IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


'බෝග වර්ග හතක බීජ ආනයනය සීමා කරයි'

(අංජුල මහික වීරරත්න)

මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය කිරීම සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු  හා රටකජු යන බෝග හයේ බීජ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

නාවලපිටිය අළුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානය මේ වන විටත් දෙමුහුන් බීජ කිලෝ 1500 ක් නිෂ්පාදනය කර ඇති බවත් බී ලූණු බීජ නිෂ්පාදනය මේ වන විට දඹුල්ල දිගම්පතන ගොවි බිම්වල සිදු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපලේ නිෂ්පාදනය කෙරෙන අතර  රතු ලූණු උඳු, රටකජු හා බඩඉරිඟු බීජ ද මේ වන විට සාර්ථකව නිෂ්පාදනය කෙරෙන බැවින් ලබන වසර අවසානයට පෙර මෙම බෝග සඳහා බීජ ආනයනය සීමා කෙළ හැකි බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙම සාකච්ඡාවෙිදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ⁣සඳහන් කර ඇත්තේ බීජ ආනයනය සීමා කිරීමෙන් පමණක් නොනැවතී 2024 වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් අල හා බී ලූණු ආනයනය 35% හා 30%කට සීමා කිරීමටත් කටයුතු කළ හැකි බවයි.



අදහස් (16)

'බෝග වර්ග හතක බීජ ආනයනය සීමා කරයි'

Nuwan Tuesday, 14 December 2021 02:44 PM

එක රැයෙන් කාබනික කොරන්න ගිහින් අනාගෙන ඉන්න ඔහෙලා දැන් බීජ ගෙන්වන එක නවත්වලා තව වටේකින් ගොවිතැන විනාශ කරන්න යන්නේ

:       3       30

BamunuarachchiTuesday, 14 December 2021 03:54 PM

පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ යෝජනා කරනකොටම බැරිකම කිව්වා. මෙහෙව් මිනිස්සු ඉන්න රටක් මෙසම්මත ජාතියේ ගොඩගන්න බැහැ.

:       30       10

seneTuesday, 14 December 2021 04:42 PM

මේ කියන දෑ මොහොතින් බොරු බව ඔප්පු වන මිනිසෙකුගේ වචන විශ්වාස කරන ඔබත් ඒ ගනයට අයිතිද ?

:       1       1

NuwanTuesday, 14 December 2021 05:03 PM

මේ දේශපාලුවෝ රටට කරපු එක සෙතක් කියන්නකෝ බලන්න

:       1       7

NandasenagrWednesday, 15 December 2021 06:15 AM

බොල බූරු පුතේ.උඹලා මේ හරක්ව තවම විශ්වාශ කරාට මිනිස්සු විශ්වාශ කරන්නේ නැහැ .කහ ආනයනය නැවත්තුවා .අදටත් කහ අඩු මිලට ගන්න බැහැ.කාබනික මගඩිය පට්ටපල් බොරුවක් කරලා ගොවියාට වගාව එපා කෙරෙව්ව.ගැසට් ගහන එකේ රිවස් කරන එකෙයි සීමාවක් නැහැ .ඉස්සර වෙලා කරලා පස්සෙ පම්පෝරි ගහන්න කියහං ඔය තොල් බරියට

:       1       1

Lalith M Wednesday, 15 December 2021 07:23 AM

ආණ්ඩුවට කඩේ ගිය පලියට රටේ මිනිස්සුන්ට කන්න බොන්න හම්බ වෙන්නේ නෑ. පොහොර බීජ නැතිව වවන්නේ බමුණු බීජ වලින්ද.

:       1       2

සොරිසේන Wednesday, 15 December 2021 08:28 AM

වැඩිය කතා මුකුත් ඕන නැහැ.... කාබනික පොහොර ගැනත් ඕකම තමයි මුලින් කිව්වේ !!!

:       1       1

චන්දන Tuesday, 14 December 2021 03:15 PM

ඒකත් අනා ගන්න හදන්නේ. නිසි සැපයීමක් නැතිව එකවරටම කරන්න ගිහිල්ලා එකක් අනාගත්ත මදිද.

:       0       7

fairoos Tuesday, 14 December 2021 03:18 PM

සර්ට ලැජ්ජා නැද්ද නැත්නම් ජනතාවට ලැජ්ජා නැද්ද

:       5       23

දිමුත් Tuesday, 14 December 2021 03:25 PM

ආයිත් නාන්න වගේ යන්නේ...

:       3       24

amara Tuesday, 14 December 2021 05:13 PM

දෙවැනි කොටස

:       1       4

Semasingha Tuesday, 14 December 2021 06:09 PM

උගත් බුද්ධිමත් කෘෂිකර්ම ඇමති ජනතාවට දෙන්නේ සුපිරිම දේවල් වුනත් ජනතාව එව්වා පිළිගන්නේ නැති එකයි කණගාටුව.

:       1       6

ලලිත් අම්බලන්ෙගාඩ Tuesday, 14 December 2021 07:08 PM

අදහස් නම් ඉතා විශිෂ්ඨයි. ඒ්ත්මේ සියල්ල ඉතා හාෙදින් පුර්ව සැලසුමක් සහිතව කල යුතු වැඩ. හරියටම සැලසුම් කලානම් කාබනික පාෙහාර වැඩෙත් සාර්ථක කරගන්න තිබුණා. මේවා කරන්න කලින් සුදුසු පුද්ගයින් එ ක්කාෙට සාකච්ඡා කල යුතුයි. සෑම මහ නගර සභාවක්ම, නගර සභාවක්ම සහ ප්‍රාදේශීය සභාවක්ම දැනුවත් කරල කාබනික පොහොර නිශ්පාදනය කරන්න තිබුණා. ඒ්ක ලොකු වැඩක්. එහෙම කළානම් වැඩේ ගොඩ.සියල්ල සිදුවුනේ පුර්ව සැලසුමක් නැති නිසා. ඒ් නිසා මහජන මතතයට කන් දෙන්න පුරුදු වෙන්න.

:       0       8

Shan Tuesday, 14 December 2021 11:28 PM

මෙයාගේ කතා දානවා නම් මෙයාගේ මූණ දාන්නේ නැතුව දාන්න පුළුවන්ද? ඒ තරමට අප්පිරියයි.

:       1       1

chandima Wednesday, 15 December 2021 03:07 AM

වැඩි කල් නොගිහින් මිනිස්සු සර්ගේ ..... ගලවලා හිටවයි.බලාගෙන

:       0       1

Saman Wednesday, 15 December 2021 04:26 AM

රට විනාෂම කරපු මනුස්සයෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30758 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12770 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 817 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site