(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අද(23) පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සැකකාර පාසල් සිසුවාගේ නිවසට බැළලිය පැමිණීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි බැළලිය ඇති කළ අසල්වැසි කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සටහන් වේ.
තුවාල ලද බැළලිය සිසුවාගේ නිවස ආසන්න මාර්ගයේ දමා ගොස් ඇති බවද, අසල්වැසි කාන්තාව එහි යනවිටද බැළලිය මියගොස් ඇතැයිද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
බණ්ඩාරගම පොලිසිය සැකකාර පාසල් සිසුවාට පොලිසියට පැමිණෙන්නැයි දැනුම් දුන්නද ඔහු සිය දෙමව්පියන් සමඟ ප්‍රදේශය හැරගොස් තිබූ බවද, පසුව අද පැමිණ පොලිසියට බාර වූ බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.
පාසල් සිසුවා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
අද පාසැල තුළින් සත්ව කරුණාව පිළිබඳ ආකල්ප සිසුන්ට ලැබෙන්නේ නැහැ. අඩුගානේ දහම් පාසල් තුළින්වත් එම ආකල්ප ලැබෙන්නේ නැහැ. ඒකයි මේකට ප්‍රධාන හේතුව. මේ දක්වා කිසිම රජයක් මේ පිළිබඳ වැඩ සටහන් සිසුන්ට ඉදිරිපත් කරලා නැහැ. බුදු දහමේ මූලික මූලධර්මයක් තමයි සතුන්ට සැලකීම. ඒක බුදුන් වහන්සේ විවිධ අවස්ථාවල පෙන්වා දීලා තියනවා. විශේෂයෙන්ම මිහිඳු හිමියන් ලංකාවට ඒ බව මනා ලෙස කියා දීලා තියනවා. ඒත් ලංකාවේ පාලකයින්ට ඒවා වැඩක් නෑ. ලංකාව බෞද්ධ රටක් කියලා පුරාජේරු කතා කියන්න විතරයි ඕනෑ. හරිම කණගාටුයි.
අද අහිංසක පූසෙක් මැරුවට අනාගතයේදී මනුස්සයෙක් වුණත් මරන්න බැරි නැහැ..
මැරීම හොඳ නැහැ. නමුත් නීත්‍යානුකූලව වරදක් නැහැ. තමන් සත්තු හදනවා නම් අනෙක් අයට කරදරයක් නොවිය යුතුයි. හරි නම් පොලිසිය සතාගේ අයිතිකාරයාට නඩුදාන්න ඕනේ...
සතෙකුට අපි කතා කරන භාෂාවෙන් යන නොයන තැන් කියා දිය නොහැක. උන් සමහර අවස්ථාවලදී ගෙදරින් පිටත ඇවිදීම සාමාන්‍ය දෙයකි. එවැනි සතෙකු සහාසික ලෙස මරා දැමීම අමනුස්සකමකි. නමුත් ඔබ ලියා ඇති අදහස දුටු විට මා සිතන්නේ මා ඉහත කිව් දෙය ඔබට නොතේරෙන බවකි.
සුනිල්, ඔබට මොලයක් තියෙනවද?
පුදුම ගොන් කතවක්නේ මෙයා කියන්නේ. අම්මා තාත්තා වුනත් අනුන්ට කරදයක් වුනොත් මරනවද ?
සුනිල් මහත්තයෝ.... ඔයාගේ මොලේ නැද්ද? එහෙමත් නැත්නම් මක්වෙලාද? ඔන්න ඔහේ ලියලා දාන්නකෝ...!!!
බැළලියක් මරපු නිසා පොලිසි ගියා. කුකුළෙක් හරි, එළුවෙක් හරි මැරුවා නම් දෙගොල්ලොම හරි සන්තෝසයෙන් බෙදාගනීවි. අනේ අපේ මිනිසුන්ගේ සත්ව කරුණාව...
