රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය ඉවත්වී මාතෘභූමිය සුරක්ෂා කිරීම උදෙසා මාතෘභූමි ‘‘සුරක්ෂා පදනම‘‘ සංවිධානය කළ පා ගමනක් අද (06) සම්බෝධි විහාරයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණියේය.
නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සිංහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 400 ක් පමණ මෙම පා ගමනට එක්වුහ.
(ඡායාරූප සහ විඩියෝ ශාන්ත රත්නායක)












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම කඩේ යෑමක් ! බුදුන් මේ විකාර දැකීමට සිටියේ නම් ?
පා ගමන් යනවට වඩා මේ අවුල ඇති කරපු අයට අනුශාසනා කළා නම නේද වඩා හොඳ?
මාතෘ භුමිය සුරක්ෂා කරගත යුත්තේ සිවුරු පුරවාගෙන ඉන්න උතුමන්ගෙන්...............
හොරු රකින්න පින්ඩපාතේ ගියා වගේද?
මව්බිම කෙසේ වෙතත් මේ යන්නේ කා වෙනුවෙන්ද කියලා පැහැදිලියි. හොරුන්ට මිනීමරුවන්ට රට කාපු හොරුන්ට අවවාද අනුශාසනා දෙනවා මෙහෙම කඩේ යන්නේ නැතුව?
හරිනම් ඔය සංවිධානය නම් කරන්න තිබුනේ "මාතෘභූමි සුරක්ෂා පදනම" කියල නෙවේ "රාජපක්ෂ පවුල සුරක්ෂා පදනම " කියලයි.
වරද නිවරද කුමක් දැයි වටහා ගන්න බුදු දහමට අනුව. මෙම තත්වයට මුල් වුයේ කවුද? නීතියක් යුක්තියක් ව්‍යවස්ථාවක් නැති රටක් බවට පත් නොකරන්න . ගැතී භාවය ප්‍රදර්ශනය කරමින්, නීත්‍යානුකූල රජයකට එරෙහි වීම දේශප්‍රේමය නොවේ. රටවැසියා නොමඟ යැවීම බුදු දහමට අනුකූල නැත. .
පව් අහිංසක අලියා ඉස්සරහට දාගෙන, මාධ්‍ය ආවරණ ගන්න කරපු වැඩක්... ඕක පෙරහරක් නොවෙයි, නාරාහේන්පිට හොරුන්ට කඩේ යන බව හොරු ආරක්ෂා කරන බව මුළු ලොවම දන්නවා.
අපේ හාමුදුරුවනේ, මෙහෙමත් බණ කීමක් තියෙනවා . ඔය බණ ජානාධිපතිතුමාටයි, මහින්ද මහත්තයාටයි අහන්න සැලසුවොත් අගනෙයි...
මම රටේ ජනාධිපතිනම් මොනම ආගමක පූජක වරයෙකුට වත් දේශපාලනයට සම්බන්ධ වෙන්න ඉඩ තබන්නේ නැහැ. ඒ වෙනුවට හැකිපමණ ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලීමට කාලය හා අවකාශය ලබා දෙනවා. දේශපාලන නිළ කටයුතුවලදී පන්සල්, පල්ලි, දේවස්ථාන හා කෝවිල් වලට ගොස් පිරිත් නූල් හෝ වෙනත් ආගමික පුද පූජා මගින් ආශීර්වාද ලබා ගැනීම අකැප ලෙස සළකා ඒවයින් වැළකී සිටින ලෙස මැති ඇමතිවරුන්ට ආදර්ශයක් දෙමි. දේශපාලකයින් විශේෂයෙන්ම පන්සල් ගානේ රස්තියාදුවෙමින් ජනතාවට වැඩ කරන්න තිබෙන වටිනා කාලය කාදැමීම තහනම් කරමි. රාජකාරි වේලාවෙන් බැහැරව පෞද්ගලිකව ඕනෑ තරම් කාලය පන්සල් පල්ලිවල ගත කිරීමට බාධාවක් නැත. කෙටින් කියතොත් දේශපාලකයා දේශපාලනය පන්සලට හෝ දේවස්ථාන වලට ගෙන යාමත් පැවිද්දන් පන්සල පාර්ලිමේන්තුවක් කර ගැනීමත් පුර්ණ වශයෙන් නතර කරමි. මේ අන්දමින් තම තමන්ගේ ආගම්වලට අපහාසයක් සිදුවීම මෙන්ම බැතිමතුන්ට හිත් වේදනා ඇතිවෙන පහත පෙළේ හැසිරීම් වලටද තහංචි පණවමි.
උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ඇයි මේ රිජුෆොම් ලංකාවකට වඳින්නෙ ඇයි ? ආගම සහ ජාතිය පෙරට දමා කරන මේ සෙල්ලම වහාම නතරකර නිර්දේශපාලන , යහපත් පුරවැසියෙකු රටේ නායක කමට පත්කල යුතු කාලය පැමිණ ඇත. ඔහු ආගම කර තබා යන්නෙක් නොවිය යුතු අතර සියළු ආගම් සමානව සැලකන්නෙක් විය යුතුය.
මේ සියල්ල එක්තරා පාර්ශවයක් රජ කරවා, ඔවුනට එල්ල වී ඇති චෝදනාවලින් ගොඩයාමට සළස්වා තමන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කරවා ගන්නට සිදු කරන ව්‍යායාමයන් බව පැහැදිළියි. අන්‍යයන් හට බණ දෙසුවත්, මේ මහා සංඝයාවහන්සේලා තුල කළ යුත්ත හෝ නොකළයුත්ත හෝ කුමක් දැයි නොදන්නා බව පෙන්නුම් කිරීමේ එක් සාධකයක් වන්නේ හය හතර නොදන්නා, හරි දේ වැරදි දේ නොදන්නා, රටේ සිදුවන බරපතල සිදුවීම් ගැන කිසිදු අවබෝධයක් නොමැති, යන්නේ කොහේ ද ,කරන්නේ කුමක් ද ගැන අවබෝධයක් නැති කුඩා සාමනේරයන් වහන්සේලාද මෙවැනි දේශපාලන යටි අරමුණු ඇති කටයුතුවල යොදවා ගැනීමයි.
මේ අයම තමයි මේ විනාශය ඇතිකළේ..
අවුරුදු 18ට අඩු ළමයින් පැවිදිකර ගැනීම තහනම් කරපු දවසට තමයි මෙයාලගේ... මාතෘ භූමිය ආරක්ෂා කිරීමත් අවසන් වෙන්නේ ... !!!