(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 43 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.
ඉකුත් 04 වැනිදා තමන් සමඟ රැකියාව කරන රාජ්‍ය බුද්ධි අංශය වෙත ගිය බව පැමිණිලිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එදින් රාජකාරී කර නිවසට තමා පැමිණියද සැමියා පැමිණියේ නැති බවත් ඊයේ (05) තම පුතාට දුරකතන ඇමැතුමක් ලබා දී තිබූ සැමියා නිවසට පැමිණීමට ප්‍රමාද වන බවක් පැවසී යැයි ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම වැඩ බාරගත්තෙත් නැහැ.. කොහොමද අතුරුදහන් වුනේ..?
මේ වගේ දේවල් වෙන්න පුළුවන් ක්‍රම බොහොමයක් තියෙනවා. ඇත්තටම පාතාලයෝ හෝ නැගී එන ත්‍රස්තවාදී කණ්ඩායමක් කළා වෙන්න පුළුවනි. පසුගිය දිනවල බුද්ධි අංශවල පාවාදීම්, බුද්ධි නිලධාරීන් විවිධ ක්‍රමවලින් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කිරීම් ආදිය එ්කට හේතුපාදක වෙන්නට පුළුවනි. අනෙක මේ ඡන්ද කාලේ ඒ පාවාදීම් සහ මාධ්‍ය ප්‍රදර්ශන නිසා වූ හානිය මේ යයි ජනතාව උසිගන්වා රැල්ලක් ගොඩනගා ඡන්ද ගරාගැනීමට හිතාමතා අතුරුදහන් කළා වෙන්නත් බැරි නෑ. මේ දෙකම සියයට පනහ, පනහ විය හැකියි. කොහොමටත් වහාම සොයාබැලීම වටිනවා.
බලයට එන්නත් ඉස්සර වැඩ පටන් ගත්ත වත්ද ?
මේක හිතාමතාම රජය අපහසුවට පත්කිරීමට සාටකයන් විසින් ගහපු ගේමක් .
කමෙන්ට්ස් දිහා බලපුවාම පේනවා සමනල්ලු කොච්චර ගෝඨාට වෛර කරනවාද කියලා.. මිනිහා එන්නත් කලින් බොරුව රජකරවන්න හදනවා.
පෙර කවදාවත් අප දැක නැති සුදු වෑන් යහපාලන ආණ්ඩුවෙන් රයන් උස්සන්න ආපු වෙලාවේ අප දැක්කා.
මට නම් හිතෙන්නේ දේශපාලනයට වඩා මෙතන කුඩු සම්බන්ධයක් ඇති කියලයි.
සුවඳරත්න මහතා/ මහත්මිය වෙත, ඒ කාලේ පුහුණුව අවශ්‍ය නැත..
ලාංකික මුග්ධ ජනයා සැමදෙයකටම දේශපාලනයක් ගාව ගන්නවා... අන්තිමට ඉන්න රටක් නැති කරගන්නවා බෝම්බ වලට බිලිවෙනවා. මැරෙනවා.
චතුරි ඔය සීයාගෙන් අහලා බලන්න සමනල්ලු මිනී ඔලු එල්ලන්නේ නැත්තේ ඇයි කියලා.