(නිමන්ති රණසිංහ)
පෙර දැනුම්දීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එහි විදුලි සෝපානයේ සහ පිළිගැනීම් අංශයේ රැදී සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී අඩම්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළේය.
රාජ්‍ය නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම යන වැරදි සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 344, 346 සහ 483 වගන්ති ප‍්‍රකාරව මෙම සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ තුන ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක්කෙනාට ඕන වෙද්දී පරීක්ෂණ පවත්වන, වෙලාවට අවශ්‍ය පරීක්ෂණ නොපැවැත්වෙන, පරීක්ෂණ පවත්වල හිරේ යන අය නිදහස් කරන අරුම පුදුම රටක් මේක
ඔය සිද්ධිය වෙලා දැන් ගොඩක් කල් නේද. මොකද මේ හදිස්සියේම පරීක්ෂණයක්?
ලංකාවෙ මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ. අලියා ගම් වැදිලා ඉන්නකොට අලි බෙටි ගැන තර්ක කරනව කිව්වලු.ප්‍රශ්න වෙනතක. කරන්නෙ වෙන දේවල්.
"පෙර දැනුම්දීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ" දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් තමන්ගේ දෙපාර්තමේන්තුවකට පෙර දැනුම්දීමකින් තොරව පැමිණීම වරදක්ද? පෙර දැනුම්දීමකින් පැමිණිය යුත්තේ බොරු වහල පෙන්නනද? අනේ මන්ද!
මෙයාගේ සමහර හැසිරීම් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට නොගැලපෙන මට්ටමේ තිබුනා. කොහොම උනත් ඉදිරියට මේවගේ තනතුරු වලට එන්න ඉන්න පුද්ගලයින්ට මේවා හොඳ පාඩම්.