IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විරුද්ධත්වය ඉවත් කරගැනීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

යටිතල පහසුකම් සංවර්ධනය සහ මාර්ග තදබදය කළමනාකරණය කිරීම යන ප්‍රධාන කරුණු ආවරණය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස මෙම මුදල ශ්‍රී ලංකාවට හිමි වේ.

“මෙය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වගේම අනාගතය පිළිබඳ හොඳ නිමිත්තක්” යැයි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ප්‍රදානයට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අදාළ ප්‍රදානය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර කඩිනම් මැතිවරණයකට යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වියවුලක් ඇතිවිය.

2015 වසරේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර පෞද්ගලිකව සහ දේශපාලනික වශයෙන් ඇති වූ අර්බුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතුවිය.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් අතර ඒ අනුව වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර නිරන්තරයෙන් මතභේද හා ගැටුම් ඇති වූ අතර එම්.සී.සී. ගිවිසුමට අත්සන් තැබීම ප්‍රමාද විය. අගනුවර වන කොළඹ සහ ඒ අවට නගරවල මාර්ග තදබදය කළමනාකරණය කර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම අරමුණ ඇතිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට අත්සන් තබා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මූල්‍ය ප්‍රදානය ලබාගැනීමට උනන්දු විය.

නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු නොවන අතර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහායකු තේරී පත්වූ විගස ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුය.

සංචාරක නවාතැනක් ලෙස ශ්‍රී ලංකාව විදේශ ආධාර හා ණය මත දැඩිව යැපේ. දේශපාලන අස්ථාවරත්වය නිසා පසුගිය වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය වූයේ සියයට 1.8ක් තරම් අඩු වේගයකිනි.

269කට මරු කැඳවමින් හෝටල් තුනක් සහ කතෝලික පල්ලි තුනක් ඉලක්ක කරගනිමින් මේ වසර මුලදී ජිහාද්වාදීන් එල්ල කරන ලද මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාව නිසා ද ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය.

(ඒ.එෆ්.පී.  ඇසුරිනි)

055

 



අදහස් (21)

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය

Nuwan Thursday, 31 October 2019 01:38 PM

එක පැත්තකින් මුස්ලිම් අන්තවාදය. අනිත් පැත්තෙන් තමිල්නාඩු ගැත්තන්ගේ වියරුව. තවත් පැත්තකින් චීනය හා ඉන්දියාව දැන් ඒ මදිවට ඇමරිකාවත් කොටහක් සින්නක්කර ගනීවි වගේ. එදා ඉදන් කියන්නේ මාගේ මාතෘභූමිය විනාශ කළේ දේශපාලුවෝ.

:       1188       1347

NuwanThursday, 31 October 2019 03:04 PM

මට ඩිස්ලයික්ස් දාලා තියෙන්නේ රට ගැන නොහිතන දේශපාලු වහල්ලු සහ රට සින්නක්කර ගන්න බලන් ඉන්න පිටින් ආපු අන්තවාදීන් සහ පිටරට ගැත්තෝ.

:       914       1053

chandima Thursday, 31 October 2019 01:41 PM

ඩඩ්ලිගේ කාලේ ලංකාවට තිබුණු අවස්ථාව මගහැරුණු නිසා සිංගප්පූරුව බිහිවුණා. එදා එකට සමාජවාදී කාරයන් උසිගන්වලා අපිව අනාථ කලේ ඉන්දියාව. ජේ.ආර් ඇවිත් ඒ වැඩපිළිවෙල යළිත් ක්‍රියාත්මක කරන්න යනකොට කුට්ටිමනිලව පුහුණු කරලා එවලා එ්කත් නැති කලේ ඉන්දියාව. මේ වතාවේ අපේම මිනිස්සු උසිගන්වලා නැවතත් රට අනාථ කරන්න නොදී කටයුතු කිරීම රටේ දේශපාලන පක්ෂවලත් මාධ්‍යවලත් වගකීමක්... එහෙම නොවුණොත් සියයට අසූවකටත් වැඩියෙන් ජාතික අාදායම ණය ගෙවන්න වියදම් කරන රටක් වෙන අපිට හැමදාමත් වලේම තමයි ඉන්න වෙන්නේ...

