IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මත්කුඩු ජාවාරම්කාර රැඳවියන් තිදෙනකු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කරයි

(ජයන්ත සමරකෝන්)

බන්ධනාගාරගතව හිදිමින් පිටත මත්කුඩු ජාවාරමක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකකරන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාම්කාර රැඳවියන් තිදෙනකු අඟුණකොළපැලැස්ස ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු හා වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවූ රැඳවියකු මේ අතර වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (16) පැවසීය.

බුද්ධි අංශ මගින් ලබාගත් තොරතුරු මත මෙම රැඳවියන් තිදෙනා හඳුනාගත් බවද ඉදිරියටත් එවැනි ජාවාරම්කාර රැඳවියන් සියලුම දෙනා කොළඹ බන්ධනාගාරවලින් පිටත බන්ධනාගාර වෙත මාරුකර යවන බවද උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කීය.

එවැනි රැඳවියන් බූස්ස හා අගුණකොළපැලැස්ස ආරක්ෂිත බන්ධනාගාරවල සිරකුටිවල රඳවා වසා තැබීමට උපදෙස් දී ඇතැයි ද ඔහු කීවේය.



අදහස් (0)

මත්කුඩු ජාවාරම්කාර රැඳවියන් තිදෙනකු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site