(ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලයට පෙර මහ මැතිවරණයකට යාමේ කිසිදු අපේක්ෂාවක් එක්සත් ජාතික පෙරමුණට නැතැයි ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවසීය.
ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසක් රටේ දේශපාලන අවිනිශ්චිතාවයක් ඇති කිරිම සඳහා හදිසි මහ මැතිවරණයක් පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරන බව කී ඇමැතිවරයා ඒ සඳහා තුනෙන් දෙකක මන්ත්‍රීවරු සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා බවත් ඊට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරු සහය දෙන බවත් කිය ඇතත් එය සම්පුර්ණ අසත්‍යයක් බව කීය.
එක්සත් ජාතික පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයකු එවැනි යෝජනාවකට සහය නොදෙන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙම ආණ්ඩුවට 2020 පෙබරවාරි 17 වැනි දා වන විට වසර 4 ½ ක් සපිරෙන බව කී ඇමැතිවරයා ඒ අනුව නියමිත කාලය දක්වා ආණ්ඩුව අඛණ්ඩව ගෙන යන බව ද පැවසීය.
කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුව ඇතැයි ද ඇමැතිවරයා කීය.
කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යංශයේ දී අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම කරුණු සඳහන් කළේය.
COMMENTS
මේ තවත් ෆුට්නොට් ලියපු මහෝෂද පඩියෙක් නේද. රටටත් වැඩක් නැති තමන්ටත් වැඩක් නැති සත පහකට සේවයක් නොකරන පින් මාමලා.
තව ඉතුරු කාලයත් ජනතාවට එපා වෙනකන් ඉන්න.
ඔබතුමා දැන් කියවෙන එක නතරකරලා වැඩේට බහින්න.
අපේක්ෂාවක් නැහැ නෙවේ, ඡන්දෙකට යන්න ආසාවක් නැහැ! (මොකද තිබ්බොත් පරදින හින්දා)
ඔබතුමාටත් රෝසි නෝනාට වගේ ගණන් හිරවෙලා වගේ. දැන් රනිල් මහත්තය බහුතරය සොයාගන්න බැරිව දඟලනවා. අද හෙටම කීප දෙනෙක් කඩාගන ගියාම ආණ්ඩුවයි අගමැති කමයි දෙකම ඉවරයි. එතකොට ඡන්දය අත ලගයි. මෙදා පාර ගෙදර යන්න තමයි වෙන්නේ.
නිසි කාලය ? කෝ එහෙනම් පළාත් පාලන මැතිවරණය... කවදා මැතිවරණය තිබුනත් ඔබතුමානම් පරදිනවා.
ජනාධිපති අපේක්ෂක ලෙස රනිල්ව එව්වොත් ගහනවා කතිරේ සිරිසේනට... දැන්වත් සජිත්ට තැන දෙන්න. සිරිසේනවයි රනිල්වයි එපා වෙලා තියෙන්නේ අපිට...
මෙයා පුදුම බයක් තියෙන්නේ මැතිවරණයට.
පණ්ඩිතය බව හැමවිට පෙන්නන් නේ... උද්දච්චය බවත් හැමවිට පෙන්නන් නේ... බොරුවෙන්ම ලොක්කව මම බේරුවා නේ.... එනමුත් අනේ බය හොඳහැටි දැනෙනවා නේ
නිසි කාලය ආවහම අපි ඔබලාට කතිර ගහන්නට අපේක්ෂාවක් නැහැ.
බෙල්ලෙන් අල්ලලා දොට්ට දානකම්ම ඉන්න.
ගියොත් බඩුම තමයි... හා හා...
ඇත්ත නේන්නම්. එහෙම අපේක්ෂාවක් කොහොම තියෙන්නද? අපේක්ෂාව කොහොම වෙතත් මහ මැතිවරණයකට යන්න සෑහෙන බයක් තියෙනවා කිව්වා නම් තමයි වඩාත් නිවැරදි...
වෙනත් වචනවලින් කිව්වොත්, "අපට අවාසිවෙන කිසිම මැතිවරණයකට අප යන්නේ නැහැ" හරිනේ. පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නැහැ කියල ලෝකය පෙරලන්න හැදුවා. මැතිවරණ ලැබුනා. ඉල්ලන් කෑවා. ඉතින් මොකටද මහා මැතිවරණයක් ඉල්ලලා ආයිත් හොම්බ බිම අැනගන්නේ?
ඒකෙන්ම තේරෙනවා මැතිවරණයකට තියෙන බය. මැතිවරණයක් එපා කියන පක්ෂයක් තියෙන එකම රට ලංකාවද? පළාත්සභා මැතිවරණ තියන්නේ නැත්තේ පරදින නිසා. පළාත් පාලන මැතිවරණය හැකිතරම් කල් ගත්තෙත් ඒක නිසා... කොච්චර කයිවාරු ගැහුවත් පහුගිය කාලයේ සිද්ධීන් වලින් යූඑන්පීය උඩට ආවේ නැති බව මෙයාලා තේරුම් අරගෙන...
මැතිවරණයකට ගියොත් ඇමතිකමත් නැතිවෙනබව තේරුම් අරගෙන වගෙයි.