(ක.ග.කරුණාරත්න)

මාදුරුඔය ජාතික වනෝද්‍යානයට බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ඇතුලුවී එහි රැඳී සිටි පුද්ගලයන් 10 දෙනෙකුට අදාල චෝදනාවලට වරද පිලිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් විත්තිකරුවන් 10 දෙනාට රුපියල් 1,50000ක මුදලක්  දඩ වශයෙන් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්. එම් වයි වාසල මහත්මිය අද(10) නියෝග කළාය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්.ජ.වීරසේන මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයැවීය.