!!! ඇත්තෙන්ම දරුවන් වැඩි දෙනෙකු තම උපන් මව්බිමට කිසිදු ආදරයක් නැති බව හොඳින්ම පැහැදිලිය. දේශපාලකයන් මෙන්ම වැඩිහිටියන් වන අප සියල්ලෝම එම පාපකර්මයට කොටස් කරුවෝ නොවේද? නුදුරු අනාගතයේදීවත් මෙම වැරැද්ද නිවැරදි කරගැනීමට හැකි නම් අපගේ මේ සුන්දර මව්බිම නැවතත් ලෝකයේ උතුම් රට වියහැකිය.

:       0       0

Saman Wednesday, 11 September 2019 01:36 AM

ඔය නඩුවේ චූදිතයත් මේ නඩුව අහන්න අධිකරණයට බලයක් නැහැයි කිව්වොත් මොකද වෙන්නේ?

:       0       2

මගොදිස් Wednesday, 11 September 2019 03:25 AM

මේක ගෙන්නලා තියන්නේ ලංකාවේ අංක එකේ සල්ලි කාරයාගේ කොම්පැනියකින්ලු. ඒ උතුමා ජනාධිපතිකමටත් ඉල්ලනවලු. අරුවක්කලු වගේ කසල රඳවන 100 වත් ඕන වෙයි මෙයා ජනාධිපති උනොත්.

:       0       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 929 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1009 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site