(ක.ග.කරුණාරත්න)
 
රජයේ සහතික මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් මේ වනවිට  විවෘත කර සතියක පමණ කාලයක්  ඇතැත් වී ඇටයක්වත් මෙතෙක් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.
 
එයට හේතුව රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික වෙළෙඳුන් විසින් ගොවීන්ගේ වී මිලදී ගැනීම යැයිද ඒ මහතා කීය.
 
ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් රජයේ සහතික මිල වන රුපියල් 50 බැගින් මිලදී ගන්නා බවත් එක් ගොවියෙකුගෙන් වි අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබන්නේ කිලෝ 5000ක උපරිම  වී ප්‍රමාණයක් බවද වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා කීය. 
 
කීඩෑ හානියට ගොදුරුවීම නිසා මෙවර යල කන්නයේ අපේක්‍ෂිත වී අස්වනු නොලැබුණු  බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  ගොවීහු කියා සිටිති.