(අංජුල මහික වීරරත්න)
විසිවන සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් පවතින විවිධ ගැටලු නිරාකරණය වනතුරු එම පක්ෂය සමඟ සන්ධාන ගත වෙන්නට තීන්දුවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රිෂාඩ්ගේ පක්ෂය මහ මැතිවරණයේදී සන්ධානගත වී ඉල්ලූ නමුත් දැන් අලුත් සංධානය හදමින් සිටින බව කී විපක්ෂ නායකවරයා රිෂාඩ්ගේ පක්ෂය තවම සමගි ජන බලවේගය සමග සන්ධානගත වී නැතැයිද කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රිෂාඩ් සමගි ජන බලවේගයේ දරණ තනතුරු තාවකාලික තහනමකට ලක්කරන්නේ කවද්ද?
මෙයාට හරිම දුකයි වගේ... ප්‍රශ්නය ඉවර වුණු ගමන්. උම්මා එකක් දීලා බාරගන්නයි බලාගෙන ඉන්නේ...
බුදු අම්මෝ... අපේ සජී පුතාට ගිය කේන්තිය.. බොරුවට නේද මලයා කේන්ති ගියේ...? අපි දන්නවා මලයත් හොඳ කැටයම් වැඩකාරයෙක් කියලා... කියලා..
කොහොමත් ඊළඟ ඡන්දෙදී රිෂාඩ් බැසිල්ගේ කරේ එල්ලෙනවා... බැසිල් බලාගෙන ඉන්නේ රිෂාඩ්ව බාගන්න.. ළඟ ඉඳන් හරි... දුර ඉඳන් හරි... විමල්, උදයත් ඉන්නවා...
ඔය එයාව නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කරයි කියලා අපි හිත්වේ. ඒකනේ ඔයාගේ ක්‍රමය. බොරුවට රඟපාන්න හරි දක්ෂයා.
ඊළඟ ඡන්දයක් එනකං ඔහොම කියයි. ඊට පස්සේ ජාත්‍යන්තර සහයෝගය සමග සජිත්-රිෂාඩ් මංගල්ලය කරයි. නමුත් මතක තියාගත යුතු කරුණක් තියෙනවා. රිෂාඩ් ජාත්‍යන්තර මට්ටමේ දූෂිතයෙක්-වංචාකාරයෙක් සහ දේශපාගනයෙන් අතුගා දැමිය යුතු අයෙක් බව... කුමන පක්ෂයකටවත් ගාව ගන්න එපා. මම හැමදාම කියන්නේ එයාගේ වත්කම් පරීක්ෂා කරන්න.
ඒ කියන්නේ ඉර්ෂාඩ් හරිද වැරදිද කියන එක නොවෙයි... ප්‍රශ්නේ විසඳුනාම ගන්නවා.
ඉර්ෂාඩ් ඔහෙලා එක්ක ඉන්න කම් අපි ඔහේලාට ජෙප්පන්ට ඡන්දෙ දෙන්නේ නැහැ.