
කියෙව් නගරය රුසියානු හමුදාවන්ගෙන් සාර්ථකව ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට රටවල් රැසක් යුද ආධාර දීමට ඉදිරිපත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකාව පැවසුවේ ඇමෙරිකන් ඩොලර් මිලියන 350 ක් ආධාර වශයෙන් ලබාදෙන බවත ඉන් මිලියන 261ක් අවි ආයුද වන අතර එයට යුද ටැංකි නාශක ජැවලින් මිසයිල,ගුවන් යානා නාශක මිසයිල පද්ධති සහ ශරීර සන්නාහ ඇතුළත් වේ.
ජර්මන් රජය පැවසුවේ යුද ටැංකි නාශක අවි 1000 ක් ද ගුවන් යානා නාශක ස්ටින්ගර් මිසයිල 500 ක් ද හදිසි යුද ආධාර ලෙස ලබා දෙන බවයි.
ලිතුවේනියාව,පෘතුගාලය,චෙක් ජනරජය,බෙල්ජියම,නෙදර්ලන්තය,ප්‍රංශය සහ ස්ලොවේකියාව ද යුක්රේන හමුදා ශක්තිමත් කිරීමට යුද ආධාර ලබා දීමට එකඟ වී ඇත.
ස්ලොවේකියා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 12.39 යුද ආධාර ලබා දෙන බවයි.එයට මිලිමීටර් 120 ක පතොරම් වට 12,000 ක්, ඩීසල් ඉන්ධන ලීටර් මිලියන 10 ක් (එක්සත් ජනපද ගැලුම් මිලියන 2.64 ක්) සහ ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 2.4 ක් ඇතුළත් වේ.
චෙක් ජනරජය විසින් ඇමෙරිකන් ඩොලර් 8.57 ක යුද ආධාර යුක්රේනය වෙත ලබාදීමට කැමැත්ත පළකර ඇති අතර එයට මැෂින් තුවක්කු, ප්‍රහාරක රයිෆල් සහ අනෙකුත් සැහැල්ලු ආයුධ ඇතුළත් වන අතර, යුක්රේනය විසින් තෝරා ගන්නා ලද ස්ථානයකට චෙක් පාර්ශවයෙන් මෙම ආධාර යවන බව චෙක් ජනරජ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
බෙල්ජියම යුක්රේනයට ඉන්ධන ටොන් 3800ක් ලබාදීමට තීරණය කර ඇති අතර යුක්රේන හමුදාවට මැෂින් තුවක්කු 2000 ක් ද සපයනු ඇත.
පෝලන්තය යුක්රේනයට පතොරම් සහිත හමුදා රථ පෙළක් යවා ඇති අතර ලිතුවේනියාවේ යුද ආධාර හමුදා රථ මගින් යුක්රේනයට ලැබීමට සලස්වා ඇත.
අද දින දෙවැනි පිපිරීම සිදු වී ඇත්තේ යුක්රේනයේ දෙවැනි විශාලම නගරය වන කර්කිව් නගරයේ ගෑස් නලයක වන අතර මෙම පිපිරීම් දෙක නිසා නගින දුමාරයෙන් විශාල පාරිසරික හානියක් සිදු වන බවත් සිවිල් වැසියන්ට තම නිවෙස් වල ජනෙල් වසා තබන ලෙසත් පවසා ඇත.
සෙමිනි දුපත අත්පත් කරගැනීමේදී යටත් වූ නිලධාරීන් 82 ක්‍රයිමියා හි සෙවස්ටෝපොල් වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන් ඔවුන්ගේ ආයුද බිම තබා තම පවුල වෙත යෑමට තීරණය කළ බව රුසියානු හමුදාවේ මේජර් ජෙනරාල් මිකායල් යස්නිකොව් පැවසීය.
මේ වන විට කැනඩාවේ සහ ඇමරිකාවේ මත්පැන් අලෙවිහල් වල තබා තිබූ රුසියාවේ නිෂ්පාදනය වන වොඩ්කා රාක්ක වලින් ඉවත් කෙරූ බව එම රටවල බලධාරීහු පැවසුහ.
කියෙව් මධ්‍යම දුම්රිය නැවතුම් පොළෙන් පිටව යන දුම්රියන්ට ගොඩවීමට යන සෙනග පාලනය කරගැනීමට නොහැකිව යුක්රේන ආරක්ෂකයින්ට අහසට වෙඩි තැබීමට සිදු වූ සිද්ධීන්ද වාර්තා වූහ.
මේ වන විට යුක්රේන නිප්‍රෝ නගරයේ කාන්තාවන් ගුරුවරියන්, නීතීඥවරියන්, ගෘහණියන්, සියලු දෙනාම තණකොළ මත වකුටු වී පැට්‍රල් බෝම්බ සෑදීම සඳහා බෝතල් පුරවමින් සිටින ආකාරයේ ඡායාරූප සමාජ මාධ්‍යයන් තුල සැරි සරමින් ඇත.
https://www.scmp.com/video/world/3168489/ukraine-conflict-gunshots-fired-disperse-huge-crowds-kyiv-train-station


(034)
COMMENTS
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට අවශ්‍ය ඊළඟ ලෝක යුද්ධය කරා නොයේවායි පතමු..!.
යුද්ධයකදී ජයග්‍රහකයෝ නැත. අවසානයේ සියල්ලෝම පරාජිතයෝය. ධනය වැයකළ යුත්තේ ජීවිත රැක ගැනීමට මිස ජීවිත නැතිකිරීමට නොවේ...
ලෝක යුද්ධයක් වුවමනා වී ඇත්තේ වෙන කාටවත් නොව ගණන්කාර රුසියාවටයි. පුටින්ව ඉවත් කරනු...!
යුද ආධාර දීලා ඇමෙරිකාව අතුළු බටහිර රටවල් ඇඟ බේරගන්න හදන්නේ... ඇමෙරිකාව කෙලින්ම යුද්ධයකට නොයන්නේ රුසියාවට ඇති බිය නිසයි. එහෙම වුණොත් ඇමෙරිකාවේ විනාශයත් ළඟම බව ඔවුන් හොඳින් දනී. කොහොම වුණත් යුද්ධ නොකර සාකච්ඡා මගින් බේරුම් කරගැනීමට බලවතුන් කටයුතු කළයුතුමයි.
රුසියාව කාටවත් ගණන් දාන රටක් නොවෙයි. හැබැයි අමරිකාව නම් ලෝකේ රටක් කොමිනිස් වෙන්න හදනකොට ඒ රටට ගණන් දානවා. වියට්නාමෙට, කියුබාවට කලේ ඒ ටික. අපේ රට ජෙප්පෝ කොමිනිස් කරන්න හැදුවොත් ඔන්න ඇමරිකාව මේ රටටත් කෙලින්ම අතදාවි. ඒ නිසා ජෙප්පන්ට බලය දෙන්න හිතන්න එපා...