IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


රාජකාරී වේලාවේ මැතිවරණ වැඩ කළ ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක්

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන පත්තෑව මුස්ලිම් විදුහලේ ගුරුවරයකු පාසල් කාලය තුළදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් මැතිවරණ නීති උල්ලංඝණය කරන බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී ඒ.ආර්.අබ්දූල් හුසෙන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ. 

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මාර්ගයෙන් සිදු කර ඇති එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් පෙන්වා දී  ඇත්තේ මෙම ගුරුවරයා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් රාජකාරී වේලාව තුළ ප්‍රදේශයේ ජනතාවට විවිධ ද්‍රව්‍යමය ආධාර ලබාදෙන බවය.

ජනතාව නොමඟ යවනසුළු අසත්‍ය ප්‍රචාර කර ඡන්ද දායකයාගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන මෙම ගුරුවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පළාත් සභා මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් තවදුරටත් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්.සුපියාන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.

"දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මෙම පැමිණිල්ල ලැබිලා තියෙනවා. ඒ අනුව මෙම පාසලේ විදුහල්පතිවරයාට අපි ලිඛිතව දන්වලා තියෙනවා 2019. නොවැම්බර් 16 වෙනිදාට නිකුත් කර ඇති චක්‍රලේඛයට අවධානය යොමුකර එහි විධිවිධානවලට පටහැනිව කටයුතු නොකරන ලෙසට අදාළ ගුරුවරයාට දන්වන්න කියා අප විදුහල්පතිට දැන්වුවා"යැයි ද ඒ මහතා පැවසීය.

 



අදහස් (4)

රාජකාරී වේලාවේ මැතිවරණ වැඩ කළ ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක්

Raveendra Wednesday, 23 October 2019 07:27 AM

ගුරුවරයෙක් වෙලත් එක එක්කෙනාට කඩේ යන කැත.. අපේ බදුමුදල් වලින් නේද පඩි ගන්නේ. ඒ පඩි ගෙවන්න එක එකාට කඩේ යන්නද .

:       0       27

රවින් Wednesday, 23 October 2019 08:09 AM

ටියුෂන් ගුරෙක් වෙන්න ඇති. හවසට අමතර පන්ති පවත්වලා ළමයින්ගෙන් ගාන කපාගෙන ඡන්ද වැඩට අවශ්‍ය මුදල් හොයාගන්නවනේ. විදුහල්පතිත් සම්බන්ධයි වගේ. නැතිනම් ගුරා කොහොමද ඉස්කෝලේ තියන වෙලේ හිතුමනාපෙට පාසලෙන් ඉවතට යන්නේ? පාසලේ ළමයින්ට දෙයියන්ගේම පිහිටයි. අනාගත රටට තවත් නුගතුන් කීපදෙනෙක් හරි එක් වේවි.

:       0       25

SujeewaWednesday, 23 October 2019 08:57 AM

උදේට මහජන මුදලින් වැටුප් ලබමින්, සිය සේවය ඉටු නොකරමින්, අපේ දරුවන්ට අධ්‍යාපනය නොදී සජිත් ප්‍රේමදාසට කඩේ යනවා. හවසට එම පුද්ගලයාම දෙමාපියන්ගේ මුදල් අය කරමින් ටියුෂන් කඩේ මුදලාලි වෙනවා.

:       0       21

සුජීවාThursday, 24 October 2019 11:24 AM

මෙහෙම කඩේ යන අය ඉන්නේ පොහොට්ටුවේ. ඔය පුද්ගලයා දැන් ගුරෙක්නම් මිනිහගේ පැත්ත දිනුවොත් මිනිහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අයට එහෙම් අවස්ථා නැහැ. ඕනෑතරම් උදාහරණ පෙන්වන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක්
2024 දෙසැම්බර් මස 03 339 2

අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු


’’මට ජනපති ගැන සතුටුයි’’
2024 දෙසැම්බර් මස 03 1483 2

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළු


හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්
2024 දෙසැම්බර් මස 03 939 1

හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.


එළවලු තොග මිල පහළට
2024 දෙසැම්බර් මස 03 782 0

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංග


අත්අඩංගුවට ගැනීම් ගැන හෙට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 03 1527 2

මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී


’’රනිල්ගේ ගිවිසුමේ අහිතකර දේ ඉවත් කරන්න සහයෝගය දෙනවා’’
2024 දෙසැම්බර් මස 03 1003 2

අනුර ජනාධිපති කියන පොළවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 25 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 653 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 832 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site