(ඉන්දිකා රාමනායක)
යාපනය, අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (16) පස්වරුවේ ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමකට බාධා කරමින් පහරදුන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පහරදීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ තිදෙනකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ තිදෙනා අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරයකු සිටින අතර ඔවුහු ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කරන ලැබ සිටිති.
අරියාලේ ප්‍රදේයේ පිරිසක් වැලි කැපීමේ නිරතවන බවට විශේෂ කාර්ය බළකායේ යාපනය කඳවුර වෙත ලැබුණු තොරතුරු මත එහි අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකායේ සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරේදා පස්වරු 5.30ට පමණ යතුරු පැදි දෙකකින් මුලින්ම එම ස්ථානයට ගොස් තිබිණි.
භට පිරිස් එම ස්ථානයට යන අවස්ථාවේ පුද්ගලයන් හයදෙනකු වැලි කැපීම සඳහා ට්‍රැක්ටරයකින් පැමිණ ඇති බවත් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙනු දැක සැකකරුවන් පිරිස වහාම ට්‍රැක්ටරයේ නැඟී පලායෑමට උත්සාහ ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
නිලධාරින් සිව් දෙනා එම ස්ථානයට පැමිණ පළායන ට්‍රැක්ටරයට නවතින ලෙසට අණකර ඇතිබවත් ට්‍රැක්ටරය මද දුරක් ගොස් නවතා එහි සිටි සිව්දෙනකු ට්‍රැක්ටරයෙන් බැස විශේෂ කාර්ය බළකායේ භටයින්ට සවල්වලින් හා අතින් පයින් පහරදී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ තවත් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර නිලධාරීන්ට පහර දුන් සැකකරුවන් සිවුදෙනා ඔවුන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේ කාන්තාවන් දෙදෙනකුද එම ස්ථානයට පැමිණ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ගේ නිල ඇඳුම්වලින් ඇද පහරදීමට උත්සාහ ගෙන ඇති බවත් නිලධාරීන් එම කාන්තාවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස හා වැලි පැටවීමට පැමිණි ට්‍රැක්ටරය සහ එම ස්ථානයේ තිබී සොයාගත් යතුරු පැදියක් නිලධාරීන් විසින් යාපනය මූලස්ථාන පොලිසියට බාර දී ඇත.
තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා භට පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් බහුලව සිදුවන බවත් නිලධාරින් එම ප්‍රදේශයේ මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකරන බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.
යාපනය මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න තියෙන්නේ සතුටුද දැන් කියල තමයි.....
වෙඩිතියන්න බැරිකම නෙවිනේ... අනික කාන්තාවෝත් ඉඳලා. හමුදාවේ, පොලිසියේ ඉවසීම අගය කරන්න ඕනේ.
වෙඩි තියපල්ලකෝ යකෝ ගහන්න එද්දී. එහෙම බැරි නම් කෙලින්ම රනිල්ට තියන්න.
බලාගෙන සංහිදියාව හින්දානේ....
සංහිඳියාව නාමයෙන් කිසිවක් නොකරනු ඇත. නමුත් මහජාතියේ නම් උපරිම දඬුවම් දෙනු ඇත. අපේ රටට ගිය කලක්...
ඔව් චමත්.. මටත් එ්කමයි අහන්න තියෙන්නේ.. කස්ටියගෙන්...
කොහොමද දකුණේ විශ්වවිද්‍යාල කොල්ලන්ට නෙලන නෙලිල්ල.... පොලිසිය, කදුළු ගෑස්, රබර් උණ්ඩ, බැටන් පොලු වලින්?
පුළුවන් තරම් ඉක්මණට ආරක්ෂක හමුදා උතුර-නැගෙනහිරින් ඉවත් කර පොලිසිය පළාත් සභාවලට බාරදෙන්න. නියම සංහිඳියාව එතකොට බලාගන්න පුළුවනි..!
සංහිඳියාවට බාධාවන කිසිවක් නොකරන්න. යාපනයේ, විල්පත්තුවේ, මඩකලපුවේ සිදුවන කිසිවකට විරුද්ධ නොවන්න. ඒවා සංහිදියාවේ සංකේත වේ.
වෙඩි තිබ්බේ නැති එක හොඳයි, නැත්නම් ඒකත් ජාත්‍යන්තර මාධ්‍යයේ යයි අහිංසක දෙමළ වැසියන්ට ගැහුවා කියලා. බටහිර, දෙමළ මාධ්‍යය බලන්නේ ලංකාවේ නම විනාශ කරන්නයි. හොඳම වැඩේ තමයි මීට පස්සේ ඔහොම දෙයක් කරන කොට ඒක රෙකෝඩ් කරන එකයි, ඊට පස්සේ යුටියුබ් එකේ දාන්න තියෙන්නේ. එතකොට මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පුලුවන්...