මම බළල් ලෝලියෙක්.. එ්ත් මම කියන්නේ ඔය කොල්ලා උගේ කොලුකමට කළ දෙයක්... ඔය පිස්සු හැදෙන වයසේ ළමයි අතින් ඔහොම දේවල් වෙනවා. එ්ත් හිරේ දාලා අන්ත දරුණු තක්කඩි ආශ්‍රය කරන්න දුන්නොත් සහතිකෙන්ම අපිට අනාගත අපරාධකාරයෙක් දකින්න පුළුවන් වේවි. ඔහුට අවශ්‍ය මානසික වෛද්‍යවරයෙක්ගෙන් ක්ෂණික කෝපය ඩිප්රේෂන් අඩුකරගන්න ප්‍රතිකාර, ඔහු කළ වැරැද්දට පැයදහයක් පාරක් සුද්ද කරන්න වගේ දඬුවම දුන්නාම ඇති...
සුනිල්ගේ මොලේ කචල් වෙලාද? සතෙක් මැරුවට නිත්‍යානුකූලව වරදක් නැහැ කියන්නේ. ඔබ දන්නවද සතෙකුට හිංසා කිරීම, ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව..
ගෙවල්වල සත්තු හදනවා නම් අනුන්ට කරදරයක් නැතිවෙන්න හදන්න ඕනේ. මැරීම හොඳ නැති වුණත් වරදක් නැහැ. කොල්ලට අවවාදයක් කරලා නිදහස් කරන්න. අනෙක් කෙනාටත් සත්තු පිට ගෙවල්වලට එවන්න එපා කියලා අවවාද කළයුතුයි.
අනිවාර්යෙන්ම දඬුවම් කල යුතුය. මෙම වයස තුල මෙහෙම කරනවා නම් පස්සේ මිනී මැරුමක් උනත් කරන්න බැරි නෑ
ඔය ළමය යන්නේ ජාත්‍යන්තර පාසලකට.
ලංකාවේ කොච්චර මිනී මැරුවත් ප්‍රශ්න නෑ, හැබයි බල්ලෝ බළල්ලු නම් මරන්න එපා.
අපේ රටේ ගොඩක් මිනිස්සු ප්‍රශ්න දකින්නේ වෙනස්ම විදියකට. සුනිල් කියන දේ හරිම වැදගත්. වරදට සහ නොවරදට ලොවේ නැති තර්ක නොකර සබුද්ධිකව හිතන්න.
පුසා මරුවා කියලා හිරේ යනවනම් , නමගිය පුද්ගලයින් අතින් අසරණ බුද්දිමත් මිනිසුන්ගේ ජිවිත කියක් නම් විනාස වුනාද. අනේ දෙවියනේ දෙවි කෙනෙක් ඉන්නවනම් දෙවියන්ට මේවා පෙන්නේ නැත්ද. නැතිනම් ඒ දේ හරි නිසාද, මොවුන්ගේ අත්වලට පිරිත් නුල් බදින්නේ ආරක්ෂාවට මේ කට්ටිය දෝත් මුදුන් තියලා වදන්දනාමන කරන්නේ , බෞද්ධ රටක ඉන්න නිසා වෙන්න ඇති.
ඔබ හරියට හරි සුනිල්. ලංකාවේ ගෙවල්වල පූසෝ බල්ලෝ හදන්නේ අනික් මිනිසුන්ට කරදයක් වෙන විදිහට.
මොනවා කිව්වත් බුදු දහම! මේ මොන බොරුවක්ද? අල්ලපුවත්තට යවන්න ගෙවල් වල පුසෝ බල්ලෝ හදල අවට මිනිස්සුන්ට වද දෙන එක බුදු දහමට එකඟද? ඔය පුසා හිමිකාරිය ඉස්සෙල්ලම හිරේ දමන්න මහජන පීඩාවක් ඇති කරාට. අපේ අල්ලපු ගෙදර කට්ටිය දැන් දවස් ගණනක ඉඳන් කොහෙද ගිහින්. ගෙදර හදන පුසා අපි දිහා බලාගෙන දුකෙන් කෑම ඉල්ලනකොට දෙනවා. අපේ වත්තේ ජරා කරනවා. ඒවාට මොකද දෙන්න ඕනේ දඬුවම්? නීතියෙන් කටයුතු කරන්න ගියොත් අපිට තර්ජන එනවා නියතයි. හේතුව ඔවුන් ආරක්ෂක අංශයට සම්බන්ධව හිටි අය. මේවා ගැනත් හිතමු.
මේ අය ජීවිතේට බිත්තරයක් හාල්මැස්සෙක් කාල නැහැ වගේ බන දේශනා දෙන්නේ, අපි එහෙම කන සත්තුත් මරලා තමයි කන්නේ.