(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේද අනුමැතිය ඇතිව ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කිරීමට රජය තීරණය කර ඇත.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (05) පැවැති කැබිනට් රැස්වීමේදී ඒ බව දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණු අතර එය ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දැනුම් දී තිබිණි.
ඒ අනුව මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරණයෙන් පසුව එය අත්සන් කිරීමටත් රජය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ මහා සත්‍යග්‍රහයට පුජනීය ප්‍රණාමය !
මෙයට සම්බන්ධ අනෙක් ගිවිසුම් දෙක අත්සන් කලේ රහසින්ද ? පාර්ලිමේන්තුවේ අනුමතියෙන්ද ?
හොඳ තීරණයක්!
ජනතා පරමාධිපත්‍ය අමු අමුවේ කෙලසමින් ජනමත විචාරණයකින් තොරව ජනවරමක් නැති පාර්ලිමේන්තු ඇමතීන් පිරිසකගේ ඩොලර් පිපාසය නිවා ගැනීමට ජාතියක් වශයෙන් අපි කිසිසේත්ම ඉඩ නොදෙමු. වසර 99ක් හෝ 200ක් ඇමෙරිකාවට මේ රටේ පුරාවිද්‍යා මරමස්ඨාන, සංවේදී රක්‍ෂිත වනාන්තර සපිරි උතුම් භුමිය දුෂණය කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙමු. මේ රට සිංහල ජාතිය විසින් සම්බුද්ධ ධර්මයට කැප කල පුජනීය භූමියක් බැවින් ප්‍රේතයින්ට, පිසාචයින්ට මෙහි බඩ පිනුම් ගැසීමට ඉඩ නොතබමු.! ජාතිය අවදිවව්...!!!
මෙම ගිනිගෙඩියට ඍජුව හෝ වක්‍රව අනුමැතියට තමන්ගේ කුර සහිත කකුල් උස්සන අයගේ නම්ගම් දැනගැනීම අහිංසක පුරවැසියන් ගේ අයිතිවාසිකමක් බැවින් එම නම්ගම් ප්‍රසිද්ධ කරන මෙන් සියලුම මාධ්‍යන් විසින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ජනතා විරෝදය හමුවේ අඩියක් පස්සට ගන්න වුණා නේද ?
පාර්ලිමේන්තුවේ ඉන්නේ 95% ක්‌ම ඩොලර්වලට දනගහන අය. මොවූන්ට රටේ ජනතාව ජනවරමක් දුන්නද, අපේ රට පිට රට්ටුන්ට විකුනන්න ? එහෙම ජනවරමක් දීලා නැහැ.
අපේ රට විකුණන් කන්න කවුරුත් ඉඩ දීලා නැහැ.
මේ මිලේනියම් චැලේන්ජ්ගි විසුම කියන්නේ මොකක්ද කියලා මට අහම්බෙන් දැකගන්න ලැබුනා යුටුබ් සමාජ ජාලයෙන්. මේ ගිවිසුම අත්සන් කලොත් ලංකාවට අබ සරණයි
එතකොට මේකට කොහොමත් අස්සන් කරනවද? එක වැරදිනේ. පෙර හෝ පසුව අත්සන් නොකළ යුතුය.
මේක සම්මත කරන්න ආණ්ඩුවේ අයට අත යටින් ඩොලර් කුට්ටියක් ලැබෙනවා ඇති. එ්කයි මෙයාලා මේක සම්මත කරන්න මෙච්චර දඟලන්නේ..
කරුණාකරලා හොදට අන්තර්ජාලයෙන් හෝ කියවලා බලන්න මෙම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැසූ අනෙක් 30,40 රටවල් අද දුප්පත්කමින් අත් මිදිලද නැත්නම් අනාතවෙලා ලොකු වියසන වල පැටලිලාද කියලා, ලෝකේ කොහෙවත් ඉන්න රටක ඇති රුදාව මොකද්ද අනිත් රටවල් දුප්පත්කමින් අත් මුදවන්න. මියක් කඩන්නේ අත් ලෙවකන්න නෙමේ. ලෝකේ බල තුලනය ඇමරිකාව චීනය ඉන්දියාව වැනි රටවල් අතර සිද්දවෙන්නේ , ඔය එකෙකුටවත් නොබැඳි සිටීමේ හැකියාව ඇති රාජතාන්ත්‍රික නායකයෝ නොව ඩොලර් පිපාසිත අධම ගවයෝ පත්කරගැනීමේ කරුමේ ගෙවමු.
ඇමතිලා බුරුවෝ. ඩොලර් වලට උදේ හවස වදිනවා ඇරෙන්න මේ අය කිසිම දෙයක් දන්නෙ නහැ.
මෙම ගිවිසුමේ අන්තර්ගතය කියවා ඇති කෙනෙක් ඉන්නවද? එය අනිත් අයගේ දැනගැනීම පිණිස පහදා දිය හැකිද? අන්තර්ගතය කිසිවක් නොදැන එහි හොඳ, නරක කීමට නොහැකිය.
මේ ගිවිසුම පිළිබඳව තිස්ස ජනනායක ගුරු පියාණන් යූ ටියුබ් එකේ ඉතා පැහැදිලි විස්තර කිරීමක් කර තිබෙනවා. සියලු ලාංකිකයින් එය නරඹා අපේ රටට යන්නට වෙන දේ ගැන දැනුවත් විය යුතුයි...
අනේ දෙයියනේ! ඉහත මගේ ප්‍රතිචාරයට අකමැත්ත ප්‍රකාශ කරපු ගැත්තන් මේ ලංකාවේ ඉපදුන අය නෙමෙයිද ?
ඔබ උප ගිවිසුම් 3 ත් කියෙව්වාද?