







වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඓතිහාසික රජගලතැන්න පුරා විද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා විසින් යුනෙස්කෝ ආයතනය වෙත රජගලතැන්න පුරා විද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් කරන ලද අයදුම්පත්‍රය සකස් කර එය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ඇතිව ශ්‍රිලංකාවේ යුනෙස්කෝ නියෝජිතය හරහා යුනොස්කෝ ආයතනය වෙත එය ඉදිරිපත් කර තිබේ.
මෙම ඉල්ලීම පිළිබඳව සැලිකිමත් වූ යුනෙස්කෝ සංවිධානය ඓතිහාසික රජගලතැන්න පුදබිම තාවකාලික ලෝක උරුමයක් ලෙස පිළිගන්නා බව සිය නිල වෙබ් අඩවියේ සදහන් කර තිබේ.
ඓතිහාසික ස්ථානයක් ලෝක උරුමක් හැටියට නම් කිරීමේදි එහි පළවෙනි අයදුම් පත ලැබුන පසු යුනොස්කෝ ආයතනය විසින් එය සලකා බලා එහි වැදගත්කම සහ ඓතිහාසික වටිනාකම පිළිබඳව අධ්‍යයනයක් කර ඇත. පළමු පියවරේදි එය තාවකාලික ලෝක උරුමයක් හැටියට නම් කරන අතර ඉන් වසර දෙකක කාලයකට පසුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා පැවසීය.
වසර ගණනාවක සිට වල් බිහිවෙමින් තිබු රජගලතැන්න පුදබිමෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම කැනීම්වලදි රජගලතැන්න ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවිය. මෙම ව්‍යාපෘතිය සදහා මිලියන 229.38 ක මුදලක් වැය කර තිබේ.
COMMENTS
ඕකට කියන්නේ..., බටර් ගානවා කියල... ඔය බටර් ගානවා එක්කම තව අනතුරකුත් සිද්ද වෙන්න පුළුවන්''', පරිස්සමෙන් .
නිසි ප්‍රචාරයක් නැත. ගොඩ ගෙනීමට බොහෝ දේ ඇත. නව තාක්ෂණය යොදා ගෙන බිත්ති ටික හදල පෙන්නවන්න. රෝමය, පොම්පේ හදල අවසන් .
මේ බුදුන් උපන් බිමයි. අපි දකින හැම බොදු සිද්ධස්ථානයක්ම බුදුන්ගේ පහස ලැබූ බවට දැන් දැන් සාක්කි ලැබෙමින් පවතිනවා. අනෙකුත් පන්සල් විහාර ආදියත් රජය මැදිහත් වී ලෝක උරුමයන් බවට පත් කරන්න ඕනා. අනිකුත් ආගම් පසු කරමින් බුදු දහම ලෝකය පුරාම පිබිදෙන කාලයක් තමයි එලබී තියෙන්නේ. බුදු දහමේ ඇති තර්කානුකුල බව මීට ප්‍රධානම හේතුවයි.
අහන්නත් සතුටුයි.
කිසිවෙකු හට බුද්ධ දේශනාවට අනුව ජීවත් වෙනවා හැර වෙනත් විකල්පයක් මිහිපිට නැත. ඊට හොදම කාලයයි මේ....
දැන් ඉතින් ඊළඟ සතිකිහිපය තුල... යුනෙස්කෝ කාරයෝ ටිකක් අපේ රටට ගොඩ බැහැල .. හොඳට අපෙන් කාලා බීලා ... ආයිබෝවෙවා කියාගෙන ආපහු යයි යන්න ... ඕකට තමයි , යුනෙස්කෝ ලෝක උරුමය කියන්නේ .. !!!
මිහිදු හිමියන්ගේ සහ උත්තිය හිමිවරුන්ගේ ධාතු තැන්පත් කල බව සදහන් සෙල් ලිපියේ ඇති සැගවුණු ඉතිහාසය තිබෙන ඓතිහාසික රජගලතැන්න...
මහන්සි වූ සැමට ප්‍රණාමය!
ඔබට අනෙක වාරයක් ස්තුතියි මහාචාර්යතුමා. මේ වගේ ලෝක උරුමයන් විදිහට නම් කල යුතු පුරාවිද්‍යා බිම් සිය ගානක් ලංකාව පුරා තියෙනවා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒවා ලෝක උරුමයන් කරනවා තියා ආරක්ෂා කරන්නවත් පියවර අරගන්නේ නැහැ. ඓතිහාසික මුලතිව් ගුරුකන්ද විහාරයේ අවුරුදු 2000 කට එහා ගිය සිංහල බෞද්ධ ඉතිහාසය ගැන ඔබ මුලතිව් උසාවියට කරුණු කිව්වා. ඊටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙන මුහුදු මහා විහාරය අද රැක ගන්න කෙනෙක් නැහැ. එතන වැඩ ඉන්න හාමුදුරුවෝ දෙන්නෙක් තනි සටනක් දෙනවා. පොතුවිල් වල තියෙන එකම පුරාවිද්‍යා බිම මුහුදු මහා විහාරය. කාවන්තිස්ස රජ්ජුරුවෝ විහාර මහා දේවිය වෙනුවෙන් හදපු මුහුදු මහා විහාරය එක්ක ඉන්දියාවේ ටජ්මහල මොකක්ද? සුනාමිය ගැන අපි දන්නේ අවුරුදු දෙදහස් ගානකට ඉස්සෙල්ල. බ්‍රිතාන්‍යයන් කාලේ අක්කර 264ක් තිබ්බ මුහුදු මහා විහාරයට අද තියෙන්නේ අක්කර 3යි. මේ ගැන ක්‍රියා කරන්න නීතිමය අයිතියක් තියෙන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව තද නින්දේ.