IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මීළඟ එන්නත් තොගය සංචාරක ක්ෂේත්‍රයට - කර්මාන්තශාලාවලට ඉල්ලයි

( තිළිණි ද සිල්වා)

 

දිවයිනට ගෙන ඒමට නියමිත ඊළඟ කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කළ බව සංචාරක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 

ඒ අනුව මේ මස අග වන විට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට හා දිවයිනේ සියළු කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එනන්ත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවට ද ඇමැතිවරයා විශ්වාසය පළ කරයි.

 

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, රියදුරන් ඇතුළු 20,000 කට ආසන්න පිරිසකගේ නාම ලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර ඇතැයිද ඇමැතිවරයා මෙහි දී සදහන් කළේය.

 

ඊට අමතරව  සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සෙසු පිරිස් වලට ද එන්නත ලබා දීම සදහා පියවර ගනිමින් සිටින බව ද ඇමැතිවරයා කීවේය.

 

දිවයින පුරා ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප 14 තුළ පමණක් කර්මාන්තශාලා 250 කට සේවය කරනු ලබන සේවක සේවිකාවන් ගණන 130,000 ඉක්මවන අතර ඔවුන් ද ඇතුළත්ව දිවයින පුරා කර්මාන්තශාලා 1700 කට වැඩි සංඛ්‍යාවක සේවය කරන සේවක සේවිකාවන්ට මේ යටතේ කොවිඩ් එන්නත ලබා දීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා මෙහි දී සදහන් කළේය.

 

සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීම සදහා සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

 

සංචාරක සංවිධාන කරනු ලබන ආයතන වල නියෝජිතයන් මේ වන විට සංචාරකයන් දිවයිනට ගෙන්වීමේ දී මුහුණ පෑමට සිදුව ඇති ගැටළු කීපයක් පිළිබදව ද ඇමැතිවරයාගේ අවධානය යොමු කළේය.

විශේෂයෙන් ම මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි විදෙස් රටවල් රැසක් තවමත් සිය ජනතාවට සංචාරය සදහා අවසර ලබා නොදීම මෙන්ම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට වීසා ලබා ගැනීමේ දි ඇති වන දුෂ්කරතා සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු කෙරිණි.

ආගමන විගමන දෙපාර්තුමේන්තුව සමග සාකච්ඡා කර එම ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දෙන බව ද ඇමැතිවරයා කීවේය. ඊට අමතරව සංචාරකයන් ගෙන්වීමේ දී ඇති සීමා පිළිබද ව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මේ පිළිබද ව කොවිඩ් කමිටුවේ හා සෞඛ්‍ය බළධාරින්ගේ අවධානය යොමු කිරීමට ද මෙහි දී තීරණය කෙරිණි.



අදහස් (1)

මීළඟ එන්නත් තොගය සංචාරක ක්ෂේත්‍රයට - කර්මාන්තශාලාවලට ඉල්ලයි

chandima Thursday, 04 March 2021 10:38 PM

දැන්ම බැහැ. තව මන්ත්‍රීලා සෑහෙන්න ඉන්නවා විදින්න. පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ, ගම් සභාවේ එහෙම... අඩුමගානේ අවුරුද්දක්වත් යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13262 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site