
(සිතුම් චතුරංග)
දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.නෝහාදාරලිංගම් මහතා පැමිණි වෑන් රථයට වවුනියාව , පූවරසකුලම් හතරෙ කණුව ප්‍රදේශයේදී මග හරස්කොට පහරදුන් තරුණයින් තිදෙනකු අද(15) අත්අඩංගුවටගත් බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය කියයි.
මන්නාරම සිට වවුනියාව දක්වා වෑන් රථයකින් පැමිණ ඇති මන්ත්‍රීවරයා පැමිණෙන මග හරස්කොට සිටි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකොට ඇති බවත් එහිදී වෑන් රථයට අලාභහානි සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරියා විසින් පූවර්සකුලම පොලිසිය වෙත කළ දැණුම්දීමත් සමඟ පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය සමථයකටපත්කොට පහරදුන් තිදෙනා අත්අඩංගුවටගත් බව පොලිසි පැවසීය.
පහරදීමට පැමිණෙන පුද්ගලයින් විසුරුවා හැරීම සඳහා ප්‍රභූ ආරක්ෂක නිලධාරියා විසින් අසහට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකොට ඇති බවත් පැවසීය.දේශපාලන ආරවුලක් මත මෙම පහරදීම සිදුකොට ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් පූවරසකුලම , සිවපුරම් පදිංචි අවුරුදු 19 ත් , 22 අතර වයසේ පසුවන්නෝ වෙති.සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සමථයකට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.නෝහාදාරලිංගම් මහතා පොලිසියෙන් කළ ඉල්ලීම අනුව සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර තිබේ. පූවරසන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 21
31
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
145
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
992
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රිය හරස් කර පහරදුන් තිදෙනකු අත්අඩංගුවට
Rata Perata Sunday, 15 November 2020 08:05 AM
දේශපාලකයන් වැඩකරන අසාධාරණ, ආත්මාර්ථකාමී ආකාරය දැක්කාම මේක නන්දසේන ඇතුළු බොහෝ මන්ත්‍රීන්ට වෙයි තව ටික දවසකින්...