IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


“රටට එරෙහි කිසිඳු කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ’’

(නිමල කොඩිතුවක්කු)

රටට එරෙහිව එල්ල වන කිසිදු බලපෑමකට යටත් නොවී අනන්‍යතාවය තහවුරු කරගනිමින් ස්වාධීනව රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල් පීරිස් මහතා කොලඹදී  අද (27) පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් රටට හිමිව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.    

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ  දි පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා මෙසේද කීය.

"කොවිඩ් 19 වසංගතය නිසා උද්ගතවු සියලුම අභියෝග මධ්‍යයේ අපේ රටේ සංවර්ධනය හා  සංහිඳියාව සම්න්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල ලබාගත් ප්‍රගතිය පිළීබඳ සවිස්ථර කරුණු අපි මානව හිමිකම් කවුන්සිලයට අඛණ්ඩව ඉදිරිපත් කළා.  ඒ සම්බන්ධයෙන් අපේ රජය පැහැදිලි කැපවීමක් තිබෙනවා. අපි මේ සියල්ල කරන්නේ  එක කොන්දේසියකට යටත්වයි. අපේ රටේ ගැටලු විසඳිම සම්න්ධයෙන් වගකීම  පැවරෙන්නේ අපේ රටේ දේශීය ආයතනවලටයි. ශ්‍රි ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවන් අපේ රටේ සංස්කෘතියට අනුකූලව තමයි මේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට ඉදිරිපත්වෙලා තියෙන්නේ. ඒ කාර්ය භාර්ය විදේශීය ආයතනවලට පැවරීමට අපි එකඟවන්නේ නෑ. ඒක අපේ රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිය හා සම්ප්‍රදායට අනුකූලව සියලුම රටවල් වලට උස් පහත් භේදයකින් තොරව සමානතාවයෙන් සැලකිය යුතුයි. ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගෙන අපේ රටට පමණක් සීමා වූ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අපි කිසිසේත්  එකඟ වන්නේ නැහැ. අපේ රටට විරුද්ධ සාක්ෂි රැස් කරගෙන ඒවා විශ්ලේෂණය කරලා අපේ රට ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යාමට පදනමක් සකස් කිරීමට අපි එකඟ වන්නේ නැහැ.

අපේ රටට විරුද්ධව සාක්ෂි ලබා ගන්නේ සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් තොරවයි. මේ සාක්ෂි ලබා දෙන අයගේ අනන්‍යතාවය පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. එම නිසා මේ සම්පූර්ණ ක්‍රියාදාමය ස්වභාවික යුක්තියට පටහැනියි. ඒ නිසා අපි කිසිසේත් මේවා පිළිගන්නේ නැහැ.
අපේ රටට වැදගත් රටවල් සමග අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගට සාකච්ඡා සිදු කළා.

මේ සියලු සාකච්ඡාවල හුදු ප්‍රතිඵලය තමයි අනාගතයේ මේ රටට මුහුණ දෙන්න තිබෙන අභියෝගවලට ඒ රටවල් සහයෝගය ලබා දෙන බවට වන යහපත් ප්‍රතිචාරය අපට ලැබුණා.  



අදහස් (9)

“රටට එරෙහි කිසිඳු කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ’’

විපරමා Monday, 27 September 2021 03:23 PM

මේවට කොහෙන් හිනා වෙන්ඩද?

:       1       12

සිරිබිරිස් Monday, 27 September 2021 03:28 PM

ඒ උනාට ලංකාව දැන් චීනෙ යටත් විජිතයක් නේද ? බොරු කියන්න එපා .

:       2       14

Nuwan Monday, 27 September 2021 03:59 PM

මග යන්න පන නැහැ .නමුත් කියන කතා

:       2       14

Lalith M Monday, 27 September 2021 04:26 PM

මහලු මඩමක් සහ ඒක බලාගන්න අය මතක් වෙනවා ඇමති මණ්ඩල සාමාජිකයින් දැක්කම. මේ අය කොයි අපායට ගෙනියන්නද මේ තරම් යටි මඩි ගගහ හම්බ කරන්නේ. මේ සීය පප්පලා නැතිව රටේ උගත්තු නැතිද මේ වැඩ කරන්න.

:       2       12

ranjith Monday, 27 September 2021 04:26 PM

යටත් කරගන්න කලින් වටිනා දේපල ටික විදේශ බලවතුන්ට දෙනවනේ කොල්ලෙට

:       2       11

ගමේ එකාලා Monday, 27 September 2021 04:40 PM

මට ඒ කාලේ රජ්වාසල අන්දරේ කියපු විහිලු කතා මතක් වෙනවා.

:       0       1

rocky Monday, 27 September 2021 06:46 PM

අප්පොච්චියේ... මේ ගොල්ලෝ රටට තියෙන ආදරේ..!

:       0       4

L.G.P.Jathunarachchi. Monday, 27 September 2021 09:10 PM

ඇමෙරිකන් සංචාරයෙන් පස්සේ තමයි... ඔක්කොම..!

:       0       1

swene Tuesday, 28 September 2021 06:55 AM

දුර්වල විදේශ සම්බන්ධතා කළමනාකරණය තුලින් මේ වන විට අපට වාසි වන විදියට විදේශීය ආදායම සඳහා ලැබෙන ගී.එස්.පී සහනයත් නොලැබුනොත් රට තවත් වේගයෙන් විකිනීමට සිදුවනවා. ඔබලා සිංහයන් වගේ අපට පාරම් බානවා. අපිත් හුරේ කියකිය ඉන්නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 141 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 988 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site