
(ඩයනා උදයංගනී)
රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් ඊයේ (19) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඕනෑම රාජ්‍ය සේවකයෙකුටවයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර නියම බලධරයකු විසින් සේවයේ රඳවාගැනීමට තීරණය කළහොත් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් නීතියක් මගින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස තීරණය කර ඇති නිලධාරීන් හැර සියලු සිවිල් රාජ්‍ය නිලධරයන් අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බව නව ගැසට් පත්‍රයේ සඳහන් වේ.
එම ගැසට් පත්‍රය පහත දැක්වේ


COMMENTS