(හර්ෂණ තුෂාර සිල්වා)
දකුණු ආසියාවේ උසම කුලුන වන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කෙරුණි.
කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදිකර තිබෙන නෙළුම් කුලුන මෙරට ගොඩනැගිලි සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් ලෙස සැලකේ. නෙළුම් කුලුන ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යන සංකේතයකි.
නෙළුම් කුලුන ලබන සතියේ දී මහජනතාවට විවෘතකිරීමට නියමිතය.නෙළුම් කුලුන විවෘතකිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (16) පස්වරුවේ පැවැත්වුණු අතර කුලුනේ පාදම පරිශ්‍රයේදී එය පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කුලුන විවෘත කෙරුණේ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙනි.
ඉන් අනතුරුව නෙළුම් කුලුන විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත්කෙරිණි. තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඞ් මහත්මිය පළමු සමරු මුද්දරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වූවාය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා උත්සවයේ පිළිගැනීමේ කතාව කළ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා උත්සව සභාව ඇමතීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවය ඇමතුවේ ඉන් අනතුරුවය.
ඉන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, චීන ජනාධිපතිවරයාට ද සමරු තිළිණයක් පිළිගැන්වීය. නෙළුම් කුලුන ඉදිකිරීමට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන පාර්ශව අතරේද සමරු තිළිණ හුවමාරු කරගැනිණි.
නිල උත්සවය අවසන්වීමෙන් පසුව ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි. නෙළුම් කුලුන විදුලි බුබුළු යොදමින් විචිත්‍රවත් ලෙස ආලෝක කර තිබිණි.
දකුණු ආසියාවේ උසම විදුලි සංදේශ කුලුන වන නෙළුම් කුලුන බහුකාර්ය කුලුනක් වන අතර උස මීටර 356කි. එහි ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3කි.
නෙළුම් කුලුනේ පාදම කොටස් මහල් හතරකින් සමන්විතය. කුලුනේ මතුපිට මට්ටම බිම් මහල වන අතර සාප්පු සංකීර්ණ, තොරතුරු කවුන්ටර, පිවිසුම් යනාදී සියල්ල ඇත්තේ මෙහි තිබෙන ගොඩනැගිල්ලේය. දෙවැනි මහල ද සාප්පු සංකීර්ණ සඳහා වෙන්කර තිබේ. තෙවැනි මහල කුලුනේ පාදමේ වහලය වුවද එය විවෘත ප්‍රදේශයකි. සංදර්ශන, රැස්වීම් සහ විවිධ ඉසව් පැවැත්වීම සඳහා එම කොටස් වෙන්කර තිබේ.
කුලුනේ මල සහිත කොටස ‘ටවුරු හවුස්’ ලෙස හැඳින්වෙන අතර මීටර 45ක උසකින් සමන්විතය. මෙම කොටස මට්ටම් 9කින් සමන්විතය. මෙහි පළමු හා දෙවැනි කොටස් රූපවාහිනි හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා වෙන්කෙරේ.
තෙවැනි හා සිවුවැනි මහල් උත්සව ශාලා සහ භෝජනාගාර සඳහා වෙන්කර තිබේ. තුන්වැනි මට්ටමේ උත්සව ශාලාව අමුත්තන් 250කට පහසුකම් සපයන අතර සිවුවැනි මට්ටමේ උත්සව ශාලාව අමුත්තන් 280කට පහසුකම් සපයයි.
නෙළුම් කුලුනේ කැරැකෙන භෝජන ශාලාව තිබෙන්නේ ‘ටවුරු හවුස්’ හි පස්වැනි මහලේය. අමුත්තන් 200කට එකවර පහසුකම් සැපයිය හැකි මෙම භෝජන ශාලාව එක වටයක් කැරැකීම සඳහා විනාඩි 90ක කාලයක් ගත වේ. මෙහි හයවන මහල රාජ්‍ය අමුත්තන් සඳහා සකස්කරන ලද සුඛෝපභෝගී කාමර 8කින් සමන්විතය.
