IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැමිණිල්ල සංශෝධනය කිරීමෙන් සැකකරුට ඇප


(අජිත්ලාල් ශාන්තඋදය  සහ කිරිඇල්ලේ කපිල කුමාර)

කටඋත්තරයක් ලබා දීම සඳහා පොලීසියට ගිය පසු මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ්භාරයට පත්කළ තිදරු පියෙකු එකී පැමිණිල්ල පොලීසිය විසින් සංශෝධනය කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරිමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනතා රෝෂිනී පෙරේරා මහත්මිය  අද (04) නියෝග කළාය.

මෙසේ ඇපමත මුදාහැරුනේ කිරිඇල්ල පොලිස් වසමේ මැද ගලතුර කවිච්ච්කන්දේ පදිංචි රොමේෂ් චමින්ද නැමැති 35 හැවිරිදි තිදරු පියෙකි.මෙම තැනැත්තා පසුගිය 01දා ඔහු කටඋත්තරයක් දීමට කිරිඇල්ල පොලීසියෙන් කළ දැනුම්දීමක් මත පොලීසියට ගිය අවස්ථාවේ මත්කුඩු මිලිග්‍රෑම් 675 ක් සන්තකයේ තබාගැනීම සම්බන්‍ධයෙන් ‘බී‘ වාර්තාවක් මගින් මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වා රිමාන්ච් භාරයට පත් කරතිබුණි.

මුදල් ඔට්ටුවට සූදු පොළක් පවත්වාගෙන යාම සම්බන්‍ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට කටඋත්තරයක් දීමට ගිය තැනැත්තා රිමාන්ඞ්භාරයට පත්කර ඇතියි යන ආරංචිය මත ඔහුගේ ගමේ 250 ක පමණ පිරිසක් එදින සන්ධ්‍යාවේ කිරිඇල්ල පොලිසිය ඉදිරිපිටට පැමිණ පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගය හරස්කර ටයර් පුළුස්සා, අසත්‍ය චෝදනාවක් මත රිමාන්ඞ්භාරයට පත් කළ තැනැත්තාට සාධාරණයක් කරන්නැයි විරෝධතාවක නිරත වූහ.

පසුව එහි ගිය රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ සහ සහකාර පොලිස් අධිකාරී අජිත්කුමාර යන මහත්වරු උද්ඝෝෂකයන් අමතා රිමාන්ඞ් කළ තැනැත්තාට සාධාරණයක් කරන බවට පොරොන්දු දී  උද්ඝෝෂණය නවත්වා දැමූහ.  එහෙත් සැකකරු  අද  (04)  දක්වා රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබිණි.

අද  (04) බන්‍ධනාගාරය මගින් රත්නපුර මහේස්ත්‍රාත්වරිය වෙත වීඩියෝ තාක්‍ෂණය මගින් සැකකරු පෙන්වනු ලැබීය. පොලිස් අධිකාරී අජිත්කුමාර මහතාගේ උපදෙස් මත කිරිඇල්ල පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් වැඩිදුර කරුණු දැක්වීය.

සැකකාර රොමේෂ් චමින්ද නැමැත්තා සන්තකයේ මත්කුඩු මිලි ග්‍රෑම් 675ක් ලෙස පෙර දින බී වාර්තාවේ සඳහන් වූයේ මුද්‍රණ වරදක් බවත් එය මිලි ග්‍රෑම් 375ක් ලෙස වෙනස් විය යුතු බවත් අධිකරණයට කරුණු දක්වමින් ඇපදීමට විරෝධයක් නැති බව දන්වනු ලැබීය.මේ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය විමසීමක් කරමින් මත්කුඩු මිලිග්‍රෑම් 675 සන්තකයේ තබාගත් පුද්ගලයෙකුට ඇප අයදුම්කළ හැක්කේ මහාධිකරණයෙන් පමණක් බව කීය.

මේ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ බුද්ධික විජේරත්න මහතා කරුණු දක්වමින් අන්තරාකාරී ඖෂධ පනතේ 54 (ඇ) වගන්තිය යටතේ වරදක් කර ඇතැයි මුල් ‘බී‘ වාර්තාවේ සඳහන් වන නිසා පොලිසිය සඳහන් කරන වැරැද්ද නිසි ලෙස නිවැරදි වියයුතු බව දැනුම් දුන්නේය.

ඒ අනුව මුද්‍රණ දෝෂයක් සිදුව ඇත්නම් මෙම බී වාර්තාව සංශෝධනය කර නිවැරදිව ඉදිරිපත් කිරිමට මහෙස්ත්‍රාත්වරිය පොලීසියට උපදෙස් දුන්නාය. 

පසුව පොලීසිය සැකකාර රොමේෂ් චමින්ද යන අයට අන්තරාකාරී ඖෂධ පනතේ 78(5) වගන්තිය ප්‍රකාරව මත්කුඩු මිලිග්‍රෑම් 375ක් සන්තකයේ තබාගැනීම සම්බන්‍ධයෙන් චෝදනා ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව නැවතත් වැඩිදුර වාර්තාවකින් අධිකරණයට කරුණු දැක්වීය.

එම වැඩිදුර වාර්තාව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක් ශරීර ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය. ඒ අනුව නොවැම්බර් 03 දින පැමිණිල්ල ගොනුකරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය කිරිඇල්ල පොලිසියට නියෝග කළේය. 

සහකාර පොලිස් අධිකාරී අජිත්කුමාර මහතා සමග කිරිඇල්ල පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය. නීතීඥ බුද්ධික විජේරත්න මහතා සමග නීතීඥ ගාමිණී පුෂ්පකුමාර මහතාද සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (0)

පැමිණිල්ල සංශෝධනය කිරීමෙන් සැකකරුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site