IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ප්‍රංශයේ අධිකරණ සංඝනායක හිමියෝ අපවත් වෙති

 

1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021 නොවැම්බර් මස 5  වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේදී අපවත් වූයේය.

2021 ඔක්තෝම්බර් මස 31 ඉරු දින පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පැවැත් වූයේය. ඤාණිස්සර නාහිමියන් අවසන් වරට සහභාගි වූයේ එම කඨින පිංකමටය. එය උන්වහන්සේගේ අවසන් කඨින පිංකම වූයේය.

දීර්ඝ කාලයක් විදෙස් ගතව ධර්ම දූත සේවාවේ යෙදීම හේතු කොට අන්තර් ජාතිකව විශාල කීර්ති නාමයක් දිනා සිටි වයස අවුරුදු 76ක්වූ උන්වහන්සේ විසින්ක්‍රියාත්මක  කර තිබූ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව පිරි නැමීමේ උත්සවයකට සහභාගි වීමට ශ්‍රීලංකාවට වැඩම කල අවස්ථාවේදී හදිසියේ ඇතිවූ රෝගී තත්වයන් හේතු කොට රෝහල් ගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ අපවත්වීම සිදුවී තිබේ.

දශක තුනකට අධික කාලයක් ප්‍රංශයේ වැඩ වාසය කරමින් චීන, වියට්නාම්, කාම්බෝජ, සිංහල, ප්‍රංශ, බංගලදේශ ආදී ජන වර්ගයන් එකට එකතු කොට ඔවුන්ගේ උදව් උපකාර තුලින් ආගමික සමාජීය, අධ්‍යාපනික යන ක්‍ෂේත්‍ර වලට සුවිසාල මෙහෙයක් සිදුකල උන්වහන්සේ ඒ තුලින් ශ්‍රීලංකාව තුල රෝහල් අදාාහනාගාර, අංග සම්පූර්ණ රෝහල් වාට්ටු, දුගී දුප්පත් ජනයා වෙනුවෙන් ගෙවල් දොරවල්, මෙන්ම අඩු ආදායම් ලාභී පවුල් වල දක්ෂ දරුවන්ට ශිෂ්‍යත්ව හා සලාකාදිය පිරිනමමින් ඉතා වටිනා සමාජ මෙහෙවරක් සිදුකල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.



මිද්දෙනිය ග්‍රාමයේ රෝහලට විශාල අඩු පාඩුවක්ව තිබූ අංඟ සම්පූර්ණ වාට්ටු ගොඩනැගිල්ලක් තනා ඊට අවශ්‍යය උපකරණ  පරිත්‍යාග කල උන්වහන්සේට ගෞරව පිණිස එම රෝහලේ කාර්ය මණ්ඩල  විසින් එදින මෙසේ සටහන් කොට තිබුනේය.

සැමදා අසරණ වුන දනන් හට පිළිසරණ වුනා
නැමද මදි මෙවන් උතුමන් උදේ හවා
පුදලා ගිලන් වුවනට රෝහලක් තනා
මහා නාහිමි කිසිදාා නොමියෙන උතුමෙකුත් වුනා  
   

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ දේහය කොටුව ශ්‍රීසම්බුද්ධාලෝක විහාරයේ  අද  (6) පස්වරු 5.000 වන තෙක් අවසන් ගෞරව දැක්වීමට තැන්පත් කර ඇත.

 

මිද්දෙනිය රෝහල

රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ලක්

මිද්දෙනිය රෝහලට ඉදිකළ අංගසම්පූර්ණ වාට්ටුව

සුනිල් ආනන්ද - පැරීසියේ සිට



අදහස් (5)

ප්‍රංශයේ අධිකරණ සංඝනායක හිමියෝ අපවත් වෙති

Kotagama wachissara Saturday, 06 November 2021 05:56 PM

අප නාහිමිගේ වියෝව දුගී දුප්පතුන්ට බලවත් පාඩුවකි..

:       2       35

සුනිල් පැරීසිය Saturday, 06 November 2021 08:30 PM

උන්වහන්සේ ට නිවන් සුව අත්වේවා. !!!

:       0       40

පුෂ්පසිරි පැරීසිය Sunday, 07 November 2021 04:32 AM

උන්වහන්සේ ට නිවන් සුව ලැබේවා!!!!

:       0       0

Senarath Sunday, 07 November 2021 12:57 PM

මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ වසර තුනකටත් වැඩි කාලයකට උන්වහන්සේගේ ශිෂ්‍යත්වාධාර ලැබූවා. මම අද ඉන්න තැනට එන්න සවියක් වුණ, කිසිඳු ප්‍රථිලාභයක් බලාපොරොත්තු නොවුණු උත්තම ස්වාමීන් වහන්සේ නමක්.... ඔබවහන්සේට නිවන් සුව ඉක්මණින්ම ළඟාවේවා..!

:       0       1

Chalani Tuesday, 09 November 2021 10:26 PM

හිමියන් මතු බුදු වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 914 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 398 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site