මෙහි හත්වන මහල කුලුනේ එළිමහන් නැරැඹුම් මහලයි. ජනතාවට මීටර 245ක උසක සිට කොළඹ නගරය සහ අවට ප්‍රදේශ නැරැඹිය මෙම හත්වන මහලේ සිටය. ‘ටවුරු හවුස්’ කොටසේ 8වැනි හා 9වැනි මහල් වෙන්කර ඇත්තේ විදුලි සෝපාන හා වායු සමීකරණ සවිකිරීම ඇතුළු විවිධ සේවාවන් සඳහාය.
කුලුනේ කුඹ ගස කොටස හෙවත් ‘ඇන්ටෙනා මාස්ට්’ කොටස කුලුනේ ප්‍රධාන අංගය වන අතර ඇන්ටෙනා ආවරණයේ මුළු දිග මීටර 90කි.රූපවාහිනී සේවා 50 කට ගුවන් විදුලි සේවා 35කට සහ විදුලි සංදේශ සේවා 20කට නෙලුම් කුලුන මගින් පහසුකම් සැපයීමට අපේක්ෂිතය.
කතානායක කරු ජයසූරිය, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ගමගේ, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ෂාමල් ජයතිලක, ශාන්ත බණ්ඩාර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියහ.
(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)






(ඡායාරූප - චතුර .එස් කොඩිකාර)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ උඩට නැගලා බිමට පනින්න තමයි මුළු රටේම මිනිස්සුන්ට සිද්ද වෙලා තියෙන්නේ...
මේ පොටෝ එක බලන්නකෝ..! සිරිපාල මන්ත්‍රීතුමා නිදි ... මේ ගොල්ලන්ද ආයෙම රට හදන්න එන්නේ..? රටට දෙයියන්ගේම පිහිටයි.
උඩට නගින්න කීයද? දුප්පතෙකුට කිසිදා මෙහි උඩ සිට අවට සිරි නරඹන්න වෙන්නේ නැහැ නේද?
ලක්දෙරණේ මුල් පුරවැසියා වන සිරිසේන උන්නැහේගෙන් තොරතුරු දැනගැනීමේ අටමගලේ අනුව අප මෙසේ විමසීමට කැමැත්තෙමු. මෙම විවෘත කිරීමට පමණක් ඔහේගේ මුදල් යෙදෙව්වද? නැතිනම් කෙසේ ඒ සඳහා වියදම් කළේද? වියදම් වූ මුදල් ප්‍රමාණය කොතෙක්ද? ඊට අමතරව "ජනතා අයිතියට " යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ? මෙතෙක් කල් මෙය කෙනෙකුගේ බූදලයක් වී තිබුණිද? මේ සඳහා ජනතාවගේ එක ශතයක්වත් වියදම් නොකළේද? එසේ මහජන වියදම් කළේ නම් ඇයි නැවතත් ජනතා අයිතියට පත් කරන්නේ? කරුණාකර ඔහෙට මේ සඳහා පිළිතුරු දීමට කාලය නොමැති නම් ඔහේගේ එක එක ලේකම්ලා ඉන්නවනේ මහජන මුදලින් සුරසැප විඳින එවන් කෙනෙකුට කියා හෝ පිළිතුරු සපයන මෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් ඔහෙට අණ කරන්නෙමු. මේ සඳහා මුල්ගල් තියපු අයගෙන්ද මෙම පැනයන් ඇසීමට කැමැත්තෙමු...
අර සිරිපාල එතනත් නිදි ...!!!
නිමල් සිරිපාල මැතිතුමා එතනත් නිදි වගේ..
සංචාරකයන් මිලියන 2ක් එන නිසා මේකේ වියදම අවුරුදු දෙකෙන් හොයන්න පුළුවන්. මේ ආණ්ඩුව මේකත් බදු දෙයිද දන්නේ නැහැ. මැලේසියාව මේවගේ කුලුණකට යන්න ඩොලර් 20ට වඩා ගන්නවා.
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කුළුණ" කීවා නම් වැඩිය හොඳයි. බෝර්ඩ් ලෑල්ලේ නම තිබ්බට රනිල් වික්‍රමසිංහට එන්න කියලා නැද්ද?