:       513       1486

trump Thursday, 31 October 2019 03:41 PM

මේ මගේ කෙනෙක්නේ... අනේ අනේ... බටහිරත් වැටිලා දැන් තියෙන්නේ.. උඹ මගුලක් කියවනවා.

:       212       144

chandimaFriday, 01 November 2019 12:50 PM

බටහිර වැටිලා කියන්නේ ඔය විය සිදුරෙන් ඔහෙට පෙනෙන කට්ටිය. සල්ලි තිබුණු පලියටම ඒ පස්සෙන් ගිහින් චීනයටවත්, ඉන්දියාවටවත් රැවටෙන්න එපා. ඒ රටවල තවමත් කම්කරු ශ්‍රමය අපට වඩා ලාභයි. ඒ රටවලට විකුණන්න කිසිම දෙයක් අපට නැහැ. යමක් අද අපනයනය කළොත් හෙට එක ඒ ගොල්ලන්ම නිපදවා ගන්නවා. නමුත් මුදලේ අගය ඉහළ නිසා ඔය ඔබ කියන "වැටුණු" රටවල් වලට එ්ක කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ බලශක්ති වෙළඳපොල හොඳින් හෝ නරකින් හසුරුවන්නේ ඒ වැටුණාය කියන රටවල්... යුද බලයත් එසේමයි. විය සිදුරෙන් මග බලාගෙන මිරිඟුවක් පසුපස යන්නට එපා. ජාත්‍යන්තර වෙළඳපොල දිනාගැනීමට උත්සාහ කරන්න..

:       0       130

Raja Thursday, 31 October 2019 02:38 PM

හලෝ කව්රුත් මේ වෙලාවේ සිතන්න ඕනේ බලයට පත්වීම ගැන පමණි.

:       7       63

senarath Thursday, 31 October 2019 02:56 PM

මේ රජය දන්නවා මේ ගතවෙන්නේ අවසාන සති 2 බව... රනිල්, සජිත් හදන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ..., ඇමරිකාවේ ඉල්ලීම් ඉටුකිරීමක්. මොවුන්ට මෙහෙම රට පාවාදෙන්න ජනවරමක් රටේ ජනතාව කිසිම වෙලාවක දුන්නේ නැහැ.

:       1007       984

විනිවිද Thursday, 31 October 2019 04:31 PM

රනිල්, සජිත් කෙසේ වෙතත් අර පොහොට්ටුවෙන් ඉදිරිපත් කර තිබෙන ඇමෙරිකානු පුරවැසියනම් කොරහත් බිඳගෙන පැදුරටත් නොකියම ඇමෙරිකාවට යාවි. පසුගිය මැතිවරණයෙන් පසු සිදුවූයේත් මේ ටිකමය. අනෙක් කට්ටියට දැන් තේරිලා.

:       112       47

යාපා Thursday, 31 October 2019 03:20 PM

අවසාන මොහොතේ මේ රට විකුණලා හරි බලය ගන්න හදන යමපාලකයින්...

:       428       666

parakkramaThursday, 31 October 2019 04:50 PM

ඇමරිකානු පුරවැසියෙකු අපේ ශ්‍රී ලංකාවේ ජනාධිපති වුණොත් ඇතිවන තත්ත්වය කෙසේවෙයිද?

:       157       110

Namal Thursday, 31 October 2019 04:11 PM

යමපාලනය සදහටම තුරන් කරමු.

