(සුජිත් හේවාජුලිගේ, ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී )
බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය අත්පත් කරගැනීමට ඉඩදීම වැරදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව කී දිසානායක මහතා වික්‍රමසිංහ මහතා දැන් අරලියගහ මන්දිරයෙන් ඉවත් විය යුතු බවද කීවේය.
දිසානායක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මේවට මොනවා හරි කරන්න. කතා කළාට මදි..
2015 දී බහුතරයක් නොතිබුණු පක්ෂයකට අගමැතිකමත් දීලා රජයක් පිහිටුවන්න දීපු අවස්ථාවේ රතු මල්ලිගේ කටේ පිට්ටු තිබුණද?
ජවිපෙ ස්ථාවරය අපැහැදිලියි. එජාප ගැතිබවක් පෙනේ. එක් ධනේශ්වරයෙකු හෝ සාධාරණීකරනය කරන්ට නොගියා නම් මැනවි. මේ පක්ෂ දෙකෙන්ම වෙන්වූ ඡන්ද නිසැකවම ගන්නට තිබූ අවස්ථාව නැතිකර ගත්තා යැයි සිතේ...
හලෝ රනිල්ට 41න් අගමැතිවෙන්න පක්ෂයේ බහුතරය තිබුණාද? ඒ කාලේ ජනාධිපති ඒ පැත්තේ නිසා රනිල් අගමැති වුණා. අද එ්කේ අනික් පැත්ත... දැන් අපේ වාරය. අපේ වාරය දෙන්න බැරිනම් යන්න ඡන්දෙකට... වැඩේ එතරම්ම සිම්පල්... කොක්කෙන් බැරිනම්, කෙක්කෙන් පොහොට්ටුව බලයට ඇවිත් ජනතාවට ජීවත්වීම පහසු කරනවා.
අනුර කුමාර මහත්තයෝ දැන් ඔබතුමා අරලියගහ මන්දිරයට යන්නද කල්පනාව. කාට කෑ ගැහුවත් ඔබතුමාලට බලයක් හම්බවෙන්නෑ එක බය වෙන්න එපා.
එතකොට ජවිපේ ආසන 6ක් විතරක් තියාගෙන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම කරපුවා අවුලක් නැද්ද?
ඉතින් දෙවියනේ එහෙමනම් හරියට ගත්තොත් එකම ආසනයක්වත් දිනාගත්තේ නැතුව, අනුපාත ක්‍රමේට පින්සිද්ද වෙන්න පාර්ලිමේන්තුවට ඇවිත්, රටට වැඩක් ඇති කිසිම වැඩකට සහභාගී නොවී, කරන්න යන හැමදේකටම අකුල් හෙළ හෙළ, පඩි ගන්න පිරිසකට පාර්ලිමේන්තුවේ එන්න දෙන එක වැරදි නැතිද?
ජවිපෙ නිවැරදි මාවතට ගෙන එ්මට කල හැකි එකම දේ පක්ෂ නායකත්වය ලාල්කාන්ත සහෝදරයාට ලබාදීමයි