IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


බස් රථවල වාදනයට සුදුසු ගීත ලැයිස්තුවක් ජනවාරියේ සිට

(දමිත් වික්‍රමසේකර)
 

පෞද්ගලික බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක්  ලබන ජනවාරි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර තිබේ.

බස් රථවල වාදනය වන ඝෝෂාකාරී සංගීතය නවතාලීම සඳහා රජය මීට දායක වන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

බස් රථවල ඝෝෂාකාරී සංගීතය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මහජනතාවගෙන් 15,000කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

නව රෙගුලාසි අනුව, පෞද්ගලික සහ ලංගම යන බස් රථ දෙවර්ගයේම, සීඩී පට සහ පෙන්ඩ්‍රයිව් වාදනය තහනම් කිරීමට නියමිතය.  එසේම බස් රථවල ගුවන්විදුලි යන්ත්‍රවලින් නිකුත් වන ශබ්ද නාද සඳහා සීමාවක් නියම කිරීමට ද කටයුතු කෙරේ. 

(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි)



අදහස් (40)

බස් රථවල වාදනයට සුදුසු ගීත ලැයිස්තුවක් ජනවාරියේ සිට

Asanga Wednesday, 25 December 2019 08:00 AM

අගය කළ යුතු කටයුත්තක්.මොකද මගීන්ට මේ සංගීතය ලොකු හිරිහැරයක්.

:       6       399

නිමල් Wednesday, 25 December 2019 08:17 AM

හොද රියදුරන් ටිකක් සහ කොන්දොස්තරලා ටිකක් පත් කරන එක වඩා හොඳයි.

:       2       275

Wedage Wednesday, 25 December 2019 08:18 AM

දේක කවදාවත් වෙන දෙයක් නෙවේ. පිස්සු වැඩ. කිසි කෙනෙක් ඔය නීති පිළිපදින්නේ නෑ. ඉස්සර ලංගම බස් වල සින්දු දැම්මේ නෑ. දැන් ඒකටත් එක්ක....බස් වල යන්න ඕනේ හින්දා යනවා. මෙනෙ නීති ගෙනාවත් කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. මේවා ගැන කතා කරලා වැඩක් නෑ.

:       231       202

Anura Wednesday, 25 December 2019 08:18 AM

අපිට නම් කිසිම සින්දුවක් අහන් ඕනේ නැහැ. නිදහසේ යන්න තිබ්බ නම් ඇති.

:       1       280

Mohamed Wednesday, 25 December 2019 08:21 AM

හොඳ තීරණයක්......

:       15       209

රවින් Wednesday, 25 December 2019 08:22 AM

වැඩේ හොඳයි. හැබැයි කොමිෂන් එහෙම කොහොමද දන්නේ නැහැ. මේ දේශපාලුවන්ටනම් කොමිෂන් නැතිනම් කිසිම දෙයක් බැහැ.

:       0       51

jayarathna Wednesday, 25 December 2019 08:26 AM

හොඳ වැඩක්. ස්තුතියි.

:       1       205

mihira Wednesday, 25 December 2019 08:30 AM

මේ සංදර්ශන වලට වඩා ගොඩක් වටිනවා දුප්පත්, උපාධියක් තියන් රැකියා නොමැති එදිනදා වේල පිරිමහගන්න බැරිව දුක් විදින ජනතාවට මොනා හරි සහනයක් වන වැඩ පිලිවලක් ගැන හිතුවොත්....... නේද? නැතිනම් මෙයාලගේ පාලන කාලෙත් සංදර්ශන වලින්ම නිමාව දකි.

:       444       383

IndikaWednesday, 25 December 2019 09:47 AM

පහුගිය අවුරුදු 4හි ඔයා කොහෙද හිටියේ? නිදාගෙනද නැගිට්ටේ?

:       53       117

GuneThursday, 26 December 2019 01:39 AM

අන්තරේට විද්ද වතුර පාරවල් ටිකම ලොකු සේවයක් ඒ ආණ්ඩුවෙන් කරපු. මේ ආණ්ඩුවෙන් ටිකක් වැඩිපුර නා ගන්න ලැබෙයි. එකත් ලොකු සේවයක්. එහෙම හිතලා සෑහිමට පත්වෙන්න. ඔය ගොල්ලන්ට ආණ්ඩුවේ රස්සාවල් මිසක් පුද්ගලික අංශය අංශයේ රස්සාවල් හරියන්නේ නැහැ. ඇයි, පුද්ගලික කට්ටිය මොකක් හරි කරලා රටට යමක් දීලා හමබකරන උදවිය.