නෙලුම් කුළුණේ ණය වාරිකය බිලියන 2.4යි. තවත් වසර 10ක් ගෙවීමට තිබෙනවා. කොළඹ නෙලුම් කුළුණ ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි. එසේම එම ණය වාරිකය තවත් වසර 10ක කාලයක් ගෙවීමට තිබෙන බවත් මේ වසරේ පළමු මාස හය වෙනුවෙන් රුපියල් මිලියන 1200ක මුදලද ගෙවා ඇති බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඔය කුළුණ ආරම්භයේ ඒ කියන්නේ 2012 වසරේදී රුපියල් කෝටි 200ක මුදල් වංචාවක් සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා නේද? "2012 වසරේදී චීන සමාගමකට ගෙවූ රුපියල් කෝටි 200ක අත්තිකාරම් මුදලක් පිළිබඳ ගැටළු මතුවූ අවස්ථාවේදී ඒ පිළිබඳ විමර්ශනය කිරීමේදී එවන් සමාගමක් හෝ චීනයේ පිහිටා නොමැති බව අනාවරණය වූ බවයි " එතුමා කිවේ. මුල් ගල තිබ්බ කට්ටිය මේගැන මොනවා කියයිද දන්නේ නැහැ නේද ? මදැයි කරපු සංවර්ධනය.
ගිය ආණ්ඩුව ගිවිසුම ගහන වෙලාවේ කොටි 200 ක් හොරකම් කළා නම් ,මෙපමණ කලක් බල සිටියේ මොකද ? මුන්නැහේ රනිල් ගේ හොරකම් අල්ලපු විදිය අපි දැක්කනේ .මෙම ආණ්ඩුව කුකුල් කුඩු ගෙවල් ටිකක් හැදුව. අනික් වැඩ හොරකම් පමණය මොහු කොමිසන් දාල අල්ලපු හොරු කොහෙද ඉන්නේ , එක්කෝ පාර්ලිමේන්තුවේ නැත්නම් රට .කෝ මහේන්ද්‍රන්.කෘෂිකර්ම බිල්ඩිමට කෝටී ගණන් සල්ලි ගෙව්වේ කවුද ? දුමින්ද නොවේද එය කලේ ?මෙයා රට විනාශ කිරීමට මුලිකයා.රජයේ සියලු වැඩ දකින්නේ පත්තරෙන්. මොහු රටක නායකයෙක්ද ? මොහුගේ ආඩම්බර කතාව නම් හරි ඉහලය.
සිරිපාල මැතිතුමාට පුදුම නින්දක්නේ යන්නේ !
එයාලා කියයි අපි දන්නේ නැහැ කියලා. පවුලම හොරා කාල දැන් ඒ සල්ලි වලින් උන්ගේ පුත්තු ජයටම මගුල් ගන්නවා. අනික එයාලට රස්සාවල් ඕනේ නැහැ ජීවත් වෙන්න. අනේ පව් අපි නේද? ආයේම රැවටෙනවා ..ආයේම රැවටෙනවා ...
සිරිපාල ගිය තැනක බුදි... කෝටි ගණන් ගහපු ගැහිල්ල ඇසුණාද?
උපදේශකලගෙන් අහන්න ඇති මේක සවුත්තු කරන්න කියන්න කතාවක් . ඕක සිංහලෙන් කිව්වට චීන තානාපති ඕක පරිවර්තනය කරලා කියවනවා . චිනේ තියෙන්නේ රාජ්‍ය සමාගම්. ඔවුන් කරන්නේ ආණ්ඩුවේ තීරණය විතරයි.ඔය වගේ බොරු නිසා තමයි නුවර හයිවේ එකට චීන සල්ලි දුන්නේ නැත්තේ. දැන් කොට උඩ ගිහිල්ල තියෙන්නේ .
බැංකු වලට ණය වෙලා ගෙවල් හදාගෙන බැංකු වලට පොලී ගෙවා ගෙවා ඉන්න අය නෙලුම් කුලුන ණය අරගෙන හැදුවා කියල බනිනවා. හැබැයි ණය අරගෙන හැදුවා වුනත් යම්කිසි සුළු හෝ ආදායමක් එනවලු .
