(ඔගස්ටින් ප්‍රනාන්දු)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු පහරදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලිසිය කියයි.
රෝහල් ගත කර ඇත්තේ ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර ( 60990) නමැත්තෙකි.
තුවාලකරු හලාවත පොලිසිය වෙත පැමිණ තමන්ට මන්ත්‍රීවරයාගේ ලොකු පුතා ඊයේ (29) රාත්‍රියේ බීමතින් පොලු පහරක් එල්ල කළ බවට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසියට පැමිණ ඇති මන්ත්‍රීවරයා තම ආරක්ෂාවට ලබා දී සිටි පොලිස් කොස්තාපල්වරයා බීමතින් තමන් හා ආරාවුලක් ඇති කර ගත් බවත් එම අවස්ථාවේ දී තම වැඩිමහල් පුත්‍රයා එම කොස්තාපල්වරයාව තල්ලු කිරීම නිසා ඔහු වැටී තුවාල ලබා ඇති බවත් සඳහන් කර පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය කියයි.
හලාවත පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට කවුද මෙතන ඇත්ත කියන්නේ?
අපි නොදන්නවද දේශපාලකයන්ගේ පුතාලගේ හැටි...
මන්ත්‍රී උණ හැදිලා. හිමින්සීරුවේ මෙයාව කොරවාට්ටුව වෙත යොමුකරන්න. කොස්තාපල් වරයා රෝහලේ ඉන්නා නිසා මද්‍යසාර පරීක්ෂණයකට ලක්කලොත් වඩාත් හොඳයි.
පොලිසියට පැමිණ ඇති මන්ත්‍රීවරයා තම ආරක්ෂාවට ලබාදී සිටි පොලිස් කොස්තාපල්වරයා බීමතින් තමන් හා ආරාවුලක් ඇති කර ගත් බවත් එම අවස්ථාවේ දී තම වැඩිමහල් පුත්‍රයා එම කොස්තාපල්වරයාව තල්ලු කිරීම නිසා ඔහු වැටී තුවාල ලබා ඇති බවත් සඳහන් කර පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය කියයි. මන්ත්‍රී කව්ද කියලා කියන්න එයා මෙච්චර බය එයාලා අපේ සේවකයෝ කියලා අමතක වුණාද?
මොවුන්ට මොකටද ආරක්ෂාවක්? මොකක්ද මේ රටට කරන සේවය?
වෙන රටකනන් මේ මන්ත්‍රී ඊලඟ ඡන්දෙන් ගෙදර. එහෙම නැත්නන් වහාම ඉල්ලා අස්වෙන්න වෙනවා. ඒකට අපේ වහල්ලු, ඊළඟ ඡන්දෙන් මෛත්‍රියි, පුතයි දෙන්නම පාර්ලිමේන්තු යවයි.
එහෙමනං දෙගොල්ලම බීමත්වද? මන්ත්‍රී පුතාට නම්, කළුබෝවිල රෝහලට ගිහින් වෛද්‍ය සහතිකයක් ගන්න පුළුවන් වේවි...
පුතාට ඊ ළඟපාර ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම් සපුරගන්නවා වගේ...
මෙයාට අතපය නැද්ද ආපහු හැරිලා නෙලන්න.
තවමත් නැද්ද මේ දෙන්නා බිමත්ව සිටියද කියා පරීක්ෂාකර බැලුවේ?
මන්ත්‍රීට පුළුවන්නේ තමන්ගේ පුතාට කියලා ආරක්ෂාව සපයාගන්න. හැලි අරක්කු බොන සේවලයින්ට මොන ආරක්ෂාවද? තාත්තලා පුත්තු එකට බීලා ගහගෙන දැන් තල්ලු කෙරුවලු. දීග යන වයසේ උනුත්... ගේ ඇතුලේ දැක්කේ නැත්ද?
රාමා මහතාණෙනි, මේ ගරු මන්ත්‍රීතුමා තමයි.. දැනට වසර ගණනකට පෙර රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමාටත් ගැහුවේ...
අනාගතයේ ප්‍රාදේශිය ඔටුන්න හිමි කුමරුන්ගේ වැඩ ඔහොම තමයි... ගණන් ගන්න එපා. ඔය කියන පොලිස් කොස්තාපල්ලා ගැනත් දෙයක් කියන්නේ මගේ අත්දැකීමට අනුවයි.. දිනක් මමත් පළාත් අමාත්‍යාංශයක සහකාර ලේකම්ලා තිදෙනෙකුත් රාජකාරියකට ගොස් කැබ් රථයකින් ආපසු එමින් සිටියදී මන්ත්‍රී ආරක්ෂක කොස්තාපල් කෙනෙකු ඉක්මනින් මන්ත්‍රිගේ කාර්යාලයට යන්න ඕනෑ මමත් අහවල් තැනට එක්ක යන්න කිව්වා. වාහනයේ වෙනත් කෙනෙකුට ඉඩක් නැතත් නැවත වතාවක කුමන බොරුවක් කියා හෝ තමා අත්අඩංගුවට ගනී කියා රියදුරුගේ බැගෑපත්වීම මත ඉතා අමාරුවෙන් ඔහු රථයට ගත්තා. රථයට නැගුන පසුව ජංගම දුරකථනය ගත් ඔහු සාන් මහත්තයා මම ටිකක් පරක්කු වෙලා එනවා මම ආවා ලෙසට සටහන් කරන්න කියා දිගින් දිගටම කාටද කිව්වා. රියදුරු හැර අපේ තිදෙනෙක් පොලිස් අධිකාරී තනතුරට සමාන තනතුරේ සිටි අය වන අතර මමද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ තනතුරට සමාන තනතුරක සිටියෙක්මි. ඒ ක්‍රියාවෙන් පසුව මගේ නම් මෙම මන්ත්‍රී ආරක්ෂක සේවය ගැන පවතින්නේ දැඩිම කලකිරීමක්.