:       0       20

Ratne Wednesday, 25 December 2019 08:45 AM

හොඳ තීරණයක්. අවම වියදමකින් කළ හැකි ජනතා සේවයක්.

:       1       235

පාරිසරික ශබ්ද දුෂණය නවතමු... Wednesday, 25 December 2019 09:00 AM

සියලුම විහාරස්ථානවලට " ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර " පිළිබඳව ඇති චක්‍රලේඛය යවන්න. දැන්නම් කොහේ ගියත් කන් බීරි වෙන තරම් සද්දේ. අනික ඇහෙන සිල්ලර කවිබණ.. ඒක දැන් යස බිස්නස් එකක් වෙලා තියෙන්නේ. පුදුම කරච්චලයක් තියෙන්නේ.

:       10       344

Ruhunu Wednesday, 25 December 2019 09:01 AM

රජයෙන් හොඳ ගුවන්විදුලි සේවාවක් ආරම්භ කළා නම් හරිනේ. සියලු දෙනාටම අහන්න පුළුවන් ගීත විතරක් ඉදිරිපත් කරලා. එතකොට ගෙවල්වල ඉන්න අයට වුණත් හොඳ ඒවට සවන්දෙන්න පුළුවන්...

:       2       10

Wela da sewayaWednesday, 25 December 2019 03:10 PM

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ වෙළඳ සේවය අහන්න.

:       0       4

චන්දන Wednesday, 25 December 2019 09:02 AM

පොදු ප්‍රවාහන සේවාවන් තුළ වාදනයට සුදුසු ගීත ලැයිස්තුවක් දෙනවා වෙනුවට වාදනය සම්පූර්ණයෙන් නවතා දැම්මා නම් ඉවරයි. පොදු ප්‍රවහන සේවාවක් නිසා විවිධ මානසික තත්ත්වයන් තියන අය යනවා.. සමහරෙක් අසනීප තත්වයකින් ඉන්න ඉඩ තියනවා. තව කෙනෙක් සමහරවිට බොහෝ ශෝකජනක සිදුවීමකට මුහුණ දෙන අවස්ථාවක ඉන්න ඉඩ තියනවා. ඒ විතරක් නෙමෙයි, රියදුරු මහතාගේ පවා අවධානය අඩුවීම නිසා අනතුරු වෙන්න තියන අවස්ථාව ඉතාමත් ඉහළයි.

:       24       347

rohana kumara mendis Wednesday, 25 December 2019 09:28 AM

බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක්... එහෙම කොහොමද කරන්නේ? කාටවත් ඕනෑ ගීත පල කරන්න බැහැනේ... එක්කෝ තහනම් කරන්න කාටවත් ලැයිස්තු දෙන්න බැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්...

:       47       54

SudathWednesday, 25 December 2019 08:08 PM

ඊයේ පෙරේදා ඉපදුණු කෙනෙක් වගේ. හැමදේම පටලගෙන කුහක වෙන්නේ නැතිව හොඳදේට හොඳයි කියන්න.

:       0       0

Indika Wednesday, 25 December 2019 09:49 AM

LED ලයිට්ස් ගලවන්න කියන්න. බස්වලට කම්පැණි එකෙන් හයිකරලා එවන ලයිට්ස් තියනවනේ. සමහර සමහර බස් නයිට් ක්ලබ් වගේ...

:       0       76

banda Wednesday, 25 December 2019 10:04 AM

මොන සින්දුවක්වත් ඕනෑ නෑ. සින්දු ඕනෑ කෙනා හෙඩ් ෆෝන් එකක් ගහගෙන ඕන සින්දුවක් අහගෙන යාවි... පොත් පත්තර කියවන මිනිස්සු එ්ක නිදහසේ කර ගනීවි. නිදිය ගන්න අයට කනක් ඇහිලා නිදාගන්න පුළුවන්.

:       0       257

Gamage Wednesday, 25 December 2019 10:09 AM

දැන් මේවා තමයි අඩු... හාල්මිල ගණන අහස උසට.. එළවලු කන්න කන්න සල්ලි නැහැ. සංදර්ශන පවත්වනවා. මුලින්ම මිනිස්සුන්ට කන්න දෙන්න බොරුවට සින්දු දාන කතා ගැන කියනවා. මේවා හොඳයි ගැලරියට... ඇවිල්ලා මාසයක් වෙනවා කරපු දෙයක් නැහැ. තාප්පවල චිත්‍ර අඳින එක තමයි කරේ. බඩු මිල එහෙම්මයි...

