
(රොමේෂ් මධුෂංක)
මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මිය ගොස් සිටයදී සොයාගත් දොළොස් හැවිරිදි දැරිය ගැබිනියක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
එමෙන්ම අදාල දැරියගේ කලලය ඉවත් කිරීමට යාමේදී සිදු වූ අධික රුධිර වහනයක් හේතුවෙන් දැරියගේ මරණය සිදුවන්නට ඇතැයි පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාවේ සඳහන්ව ඇත.
යෝගරාසා නිදර්සනා දැරිය පසුගිය 15 වන දා අතුරුදහන්ව ඇති බවට දැරියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සිදුකරන ද සෝදිසියකදී නිවසට මීටර් දෙසීයක් පමණ වූ කැලෑබද ප්‍රදේශයක තිබී දැරියගේ මළ සිරුර පසුගිය 18 වනදා සොයාගනු ලැබුවාය.
දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර දැරිය ගැබිනියක් වූ දැරියගේ කලලය ඉවත් කිරීමට ගත් උත්සාහයකදී සිදුවූ කැපුම් තුවාලවලින් අධික ලේ වහනය වීමකින් දැරිය මරණයට පත්වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ
මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් අරඹා ඇතැයිද පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් කෝ. මුල්ම වැරදිකරුවන්.
අපරාදෙ අහිංසක දැරිවියක්... බලකිරීමක්, පෙළඹවීමක් හෝ නොදැනුවත්කම නිසා අමාරුවේ වැටිලා අන්තිමට ජීවිතයෙනුත් වන්දිගෙවලා. පවු, නිවැසියනුත් අනිවාර්යයෙන් මෙම සිදුවීමට සම්බන්ධ ඇති මට හිතෙන හැටියට.. ඔවුන්ගෙන් දැඩිව ප්‍රශ්න කළ යුතුයි.