IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’මහමැතිවරණය ගැන මැතිවරණ කොමසාරිස් තීරණයක් ගත යුතුයි’

(මුදිතා දයානන්ද)

         

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා තීරණයක් ගත යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර  දිසානායක මහතා අද  (16) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කිරිම සඳහාත්, ජනතාව විපතට පත්වීම වැළැක්විම සඳහාත් අපි මහමැතිවරණය වෙනුවෙන් රැස්වීම්, ජනහමු, පැවැත්වීම නැවැත්තුවා. ඒ වගේම ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනත් නවතා දැමුවා. එය අප මේ මොහොතේ කළ යුතුම දෙයක්.

එහෙත් මැතිවරණයක් අවස්ථාවකදී මේ ක්‍රියාමාර්ග හැර ජනතාව දැනුවත් කිරිමටත් ප්‍රචාරක කටයුතු සිදුකිරිමටත් වෙනත් මාර්ගයක් අපිට නැහැ. අපිට නෙවෙයි හැම දේශපාලන පක්ෂයකටම මේ ප්‍රශ්නය බලපානවා. මෙවැනි තත්ත්වයක් යටතේ මැතිවරණයක් පවත්වන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මුදල් හදල් ඇති, මාධ්‍ය ඇති දේශපාලන ව්‍යාපාර ඒවා භාවිතා කර යම් ප්‍රචාරක වාසියක් ගනිද්දී ඒ හැකියාව නැති දේශපාලන ව්‍යාපාරවලට ජනතාව අතරට යන්න කිසිම මාර්ගයක් නැහැ.

ඒ වගේම මේ වෙලාවේ ජනතාව තුළත් මැතිවරණ මානසිකත්වයක් නැහැ. ඔවුන් තුළ මේ වෙලාවේ ප්‍රමුඛව තිබෙන්නේ මේ වෛරසය පිළිබඳ හැගීම් පමණයි. මැතිවරණයක් පවත්වන්න පුලුවන්ද කියන හැගීමක් බොහෝ දෙනා තුළ තිබෙනවා. ඒ නිසා හැමෝම අහන්නේ මැතිවරණය පවත්වයිද නැද්ද කියලයි. මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ මැතිවරණ කොමිසමටයි. ඒ නිසා මේ සියල්ල සළකා බලා වහා තීරණයක් ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (4)

’මහමැතිවරණය ගැන මැතිවරණ කොමසාරිස් තීරණයක් ගත යුතුයි’

පිටිගල මිලානෝ Monday, 16 March 2020 11:41 AM

කලින් තිබ්බත් පරක්කුවෙලා තිබ්බත් ඔයගොල්ලන්ට 1%ත් ෂුවර් නැහැ...

:       206       302

Bandula. Monday, 16 March 2020 12:15 PM

අනේ ලප මල්ලි දැන් ජනතාවට නුඹලාගේ උපදෙස් අවශ්‍ය නැහැ. ජනතාවට ඕනේ කොරෝනාවෙන් බේරෙන්න.. එ් නිසා නුඹලා දැන්වත් බොරුවට පුම්බාගෙන දඟලන්නේ නැතුව හිටියා නම් ලොකු සේවයක්...

:       0       0

chandima Monday, 16 March 2020 01:21 PM

ඔහෙලා කියන්නේ මේ වගේ මහා භයානක ආර්ථික ආපදාවක් වේලාවකදී රට භාරකාර ආණ්ඩුවක් සහ කිසිම බලයක් නැති ජනාධිපති කෙනෙක් යටතේ පවත්වාගෙන යන්න කියලද? මේ අයට අමු කැවිලද මන්දා?

:       1       0

athuraTuesday, 17 March 2020 04:40 AM

ඔය පොහොට්ටුවේ බහුතර අය හිතන විදිහ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site