:       273       368

de silva Wednesday, 25 December 2019 11:23 AM

වාහන වල විතරක් නොවේ... රෙකොර්ඩ් බාර්, මහාමාර්ගය අසල තිබෙන කඩවල, බලපත්‍ර නොමැතිව පල්ලි පන්සල්වල ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කරන ශබ්ද දූෂණය වහාම නතර කරන්න පියවර ගන්න.

:       0       172

සිසිර Wednesday, 25 December 2019 11:40 AM

සින්දු දැමීමේ අරමුණ කොටකොටා යෑම මගියාට අමතක කරවීමයි. ශාස්ත්‍රීය වුණත්, රැප් වුණත් කාලය කාදැමීම එහෙමම සිදුවෙයි.

:       3       331

Asanka Wednesday, 25 December 2019 11:54 AM

ෆාමසියකට ගිහින් රුපියල් 50කට කනේ ගහන ඇබ දෙකක් (නින්දේදී පාවිච්චිකරන) අරන් පර්ස් එකේ තියාගන්න. බස්රථ තුළ පුද්ගලික හෝ ආණ්ඩුවේ කාගෙවත් සිංදු වාදනය කරවන්නේ මොකටද? සින්දු දමන්නම ඕනද එන්ජිම දුවවන්න... මේ නාඩගම් හොඳයි ලංකාවටම... නොහැදෙන රටක් මොකක්කළත් නොහැදෙයි.. කනේ ඇබ ගහගෙන බස් එකේ යන්න.

:       0       61

Sisili Bisili Wednesday, 25 December 2019 12:42 PM

පැමිණිලි 15000ක්ම එනකන් මොකද කළේ? මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න මෙච්චර කල් ගියේ ඇයි?

:       0       155

කපුරුහාමි Wednesday, 25 December 2019 01:39 PM

පිස්සු නැත්නම් හොඳයි. බස්වල වාදනය කරන සින්දු කාටවත් ඕන විදියට තීරණය කරන්ඩ පුළුවන්ද? මාර යෝජනාවක් නේ...

:       30       21

RatneWednesday, 25 December 2019 11:29 PM

කොන්දොස්තර / රියදුරු ට අවශ්‍ය කන් කරච්චල බලෙන් මගීන්ට අස්සනවට වඩා මෙම තීරණය හොඳයි. වීශේෂයෙන් අධික ශබ්දය සහිතව ඒවා ක්‍රියාත්මක කිරීම නැවැත්වීම කළ යුතුමයි.

:       0       16

Wilson lokuralage Wednesday, 25 December 2019 02:02 PM

හොඳයි..

:       1       0

Walter White Wednesday, 25 December 2019 02:12 PM

තව ටික කාලෙකින් හෙයා ස්ටයිල් එක, රැවුලේ දිග පළල, කාන්තාවන්ගේ ඇඳුමේ දිග ගැනත් රෙගුලාසි ඒවිද? මේ තීන්දුව නම් බූරුවැඩක්, එහෙම නොවේ වෙන්න ඕනෑ, කවුරුහරි කෙනෙක්ගේ, තව කවුරුහරි ආසාකරන සින්දු තෝරලා දුන්නට වැඩක් නැහැ. බස්කාරයන් දාන ඈම්ප්වල සද්දෙට තමයි මොකක් හරි කරන්න ඕනෑ. ඉතින් රෙගුලාසියක් ඕනෑ වෙන්නේ බස් වල තියෙන ඈම්ප් ගලවලා වීසි කරන්න. අපි ඔය බස් කටු වල යන්නේ සින්දු අහන්න නොවේ. අපේ පාඩුවේ යන ගමනක් යන්න.

:       8       186

MaheeWednesday, 25 December 2019 03:34 PM

අන්න හරි, අපට ඕන අපේ පාඩුවේ බස් එකේ යන්න මිසක් බස්කාරයින්ගේ ප්‍රේම විලාපවලින් හෝ ආණ්ඩුවේ බයිලාවලින් හෝ කන්අඩි පුපුරවා ගන්න නෙමෙයි. ඉඳහිට මමත් අහුවෙලා තියෙනවා. බෆල්ස් හයිකරලා තියෙන තැනටම. අපොයි දෙවියනේ එහෙම වදයක්. බැහැලත් සෑහෙන වෙලාවක් යනකම් කන් ඇහෙන්නේ නෑ. කළයුත්තේ බස්වල මළකරදරේ නවත්වා දැමීම මිස ආණ්ඩුවේ සින්දු දැමීම නොවේ.

