(ඉන්දිකා රාමනායක)
72 නිදහස් සමරුව නිමිත්තෙන් හමුදා සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කර තිබු සතියක පොදු සමාකාලය තුළ ති‍්‍රවිධ හමුදා සේවය හැරගොස් සිටි නිලධාරීන් 13 දෙනෙකු සමඟ සෙසු නිළයෙන් 8,005 දෙනකු මෙම පොදු සමා කාලය තුළ බාර වු බව හමුදාව පවසයි.
මෙම පොදු සමාකාලය මස 05 වැනි දින සිට 12 වැනි දින දක්වා ප‍්‍රකාශයට පත්කර තිබිණි. එම කාලය ඊයේ(12) අවසන් විය.
මෙම අතර යුද හමුදාවේ නිලධාරීන් 7 දෙනකු සමග සෙසු නිළයන් 8,005 දෙනෙක් ද, නාවික හමුදාවේ 773 දෙනෙක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් 6 දෙනකු සමග සෙසු නිළයන් 1,141 දෙනෙක් ද සිටින බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා පැවසීය.
මෙම පිරිසෙන් බොහෝ දෙනෙකු නැවත හමුදා සේවය එක් වු බවද කියති.
මෙම කාලය තුළ නිසි ප‍්‍රචාරය ලබා දෙමින් පිරිස ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කි‍්‍රයා කළ සියලූ මාධ්‍ය ආයතන වෙත හා මෙම පිරිස යළිත් හමුදා සේවයට වාර්තා කිරීමට දිරිගැන් වු ඔවුන්ගේ ඥාතීන්ට ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගූණරත්න මහතා සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන් සිය ස්තූතිය පල කළහ.
2025 දෙසැම්බර් මස 18
90
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොදු සමා කාලයේදී සේවය හැරගිය හමුදාවේ 8,005 ක් බාරවෙති
Dilshan Friday, 14 February 2020 12:12 AM
ගිය අවුරුද්දේ අප්‍රේල් වල තිබුණු පොදුසමා කාලයේ මම යුධ හමුදාවට බාර වූනෙමි. තවම මගේ රෙජිමේන්තුවෙන් නිෂ්කාශනය ලැබී නැත. මම හිටපු යුධ හමුධ නිලධාරියෙක්.