:       63       111

විජිත් Thursday, 31 October 2019 04:27 PM

ඇමෙරිකාව ආසියාවේදී හොඳටම නාගන්න තැන ශ්‍රී ලංකාවයි. ලෝකයේ හැමතැනටම හොට දාලා අන්තිමේදී පැනලා ගිය ඇමෙරිකාව. මදි නොකියන්න කනවා මේ රටේදී. විකල්ප දේශපාලන පක්ෂ ,ජවිපෙ වැනි පක්ෂ මේ විනාශය රටටම කියන්න ඕනා. මහජනතාව පාරට බස්සවන්න ඕනා. හමුදාව අනිවාර්යෙන්ම මහජනයාගේ පැත්ත ගන්නවා. මොකද ඒ අය ඉන්නේ රට ආරක්ෂා කරගන්න මිසක් රට විකුණන අය ආරක්ෂා කරන්න නොවෙයිනේ.

:       0       114

Chandana Thursday, 31 October 2019 04:28 PM

මේ ගිවිසුම කඩිමුඩියේ අත්සන් කරන එක ගැටලුවක්. ඒකෙන් සජිත් මහත්තයා ගොඩනගා ඇති ජනතා ප්‍රසාදයට හානියක් වෙන්නත් පුලුවන්.

:       0       1

[email protected]Friday, 01 November 2019 07:00 PM

යන්න කලින් එකෙනුත් ගානකට විදලා යන්නනේ ඔය හදිස්සිය.

:       0       6

බද්රානි Thursday, 31 October 2019 04:47 PM

අනේ මේ බොරු ලොකුකම් පැත්තක තියලා ඇමරිකාව දෙන ආධාරයක් අරගන්න ඕනේ. නැත්නම් ඉතින් සෝමාලියාවෙනුත් හිඟාකන්න වෙන දවස වැඩි ඈතක නැහැ. මැදපෙරදිග වහල් සේවයට හා ලෝකයේ ධනවත් රටවලට හිඟන්නන් පැටවීම සම්බන්ධයෙන් දැනටමත් ලංකාව කප් ගහලයි තියෙන්නේ. රට ඇතුලේ මහලොකු වංශක්කාරයින්ව, පිටරටවල් වලදිනම් ගණන් ගන්නේ නැහැ. ඇමරිකාවේ නොවේ වෙනත් රටක කොලණියක් වෙනවා නම් අඩු තරමේ ඔලුව කෙලින් කරගෙන ලෝකෙට මුහුණ දෙන්නවත් පුළුවන්. ජාතියයි,ධර්මයයි,දේශපාලනයයි ඉහට ගහලා දේශප්‍රේමයෙන් උන්මන්තකව සිටින ලෝකෙටම විහිලු සපයන අශිෂ්ඨයින්ගෙන් පිරුණු රට?

:       11       355

sharm warn Friday, 01 November 2019 03:29 AM

අඩුගානේ මේ උගුල් ගිවිසුමෙන් රටට වෙන්නේ මොනවද? අපිට වෙන්න යන්නේ මොනවද කියලා මෙලෝ තේරුමක් නැති අය කීදෙනෙක් ඉන්නවද කියලා මේ ඩිස්ලයික් වලින් ගණන් කරගන්න පුළුවන්. කියන්න තියෙන්නේ මෙච්චරයි. රනිල්ගේ මර උගුලට පින් සිද්ධ වෙන්න සජිත්ට ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැති කර ගත්තා. දෙයියනේ කියල අනිත් අපේක්ෂකයන්ට මිනිසුන්ට කියන්න හොද මාතෘකාවකුත් ලැබුනා. ඡන්දත් ටිකක් වැඩියෙන් ලැබෙයි. එයාලටත්, රනිල්ටත් තියෙන්නේ එක ඉලක්කයයි. මේ වතාවේ පරදින බව දැන දැනම මේක කරන්න යන්නේ එයාගේ මානසික රෝගයේ ලක්ෂණයක් නිසා. දැන් ඒක උත්සන්න වෙලා ඉන්නේ. බලාගෙන ඉන්න ඩොලර් හිගන්නට මොකද වෙන්නේ කියලා.

