IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මැති ඇමැතිවරු ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අමාත‍්‍ය පී.හැරිසන් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අමාත‍්‍ය පී.හැරිසන් මහතා සිය ඡන්දය අනුරා‍ධපුර මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේදී අද (16) උදෑසනම ප්‍රකාශ කළේය.


අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ප්‍රසාද් රුක්මල්)

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ඡන්දය බදුල්ල උදයරාජ මහ විදුහලේදී අද (16) ප්‍රකාශ කළේය


(ප්‍රසාද් රුක්මල්)

වඩිවේල් සුරේෂ් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සිය ඡන්දය බදුල්ල විශාකා උසස් බාලිකා විදුහලේදී අද ප්‍රකාශ කළේය.


රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප - මහේෂ් කිර්තිරත්න)

ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා තම මෑණියන් සමඟ මාතලේ අලුවිහාරය රජමහ විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු.


මංගල සමරවීර ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(තරංග ගුණරත්න)

ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා  මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වෙත පැමිණි ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.


අමාත්‍ය කබීර් හෂීම් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(රොහාන් කුමාර දිසානායක)

ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ලබා දීම සඳහා අමාත්‍ය කබීර් හෂීම් මහතා රන්වල මහානාග මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අයුරු.


රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ඡන්දය ප්‍රකාශ  කළ අයුරු

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මාතර ඇලවේල්ල පාර පුෂ්පාරාම පිරිවෙණේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු.


අමාත්‍ය සාගල රත්නායක ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අමාත්‍ය සාගල රත්නායක මහතා මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු.


නිමල් සිරිපාල ද සිල්වා ඡන්දය ප්‍රකාශ කළ අයුරු.

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු.


කනක හේරත් ඡන්දය ප්‍රකාශ කළ අයරු

(රොහාන් කුමාර දිසානායක)

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සහ හිටපු සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා කැගල්ල සාන්ත ජෝශප් බාලිකා මහ විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළ අයරු.


කංචන විජේසේකර ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා දෙවිනුවර දාපුලුසෙන් විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණි අයුරු.


ජොන්ස්ටන් ප්‍රනාන්දු ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(රවීන්ද්‍ර නෙත්තසිංහ)

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  සිය ඡන්දය රත්කරව්ව ගොඩකොටුව සමිති ශාලාවේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ප්‍රකාශ කළේය.


දයාසිරි ජයසේකර ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(හේමලතා ඩී හේවගේ)                                       

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද හෙට්ටිපොල මහින්දෝධය මහා විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.


තලතා අතුකෝරාල ඡන්දය ප්‍රකාශ කළ අයුරු.

(ලසන්ත නිරෝෂන පෙරේරා )

ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය කහවත්ත පනාවැන්න ධර්මාරාම විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව.


ඩලස් අලහප්පෙරුම ඡන්දය ප්‍රකාශ කළ අයුරු.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම මහතා දික්වැල්ල රදම්පල මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි අයුරු.


ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඡන්දය ප්‍රකාශ කළ අයුරු.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාකදුර මධ්‍යමහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි අයුරු.


අමාත්‍ය එම්.එච්.ඒ .හලීම් ඡන්දය ප්‍රකාශ කළ අයුරු.

(මොහොමඩ් ආසික්)

අමාත්‍ය එම්.එච්.ඒ .හලීම් මහතා කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිතා කළ අයුරු.


තේනුක විදානගමගේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(රංජිත් කරුණාවිර) 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා අද (16) මහියංගණ නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය.


අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(හේමලතා ඩී හේවගේ)

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (16) කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී  ඡන්දය ප්‍රකාශ කළේය.


කුමාර වෙල්ගම ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(තුසිත කුමාර ද සිල්වා) 

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද (16)  හොරවල නවෝද්‍යා මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශය කිරීමට පැමිණි ආකාරය ජායාරූපයේ දැක්වේ.


රෝහිත අබේගුණවර්ධන ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(තුසිත කුමාර ද සිල්වා)

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (16) බේරුවල පයාගල ශ්‍රී සිරිමුණි  විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශය කිරීමට පැමිණි ආකාරය ඡායාරූපයේ දැක්වේ.


ආරුමුගන් තොණ්ඩමන් ඡන්දය භාවිතා කළ ආකාරය

(රංජිත් රාජපක්ෂ)         

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා  කොත්මලේ රම්බොඩ වැවල්ටන් දමිල මහ විද්‍යාලයේදී අද (16) ඡන්දය භාවිතා කළේය.


රාජිත සේනාරත්න ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(තුසිත කුමාර ද සිල්වා)

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (16)   බේරුවල වර්ධනාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළ ආකාරය.


ලක්ෂ්මන් සෙනෙවිරත්න ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(රංජිත් කරුණාවීර) 

ඒක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අද (16) මහියංගන නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.



අදහස් (5)

මැති ඇමැතිවරු ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Chanak los angeles Saturday, 16 November 2019 05:50 AM

සජිත් ඡන්ද ලක්ෂ 6 කින් එහා ජයක් ලබනවා.. සුළු ඡන්ද කොට්ටාශ වලින් තමයි ඔහුට පාර කැපෙන්නේ..

:       160       221

ramaSaturday, 16 November 2019 09:41 AM

ලොස් අැන්ජලීස්වල ඡන්ද ගණන් කලොත් එහෙම වේවි..!!! ඡන්ද ගණන් කරන්නේ ලංකාවේ. දැනටම ගෝඨා දිනලා ඉවරයි...

:       1       1

gamralaSaturday, 16 November 2019 11:31 AM

ඔබ කතා කරන්නේ ඇමෙරිකාවේ ඉඳලනේ... ලංකාවට ඇවිත් බලන්නත් දැන් වෙලාවක් නැහැනේ. අන්තර්ජාලයෙන් ප්‍රතිඵල බලාගන්න...

:       1       1

chamath Saturday, 16 November 2019 07:00 AM

මේ අය තමයි අපේ රට විකුණන්නේ...

:       0       10

vidya Saturday, 16 November 2019 08:04 PM

කවුරු දිනුවත් අපිට අබ සරණයි. දිනන අය හොරා කයි. පරදින අය රට පනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31118 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13246 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 44 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 882 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site