
(සිතුම් චතුරංග)
මුලතිව්, පුදුකුඩිරිප්පු හයවැනි පියවර ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.
දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ඉඩමක් සංවර්ධන කිරීම සඳහා ඉඩමේ හිමිකරුවන් විසින් සුද්ද පවිත්‍ර කරන අවස්ථාවේ සැක කටයුතු පොලිතීන් උර කිහිපයක් දැක පොලිසිය වෙත දැනුවත් කිරීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ සෝදිසි කිරීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර කිලෝ දහයේ පීඩන බෝම්බ එකක්, බිම්බෝම්බයක්, පි.ඊ.1510 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකක්, සී.ෆෝ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක්, ටි.එන්.ටි හා ගෝඩයිඩ් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 350ක්, ෆියුස් වර්ගයේ පුද්ගල නාශක බෝම්බ 4 ක්, අත්බෝම්බ 114 ක් , බෝම්බ පිපිරවීම සඳහා යොදා ගන්නා ස්විච්, ටැෆින් වයර් ඇතුළු උපකරණ තොගයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිතීන් උරවල යොදා දිරාපත් නොවන ලෙස අසුරා තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය සඟවා තබන්නට ඇති බවට සැකපළ කරන බව පොලිසිය පවසයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සියල්ල නිශ්ක්‍රීය කරනු ලැබීය.
පුදුකුඩිරිප්පු පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
220
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුදුකුඩිරිප්පු ඉඩමකින් පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී