
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම පිළිබඳ යම් කණගාටුවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොළඹදි අද(17) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ලයිස්තුව සදහා ආචාර්ය සුරේන් රාඝවන් මහතා නම් කර ඇති අතර මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නම සඳහන්ව තිබුනත් ඒ මහතා පත් නොකිරීම සම්බන්දයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිශ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩ බාරගනිමින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මැති ඇමතිකම් නොලැබි යාම සම්බන්දයෙන්ද ඒ මහතා මෙසේද කීවේය.
“ජාතික ලයිස්තුවට අපි නම් හතරක් ලබාදුන්නා. අනුපිලිවලට ලබාදෙයි කියලා අපි අපේක්ෂා කළා. දෙකයිනම් දන්න පුලුවන් දෙන්නා කවුද, එක්කෙනයිනම් දෙන්න පුලුවන් එක්කෙනා කවුද කියලා අපෙන් අහන්න තිබුනා. එහෙම අහන්නේ නැතුව තමයි මේ විදියට කටයුතු කිරීම නිසා මේක අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වුණා. ජාතික ලයිස්තුව සඳහා පත්කල යුතු අය කවුද කියලා විමසීම කරන්නේ නැතුව පත්කිරීම ගැන අපිට යම් කණගාටුවක් තිබෙනවා.
ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න අපි සූදානම් නැහැ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා වැඩකරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට චන්ද්‍රිකා මැතිණිය සැලකුවා වගේ සැලකිල්ලක් තමයි අද මට සලකලා තියෙන්නේ. ඒකට මම කලබලවෙන්නේ නැහැ ඒ අභියෝගය බාරගන්නවා. වක්කඩක් තිබුනත් වක්කඩෙත් මම පිනලා ගොඩඑනවා කියලා මහින්ද රාජපක්ෂ මහතා බොහොම පැහැදිළිව කිව්වා. අපිටත් තියෙන්නේ පිනලා ගොඩ එන්නයි.
අපේ කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු රැසකට තනතුරු අහිමිවුණා. අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ජයග්‍රහණය කළා. මේක විශාල ග්‍රහණයක්. එතුමන්ටත් ඒ සැලකීම කරානම් මීට වඩා මේ ආන්ඩුවට ශක්තියක් වෙන්න ඉඩ තියෙනවා. ජනාධිපතිතුමන් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න අපි ඉදිරියේදි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට ලේකම් කම කරනවද හැම පැත්තටම පැන පැන.
මේ අය නම් මහ හිඟන්නෝ...
කණගාටු වෙන්න නෙමෙයි... මේ මහත්තයාට වැඩිකල් යන්න කළින් සිද්ද වෙන්නේ. දැන් සතුටුයිද?
ඔබලාට මේ අවුරුදු 5ම කණගාටුවෙන් ඉන්න වෙයි...
දයාසිරි ඔයා දෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න. දැන් ඔබතුමාලා නිකන් මෝය කටින් යන පොල් ලෙල්ලක් ගාණට වැටිලා තියෙන්නේ...
කුම්බලා කටු කෑවානම් විඳවපන් බළලෝ කිව්වලු...
මෛත්‍රී ගැන මොකද කියන්නේ? ඔහු යල්පැනපු කෙනෙක් හැටියටද ඉන්නේ?
සර් ඇමැතිකම් ගත්ත එක හොඳයි, පහුවෙලා තව ඇමැතිකම් ලැබේවි. අපේ අල්ලපු ගෙදර ඉන්න තක්කඩියා කියන්නේ නම් දුප්පත් නෑයින් ආවාම අලුත පෝසත් වෙච්ච අය කරන හැමදේටම දුප්පත් නෑයින්ගෙන් අහන්න යන්නේ නෑ.. පල නොකියා පලා බෙදනවා.. දෙන දෙයක් කාලා ඉන්න කියලා නොකියා කියනවා.. සර්ට වෙලා තියෙන්නේ එ්කම තමයි කියලා.. ඒ වුණාම දුප්පත් අපි ටැග් ගැහිගැහී ඉන්නේ නෑ. අපිටත් නම්බුවක් තියෙන නිසා ආයේ ඒ පළාතේ යන්නේ නැහැ. සර්ලාත් ඉතින් එහෙම කරන්න, කියලා කියනවා. ඇමැතිකම් වගේද නිකම් මන්ත්‍රීයෙක් වෙලා මොනවා කරන්නද නේද?
යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන වරප්‍රසාද භුක්ති විඳිමින් ඒක අඩපන කලා, මේ ආණ්ඩුව අඩපන කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
මහලේකම්තුමා බිය නොවන්න... ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලක්ෂ 20කට වැඩියෙන් ලංකාවේ ඉන්නවා. ඒක මේ මනාපවලින් පෙනෙනවා.