:       0       44

රවි Wednesday, 25 December 2019 03:54 PM

සරලම දේ පොදු ප්‍රවාහන බස්රථවල යන හැමෝටම සින්දු හෝ වීඩියෝ බැලීම අවශ්‍ය නැත. එසේ කරනවා නම් එක් එක් අයගේ අවශ්‍යතාවයට අනුව සිදු කරන්න. නැත්නම් ඒවා වාදනය කීරීම නවත්තන්න රජයකට හැකිවිය යුතුයි.

:       0       14

Manju Wednesday, 25 December 2019 03:59 PM

රටේ තියන ලොකුම ප්‍රශ්නය බස්වල දාන සින්දුද?

:       39       128

mifu Wednesday, 25 December 2019 06:38 PM

1 වැනිදා බලමුකෝ ඒ වෙනස සැපද කියලා..

:       3       9

ඉන්දික Wednesday, 25 December 2019 07:09 PM

සිංදු ඕනෙම නෑ. ඔය කැසට් තඩි ගලවන්නම නීති ගේන්න. එතකොට කැමති අයට පුලුවන් තමන්ගෙ ස්මාර්ට් දුරකතනෙට හෙඩ් සෙට් එකක් ගහලා කැමති සින්දුවක් අහන්න. ඒක කොච්චර සැනසීමක්ද..

:       0       1

Champa Wednesday, 25 December 2019 08:51 PM

ඇත්තටම ඔය සංගීතය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා නම් තමයි හොඳ. බස්වල යන මිනිස්සුන්ට සංගීතය රස විඳින්න තරම් මානසිකත්වයක් නැහැ. ඇත්තටම කිව්වොත් මිනිස්සුන්ට කල්පනා කරන්න හුඟාක් දේවල් තියෙනවා යන ගමන අතරතුර. තමන්ගේ ගමන විවේකී මනසකින් යන්න තමයි මිනිස්සු කැමති. බස්රථවල සංගීතය සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මොත් මිනිස්සු පොත් පත්තර සඟරා කියවන්න පටන් ගනියි ගමන අතරතුර.

:       0       1

ranjith Wednesday, 25 December 2019 10:39 PM

අගය කළ යුතු කටයුත්තක්.

:       0       0

malu paan Thursday, 26 December 2019 01:04 AM

පුජනිය ස්ථානවල ශබ්ද විකාශන වලටත් නීතියක් ගෙනාවොත් හොඳයි.

:       0       2

Sanju Thursday, 26 December 2019 02:16 AM

ගොඩක් වටින යහපත් සමාජයක් බිහිකිරිමේ ගමනක වෙනස් විය යුතු තැනක්

:       1       0

gamini Thursday, 26 December 2019 03:11 AM

ඔය එක්කම ටීවී රේඩියෝත් පාලනය කරන්න.

:       0       1

lalithm Thursday, 26 December 2019 04:18 AM

බස් එකේ සද්දෙත් එක්ක මොන සින්දුද? ශබ්ද දුෂණය නවතා දමන්න බැරිද? ඕනේ අයවලුන් කනේ ඇබ ගහගෙන මොබයිල් එකෙන් සින්දු අහගත්තාවේ.

:       0       0

Mahesh Thursday, 26 December 2019 04:26 AM

මිනිස්සුන්ට කන්න නැහැ. මෙයා බස්වල සින්දු ගැන කතා කරනවා..

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලසන්තගේ දියණියගෙන් අගමැතිට ලිපියක්
2025 පෙබරවාරි මස 06 28 0

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්‍ර


මන්නාරම සුළං විදුලි බලාගාරය හේලීස් ෆෙන්ටන් සමාගමට
2025 පෙබරවාරි මස 06 218 0

මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.


ජනපති නීතිපති කැඳවයි
2025 පෙබරවාරි මස 06 602 0

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් ප


ගිරිඋල්ල පොලිසියේ ලොක්කෝ දෙකක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 06 403 1

දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන


11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට
2025 පෙබරවාරි මස 06 427 1

මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වර


අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා
2025 පෙබරවාරි මස 06 1439 14

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 798 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 750 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site