
(ඩයනා උදයංගනී)
යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම් ක්ලෝරයිඩ්) පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ මෙම පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටත්, රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ඒවා ගොවීන් වෙත බෙදාදීමටත් නියමිතය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ 6ක් පමණ වගාකිරීමට අපේක්‍ෂිත බව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාච්මන්ට් අයිසින්, රියල් අයිසින් දාලා දුන්නට යටින් තියෙන්නේ පරණ රෝස් පාන් එකම තමයි කියලා හිතුණේ මට විතරද? එතකොට මේ බණ්ඩි පොහොර කාබනිකද?