IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු කොටුවෙයි

(   හැටන් රංජිත් රාජපක්ෂ  )                       

බිරිදට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා වසර 14 කට පසු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශය පවසයි.

2007 වසරේ සැකකාර සැමියා තලවකැලේ තැපැල් කාර්යාලයේ සේවය කර ඇති අතර , ඔහු තලවකැලේ වටගොඩ වත්තේ එවකට පදිංචිව සිට ඇත.

මෙසේ පොල්ලකින් පහර දි ඝාතනය කර ඇත්තේ ජෙස්මින් රංජනි නැමති (49) හැවිරිදි දෙදරු මවකි.

බිරිද ඝාතනය කිරිමෙන් අනතුරුව සැකකරු ඇඹිලිපිටිය තුංගම ප්‍රදේශයට ගොස් පදිංචි වි සිටියදි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන පොලිස් නිලධාරි කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් 74 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අද (23) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2009 වසරේ කල නියෝගයක් මත ඝාතනය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශය විසින් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශයේ ජෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්ත ඩි සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ එම පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

 

 



අදහස් (1)

බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු කොටුවෙයි

fairoos Thursday, 23 December 2021 01:21 PM

කොහොමද අපේ පොලිසියේ වැඩ නියමයි

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site