
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ බන්ධනාගාරයේ මෙහෙයුම් කොමසාරිස්වරයා පහර දුන්නැයි පවසා බන්ධනාගාර නියාමකවරයකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
කොමසාරිස්වරයාගේ නිවස අසල ගේට්ටුවේ ඊයේ (28) රාත්‍රියේ රාජකාරි කර ඇති මෙම නියාමකවරයා කොමසාරිස්වරයා පැමිණෙන අවස්ථාවේදී නිදාගෙන සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් කොමසාරිස්වරයා ප්‍රශ්න කර ඇතැයි පොලිසිය කියයි.
නියාමකවරයා සන්තකයේ ජංගම දුරකථනයක් ද තිබී පොලිස් බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදා ගත්තත් කොමාට එහෙම ගහන්න බැහැ. මමත් ඔය රස්සාව කළ කෙනෙක් විදිහට කියන්නේ... අර නියාමක අන්තිම අහිංසකයෙක් වෙන්න ඇති.