මට ඩුබායි වල බර්ජ් කලීපා ගොඩනැගිල්ලේ සහ ප්‍රංශයේ අයිපල් කුළුණත් නිව්යෝක් වල ලිබර්ටි ප්‍රතිමාවේත් උඩට ගිහින් බලන්න අවස්ථාව ලැබුනා. නමුත් කොළඹ නෙලුම් කුලුනේ ෙඋඩට යන්න කීයක් විතර යනවද දන්නේ නැහැ ලංකාවේ මුදලින්. ඇත්තටම ලාංකිකයෙක් විදිහට මම නම් සන්තෝෂ වෙනවා මෙහෙම දෙයක් මගේ රටේ තියන එක ගැන. ලංකාවේ බහුතරයක් මිනිස්සු හැමතිස්සෙම හුරුවෙලා ඉන්නේ ඕනෑම දෙයක ඇදක් පලුද්දක් හොයන්න. කවදාවත් දෙයක් බලල එය අගය කරන්නේ සහ එහි වටිනාකම දකින්නේ අතලොස්සක්. මම දකින විදිහට ලංකාවේ දියුණුවක් නැත්තේ බහුතරයක් මිනිස්සුන්ගේ තියන මේ ආකල්පය නිසා. අපි ලෝකෙත් එක්ක ඉදිරියට යන්න නම් මෙවැනි දේවල් විය යුතව තිබෙනවා. මම හරි ආඩම්බර වෙනවා මගේ රටේ මෙහෙම දෙයක් තියන එක ගැන.මිනිස්සු හැටියට අපි කරන්නේ රජයට බනින එකම විතරනේ. ඔව් ඇත්ත මේගොල්ලෝ ගැන කියන්න ගියොත් කතා කරලා වැඩක් නැහැ. නමුත් හොද දෙයක් කලොත් අපි මිනිස්සු විදිහට එක අගය කරන එකත් කරමු !
මේකේ සිරි නරඹන ඔය මැති ඇමති වරුන්ට මහත්තුරුන්ට සිහිපත් උනාද දුප්පත්කම නිසා උතුරේ සිට ඔය කුලුන හදනකොට අත් උදව් කාරයෙක් හැටියට වැඩ කරන්න ඇවිත් බිමට වැටිලා ජීවිතය පුජා කල අහිංසක දමිළ වැසියාව. කාටද ඔහුව සිහිපත් වුනේ අද?
ඕක ආරම්භ කරපු අයටත් කිව්වා නම් කාටද ආඩම්බර?
නෙළුම් කුළුණේ උස දන්නවා, බර දන්නවාද? එය ශ්‍රී ලංකාවේ ණය බර පිළිබඳ සංකේතයයි.
රටේ දියුණුව මහජනතාවගේ බුද්ධිමත් කම, එයට අකුල් හෙලනවා නම් එයා කව්ද කියලා ඔබලාම හිතාගන්න. අපි ඡන්දෙ දෙන්නේ උඹත් හැදියන්, රටත් හදපන් කියලා... ඉස්සර ඡන්දෙ දුන්නේ අපිවත් රටත් හදපන් කියලා.., ඔය නෙලුම් පොහොට්ටු කුළුණ පිපෙන්නේ 2020 අප්‍රේල් මාසේ අන්තිම...
දැන් ඉතින් අපිට තුන් වේල කාලා ඉන්න පුළුවන් වෙයි.
ලංකාවේ දූෂණය අහස උසට බව ඔය කුළුණෙන් මනාවට සංකේතවත් වෙනවා.
සාටකයන් මස්ටික කාලා කටු ටික ජනතාවට විසිකරලා. ඔව්, මේක දැන් ජනතාවට පවරලා.. සාටකයන් කියන්නේ මේක දැන් අයිති ජනතාවටයි.. මේවාට අපි අරගෙන තිබෙන චීන ණය හා ඒවායෙන් ගසාකාලා තිබෙන මුළු සේසතම දැන් සිටින හා මතු උපදින්න ඉන්න ජනතාව විසින් ගෙවපන්... ඒවාට අපේ වගකීමක් නැහැ කියන දෙයයි. දේශපාලකයින්ට හොරා කන්නයි ජනතාව ඒ හොරාකන ණය ගෙවන්නයි... හරි හොඳයි.