IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


“මේ රජය සුනාමියට අහුවුණ පොල් කෝම්බයක් වගේ වෙනවා”

(අනීෂා මානගේ)

 
මැතිවරණයක් පැමිණි පසු රජය සුනාමියට හසුවුණ පොල් කෝම්බයක් සේ ගසාගෙන යන මැතිවරණ ප්‍රථිඵලයක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 
බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට සිය පවුලේ ඥාතීන් සමඟ අද(16) තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණි අවස්ථාවේදීය.
 
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ගැටළුවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. 
 
“ජනතාව පත්වෙලා තිබෙන පීඩනයෙන් මුදවා ගැනීම සඳහා කුමනාකාර හෝ මැතිවරණයක් දිනවා ගැනීමයි අපගේ ප්‍රධාන අරමුණ. ජනතාව මේ සියලු දුක්ඛ දෝමනස්ස විඳගෙන ඉන්නේ කුමක් හෝ මැතිවරණයක් ආවාම මේ රජය සුනාමියට අහුවුණ පොල් කෝම්බයක් වගේ ගහගෙන යන මැතිවරණ ප්‍රථිඵලයක් ලැබෙනකල්.
 
එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය ආදායම් මාර්ගය නොමැති වීම නිසා ගත්ත ණය වාරික පොලී ගෙවා ගැනීමට බැරිවීමෙන් සුළු පරිමාණ ණය ගත්ත අයත් බැංකුවල තැන්පත් කළ සියලු දෙනාත් විශාල පීඩනයකට පත්වෙලා ඉන්නවා. දේපළ උගස් වෙලා සින්නවෙන්න යන තත්ත්වයට පත්වෙලා. 
 
අප්‍රේල් 13 වැනිදා සමූපකාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරල තිබෙනවා ප්‍රවේශමෙන් මහබැංකුව දී තිබෙන උපදෙස් බලලා සමූපකාර සමිතිවල තැන්පත් කරන්න කියලා. සමූපකාර බැංකුවකවත් තැන්පත් කරන්න බැහැ. ෆිනෑන්ස් සමාගම් 15%, 16% පොලිය දෙන්නම් කියලා ණය ගන්නවා. 
 
මහින්ද රාජපක්ෂ ආණ්ඩු යුගයේ තිබුණ ප්‍රධාන ලක්ෂණය තමයි රටේ ණය පොලි අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වීම. සියයට 8%ට 9%ට ණය ගන්න පුළුවන්. දැන් ණය ගත්තම ණය දෙන මිනිහට හොඳ වුණාට ණය ගන්න මිනිහා නැත්තටම නැතිවෙනවා. ආණ්ඩුවේ අයවැය ලේඛනයේ තිබෙන මුදල් අර්බුදය වගේම මූල්‍ය අර්බුදයක හැම ගමකම තිබෙන්නේ. ත්‍රී රෝද රථ හිමියන්ට ලක්ෂ විස්ස බැගින් ණය දෙනවා ආදී වශයෙන් අයවැය ලේඛනයෙන් විශාල බොරු ප්‍රමාණයක් කියා තිබෙනවා. බැංකු පවත්වාගෙන යන්නවත් විදියක් නැතුව ඉන්නේ. බදු සහ පීඩාව පමණක් වැඩි අවුරුද්දකුයි ලබා තියෙන්නේ. එයින් මිදෙන්න මහින්ද මහත්තයගේ ආණ්ඩුවක් එනකල‍ෙ තමයි ජනතාව බලාගෙන ඉන්නේ. 
 

මේ දවස්වල රවී කරුණානායක මහත්තයත් සජිත් ප්‍රේමදාස මහත්තයත් ද්විඝට්ටනාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. රවී කරුණානායක සජිත් ප්‍රේමදාස මහත්තයට කියන්නේ මවගේ පියාගේ දේශපාලනය විකුණලා ඉස්සරහට එන්න බැහැ කියලයි. සජිත් ප්‍රේමදාස මහත්තයා, කරූ ජයසූරිය මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, නවීන් දිසානායක මහත්තයා මේ ඔක්කොම නායකත්වය සඳහා පොරයකයි ඉන්නේ. රාජපක්ෂ පවුල රටක් ගොඩගත්ත, රටක් රැක්ක පවුලක්. මේ එක පවුලක්වත් රට විනාස කළ පවුලක් මිසක් රට ගොඩගත්ත පවුලක් නෙවෙයි.”

 

 



අදහස් (0)

“මේ රජය සුනාමියට අහුවුණ පොල් කෝම්බයක් වගේ වෙනවා”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 128 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site