
(විනීතා එම් ගමගේ)
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ, හිමිකරුවන් ඉදිරිපත් නොවූ පාර්සලයක් විවෘත කිරීමේ දී මත් පෙති විශාල ප්‍රමාණයක් තිබී හමුවී ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මීට මාස කිහිපයකට පෙර එය බෙල්ජියමෙන් එවා තිබිණි. එම පාර්සලයේ දේශීය ලැබුම්කරු දන්වා ඇතත් එය ව්‍යාජ ලිපිනයක් වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින්ගෙන් යුත් කමිටුවක් ඉදිරියේ එම පාර්සලය විවෘත කිරීමේ දී මත් පෙති විශාල තොගයක් හමුවූ බව ඒ මහතා සඳහන් කළේය.
සත්ව ආහාර හා චොක්ලට් සහිත එම පාර්සලයේ සූක්ෂම ලෙස රඳවාගෙන ආ මත් පෙති රේගු බාරයට ගෙන පරීක්ෂණ පවත්වන බවත් මේ වනවිට එම පෙති ප්‍රමාණය ගණනය කරමින් ඇති බවත් රණසිංහ මහතා කියා සිටියේය.
විදේශ රටවලට යවන හා විදේශ රටවලින් එවන සියලු පාර්සල් තැපෑලේ ඇති විශේෂ එක්ස් කිරණ යන්ත්‍ර වලින් පරීක්ෂා කරන අතර එසේ පරික්ෂාවෙන් පසු සැක කටයුතු පාර්සලයක් ලෙස වෙන් කර තිබු එකක් බවත් එහෙත් හිමිකරු සොයා ගැනීමට උත්සාහ කළ බවත් කී නියෝජ්‍ය තැපැල්පතිවරයා හිමිකරු නොමැති බැවින් පාර්සලය විවෘත කළ බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව වැඩිදුර පරික්ෂණ පවත්වනු ඇතැයි රණසිංහ මහතා තවදුරටත් පැවසීය.
(ඡායාරූප - ඉන්දිකා රාමනායක)

2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙල්ජියමෙන් ව්‍යාජ ලිපිනයකට එවූ පාර්සලයක මත්පෙති තොගයක්
INDIKA Thursday, 07 January 2021 12:54 PM
මේක ඇමැති කෙනෙක්ගේ දෝ මන්දා ... දෙයියෝ දනී... අපි තවම නොදනී.
මහීලල් Thursday, 07 January 2021 03:57 PM
ඕක තැපෑල ඇතුලේම එකෙකුත් සම්බන්ධ වැඩක් වෙන්න ඕනෑ. රෙඩ් ලේබල් ගහපු ගමන් news එක එලියට යන්න ඇති. මීට පස්සේ සැක ඒවා කාටවත් දැනගන්න බැරි වෙන්න ඇහැගහගෙන ඉඳලා අයිතිකාරයා ආවහම අල්ල ගන්න පොඩි එවුන් හොරා පොලිස් කරනවා වගේ නැතිව...