IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


නිදහස් වීසා කාලය තවත් මාස තුනකින් දිර්ඝ වෙයි

( තිළිණි ද සිල්වා )

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට රජය තීන්දු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද ( 13 ) පැවසීය. 

ඒ සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද හිමිව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

ඒ අනුව මෙම නිදහස් වීසා කාලය ඉකුත් පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතීම නිසා මෙම නිදහස් වීසා ලබා දීම සිදු කෙරුණේ  පසුගිය වසරේ  අගෝස්තු 1 වැනි දා සිට මාස 6 ක කාලයක් සදහාය. ඒ අනුව එම කාලය ඉකුත් ජනවාරි 31 වන දිනෙන් අවසන් වූ බවද  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.

මෙලෙස නිදහස් වීසා දීර්ඝ කෙරුණේ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළත් රටවල් 48 කටය.

නිදහස් වීසා වැඩසටහන ක්‍රියාක්මක වූ කාලය තුළ මෙම රටවල් 48 න් මෙරටට පැමිණි සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, එම  නිසා සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම වෙනුවෙන් මෙලෙස මෙම නිදහස් වීසා ලබා දීමේ වැඩපිළිවෙළ දීර්ඝ කළ බවයි.

 



අදහස් (2)

නිදහස් වීසා කාලය තවත් මාස තුනකින් දිර්ඝ වෙයි

chandima Thursday, 13 February 2020 01:18 PM

ඔය මොනවා කළත් ඉන්දියානු හොර වෙබ් අඩවිවලින් තවමත් වීසා ගාස්තු අයකරනවා යස අගේට...

:       0       4

de silva Thursday, 13 February 2020 02:12 PM

කලාපයේ අනිකුත් රටවල් සමග තරඟයක් දෙමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න නම් ඕක මාස 3ක් නොවේ දශක ගණනාවක සිට ක්‍රියාත්මක වුණු පරිදි දිගටම දෙන්න. අප්‍රිකානුවන්ට, අරාබිකරයේ සංචාරකයින්ට නැති වුණත් අපට හොඳ අාදායමක් තිබෙන, යුරෝපා සංගමයේ රටවලට ඕක අනිවාර්යයෙන්ම දෙන්න.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site