(තිළිණි ද සිල්වා)
පසුගිය පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන වෝහාරික පරීක්ෂණ කටයුතු වලට 20 දෙනෙකු ගෙන් යුතු ඕස්ටේ‍්‍රලියානු නිලධාරීන් කණ්ඩයමක් සහාය දක්වන බව ඕස්ටේ‍්‍රලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (4) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මේ වනවිටත් එම කණ්ඩායම කොළඹ රැඳීසිටිමින් අදාළ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වෙමින් සිටින බවද එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.
ඕස්ටේ‍්‍රලියා අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාළ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සම්බන්ධයෙන් එරට දක්වන සහාය පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිලිතුරු ලබා දෙමිනි.
කුඩා ළමුන් 58 දෙනෙකුට පමණ මරු කැඳවමින් 500කට තුවාල සිදු කරමින් සිදු වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය ඉතාම බියකරු ප‍්‍රහාරයක් බව සඳහන් කළ ඕස්ටේ‍්‍රලියානු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ එම බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු වලට ඕස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලීසිය මුල සිටම ශ්‍රී ලංකා බලධාරීන්ට සහයෝගය ලබා දුන් බවයි.
එමඟින් පීඩාව පත්වූ ජනතාවට යුක්තිය ලබා ගැනීමට තරමක් දුරට හැකිවනු ඇතැයි තම රජය අපේක්ෂා කරනා බවත් ඕස්ටේ‍්‍රලියා අමාත්‍යවරයා කියා සිටියේය.
එය දෙරට අතර ඇති ද්විපාර්ශවික සහයෝගය හා අවබෝධය මත මෙම සියලූ සම්බන්ධීකරණයන් සිදුවූ බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS
හොයන්න දෙයක් නැහැ. එක්කෙනෙක් සිටියේ ඔබගේ රටේ නේද? මිනිහා අැමතියෙකුගේ ඥාතියෙක් නිසා සුදු පිරුවටයක් අන්දලා මෙහාට ගෙනාවා. ඔන්න ඔහොමයි මේ ආණ්ඩුව ඕවට සපෝට් කලේ....
අනේ මල්ලිලා එනකොට ඔක්කොම හොයාගෙන ඉවරයිනේ? අනික ඔයාලා එවන්න යන්නේ අපේ ආණ්ඩුව ලෝක බැංකුවෙන් ණයට සල්ලි අරන් අපේම රටේ කොල්ලන්ට උගන්වලා ඉවර වුණාට පස්සේ ඔයාලගේ රටට ඇදගත්තු විශේෂඥයන් නේද? ඒ ණය පොලියත් එක්ක මෙහෙ ඉතුරු වෙලා ඉන්න අපි තවම ගෙවනවා. ඊළඟ වතාවේ එන්න... දැන් මේ වතාවේ නැව ගිහින් ඉවරයි.
තව කවුද ගෙන්නගන්න ඉතුරුවෙලා ඉන්නේ... නහයෙන් පෙන්නන්න පුලුවන් අපිට නම් හිරේදාල මරන්න යවන්න ඕන අය...
මුළු ලොවම උදව්වට ආවත් මේ ආණ්ඩුවවත්, අපේ සිරිසේන මහත්තයාවත් නෙමෙයි මේවා හොයන්න උදව් වෙන්නේ... එයාළට ලොකු රට නොවේ. ළඟ ළඟ එන ඡන්දයයි.
සුද්දට බැන්නට අන්තිමට සුද්දෙක් තමයි ප්‍රශ්නේ විසඳන්න එන්නේ.
තව මොනවා හොයන්න ද? අගමැති තුමා කිව්වේ දැන් මෙම සිද්ධියට වග කිව යුතු 99% අල්ලලා හෝ විනාශ කරලයි තියෙන්නේ කියලා.....