IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රාජ්‍ය සේවකයන්ට අහිමි වූ ස්වාධීනත්වය-ආර්ථික නිදහස සමගි ජනබලවේග රජයක් යටතේ ලබා දෙනවා

(නිමල කොඩිතුවක්කු)

වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්‍රේමදාස පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ රජයක් යටතේ කඩිනමින් ලබාදෙන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(1)පැවසීය.

වත්මන් රජය තමන්ට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා සිවිල් පරිපාලනය ඒකාධිපතිත්වයක් කරා ගෙන යමින් සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

රජයේ සේවකයන්ට අහිමි වී තිබෙන ආර්ථික ශක්තිය සහ ස්වාධීනත්වය යලි ලබාදීමත් ජනතාවට සහන දීමත් සමගි ජනබලවේගයේ රජයක මූලික කාර්යය බවද ඔහු පැවසීය.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේද කීවේය.

     
අපේ රටේ රජයේ සේවකයන් ලක්ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා.2015 වනවිට රජයේ සේවකයනුත් විශ්‍රාමිකයයනුත් ඉතා අසීරු තත්වයක තමයි හිටියෙ. අපේ ආණ්ඩුව ඇවිත් දින සියයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි කළා. එතනින් නොනැවතී අපේ ආණ්ඩුව කාලයේදී රජයේ සේවකයන්ට  සියයට 107 කින් වැටුප් වැඩි කළා.
අපේ ආණ්ඩුව යටතේ රජයේ සේවකයන්ට නැගී සිටින්න පුළුවන් ආර්ථික ශක්තියත්, ස්වාධීනත්වයත් අපි ලබා දුන්නා.

රාජපක්ෂ ආණ්ඩු සමයේ විශ්‍රාමිකයන් පාරට වැටිලා හිටියේ අඩුම තරමේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය වත් ඉවත් කරන්න ඔවුන් කටයුතු කළේ නැහැ. අපේ කාලේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරලා ඔවුන්ට විශ්‍රාම වැටුප් වර්ධක ලබා දුන්නා.

මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඒ වැටුප් වර්ධක කප්පාදු කළා. අද රජයේ සේවකයන්ගේ ගරුත්වය බින්දුවට දාලා. විධායක නිලධාරීන්ගේ පහළොස්දහසේ දීමනාව නවත්වලා. පුරුදු පුහුණු දක්ෂ නිලධාරීන් ඉදිද්දි ඒ අයට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පරිපාලනය බාර දීලා. අද රාජ්‍ය පරිපාලන සේවය වැඩ නොකරන තත්ත්වයට හංවඩු ගහලා තියෙනවා.

මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් පත් පත් කළේ ජනාධිපතිතුමා. එම නිලධාරීන් ගෙන්නලා හමුදා සෙබළුන්ට වගේ තර්ජනය කරනවා. අද රාජපක්ෂ ආණ්ඩුව සිවිල් පාලනය ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා.

අගෝස්තු පස් වන දා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පස්සේ කපා දමා තිබූ වැටුප් වර්ධක විශ්‍රාම වැටුප් ලබාදීමට අපි කටයුතු කරනවා.

මේ ආණ්ඩුව පත් උනහම සාමාන්‍ය පෙළ අසමත් අයට රැකියා ලක්ෂයක් දෙනවා කියලා කිව්වා. ඒ සඳහා ලක්ෂ 20ක පමණ අයදුම්පත් කැඳෙව්වා. දැන් හමුදා නිලධාරීන්  යොදවලා ගෙන් ගෙට ගොස් රැකියා ලබා දෙන බවට ප්‍රකාශ කරනවා. වැල්ලවායේදී නිල ඇඳුම ඇද ගත්ත හමුදා නිලධාරීන් මේ සඳහා යොදාගෙන තියෙනවා. මම මේ ගැන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළා. මේ තත්ත්වය වහාම නවත්වන්න කියලා අපි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලනවා. ඉතිහාසයේ කවදාවත් හමුදාව මේ විදියට දේශපාලනය සඳහා යොදා ගත්තේ නැහැ අද මේ අය එකත් කරනවා.
මේ ආණ්ඩුවට රජයේ සේවකයන්ටත් වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලන ආණ්ඩුව කොහොමද ලක්ෂ විස්සකට රැකියා දෙන්නේ.

මේ ආණ්ඩුව බලයට පත්වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය, මහ බැංකු මංකොල්ලය සහ එම් සී සී ගිවිසුම යොදාගෙනයි.  මේ ආණ්ඩුව පත් වෙලා මාස අටක් ගිහිල්ලත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් තවම අත්අඩංගුවට ගෙන නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ  ප්‍රධාන චූදිතයා පොහොට්ටු  සන්ධානයේ සභාපති කරලා ඔහු ඒ පක්ෂයෙන් දැන් ඡන්දෙත් ඉල්ලනවා.

මහබැංකු හොරු අල්ලනවා කිව්වා. ඒ අය අල්ලන එක පැත්තකින් තියලා අද සමගි ජන බලවේගය නායකයන්ට බොරු චෝදනා වලට අත්අඩංගුවට ගන්නවා. මේවා තමයි නියම ඩීල් කියන්නේ.යැයිද කීය.



අදහස් (0)

රාජ්‍ය සේවකයන්ට අහිමි වූ ස්වාධීනත්වය-ආර්ථික නිදහස සමගි ජනබලවේග රජයක් යටතේ ලබා දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site