
(රොෂාන් දිලිප් කුමාර)
යුක්රේනයේ සිට ගුවන් යානා දෙකකින් සංචාරකයින් 320 දෙනකු අද (2) මත්තලින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.
රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව මෙම යුක්රේන ජාතිකයින් පිරිස දිවයිනට පැමිණ තිබේ.
ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555දරණ ගුවන් යානයෙන් සහ යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් පීඑස් 6385 දරණ ගුවන් යානා මගින් අද (2) පස්වරුවේ මොවුන් දිවයිනට පැමිණ ඇත.
මේ අතර කලින් පැමිණි සංචාරකයින්ගෙන් 353 දෙනෙකු නැවත එම ගුවන් යානා වලින්ම යුක්රේනය බලා පිටත්ව ගොස් තිබේ.
හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට කටයුතු කෙරුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙනි. ඒ අනුව ඔවුන් මෙරටට පැමිණි 14 වන සහ 15 වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

COMMENTS
මෙයාලගේ ගමන් විස්තරේ එන හෝටල්වල පාලන අධිකාරිය වෙතටයි. කරුණාකර ප්ලාස්ටික් හෝ මැලමයින් පිඟන් කෝප්පවල ආහාර දෙන්න. ඔබට අනවශ්‍ය පාඩු මඟහරවා ගන්න වුවමනා නම්..
ජනවාරි අග වෙනකොට යුක්රේන්වල කෝවිඩ් ආසාදිතයින් මිලියන 1.1යි. මැරුණු ගණන 20,736යි. අපේ රටේ ගාණ අඩු නිසා තව ටිකක් වැඩිපුර එහෙම ගේමු.
දැන් ඔය ආරක්ෂාවට එන්න හමුදාවේ, පොලීසියේ අයගේ තෙල් වියදම්, බටා එහෙමත් සංචාරකයන් ගෙවනවා ඇති නේද?
නෑදෑයන් හට සංග්‍රහ කිරීම හොඳ දෙයක්. ගොඩාක් පිං සිද්ධ වෙනවා.
අවුලක්ම නෑ. නාමල් පුතාගේ මාමණ්ඩියගේ කල්ල මරේ..
අපිට බොහෝම සතුටුයි.
ඉහත පළකර ඇති යහපාලනයට කඩේ ගිය අයගේ සෘණාත්මක අදහස් ගැන සලකාබැලීමේදී යහපාලන ආණ්ඩුව ජනතාවට එපාවීම පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැත. යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වූ කිසිවෙකුගෙන් රටට යහපතක් නම් බලාපොරොත්තු විය නොහැක.
ඡන්දයක් ළංවෙනකොට කියයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අරක කරන්න ඕනෑ.. මේක කරන්න ඕනෑ කියලා. මේ කරන හරිය ඇති. තවදුරටත් ජනතාව රැවටෙන්නේ නැතිවෙයි...