:       17       20

ශිරෝ Friday, 01 November 2019 04:12 AM

රට හරියටම මැදින් දෙකඩ කර කොරිඩෝවක් ඉදිකිරීමට ඇමරිකාව ඉතාම සද්භාවයෙන් ඉදිරිපත් වී ඇති බව සිතන්නට තරම් අපේ මිනිස්සු මෝඩද? මාර්ග තදබදය නැති කිරීම හා රට මැදින් වෙන්කර විදේශ සමාගමකට පැවරීම ඇතර සම්බන්ධය කුමක්ද? මෙය ඉතාම බරපතල කාරණවක්. අපේ රටේ ඉතාම වටිනා කොටසේ අක්කර ලක්ෂ ගානක් තම්න්ගේ සමගමක පාලනය යටතට ගැනීමෙන් ඇමරිකාව මේ රට බරපතල අර්බුදයකට හෙලා ආසියානු කලාපයේ තමන්ගේ මර්මස්තානයකට මුල්ගල තබයි. ඩොලර් මිලියන ගණනක් නොව බිලියන ගණනක් දුන්නද මෙවැනි ක්‍රියාවකට රටට ආදරේ මිනිස්සු ඉඩ දේවිද? මොන රටද තමන්ගේ රට විකුණලා දියුණු උනේ?

:       24       114

ආර්.වික්‍රමසිංහ Monday, 04 November 2019 08:44 AM

මම ඒක කරලා රට නිදහස් නිවහල් කරලා දෙනබව මෙයින් ප්‍රකාශ කරනවා.

:       0       2

Chanda Saturday, 02 November 2019 10:17 AM

වැපුරූ හැටියටයි නෙලාගන්නේ... යහපාලනයට එදා වැඩි ජන අනුමැතිය දුන්නා.

:       0       0

sharm warnTuesday, 05 November 2019 10:51 AM

එහෙම කරන්න වුනේ මහින්දගේ ක්‍රියා කලාපයේ හොඳකම නිසානේ.

:       0       0

Ratnamalala Sunday, 03 November 2019 10:27 PM

රට පාවාදෙන්නේ නැහැ කියන සජිත් එදා කැබිනට් එකේ හිටියේ නැද්ද? මේකට අනුමැතිය දුන්නේ නැද්ද කියා ජනතාවට පැහැදිලි කළ යුතුයි.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වැඩතහනම්වී නැවත සේවයට එන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණයක්
2025 පෙබරවාරි මස 18 68 0

වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන් පොලිස් රෝහලේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ පරීක්ෂණයකට පෙනී සිටිය ය


අපරාධ කල්ලි සමාජිකයෙක් ගිනි අවියක් -උණ්ඩ 14ක් සමඟ අල්ලයි
2025 පෙබරවාරි මස 18 43 0

දකුණු පළාතේ ක්‍රියාත්මක ප්‍රබල අපරාධ කල්ලියක සාමාජිකයෙකු විදෙස් රටක නිශ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 14 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පව


නාමල්ට අධි චෝදනා බාර දෙයි
2025 පෙබරවාරි මස 18 163 0

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් කෝටි හතක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු


කම්කරු නි.ඇමති හර්ෂට ගීයකින් පිළිතුරු දෙයි
2025 පෙබරවාරි මස 18 765 0

හර්ෂගෙ පාර්ලිමේන්තු කතාව ඇහුණු විට තමාට පණ්ඩිත් අමරදේවයන්ගේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා යන සින්දුව මතක් වූ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍


හර්ෂගෙන් ජනපතිට සුබ පැතුම්
2025 පෙබරවාරි මස 18 1222 0

ජනතාව ඉල්ලපු දේ දී ගන්න බැරි වූ ජීවිතේ ආණ්ඩුව තමා ඉල්ලන දේ දෙන්නේ කොහොමදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ අ


ඉන්දියානු සරසවි සිසුවා නාන තටාකයේ ඇදවැටී මරුට
2025 පෙබරවාරි මස 18 445 0

මැණික්හින්න ,කුණ්ඩසාලේ දම්බරාව ප්‍රදේශයේ නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි ඉන්දියානු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අතර සිසුවෙකු එහි නාන තටාකයේ ඇද වැටි ඔල


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 320 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 148 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 994 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site