






( එච්.චන්දන )
දුම්බර මිටියාවතේ - නකල්ස් කඳුවැටිය පාමුල ඇති දිය ඇළි මේ දිනවල අලංකාරයෙන් ගලා බසිනු අයුරු දක්නට ලැබේ.
මහනුවර සිට මඩවල පන්විල හරහා නකල්ස් ආසන්නයේට යන අයට , මේ දිය ඇළි දැක ගක හැකිවේ.
නගරය මැදින් ගලා බසින හුළුගග දිය ඇල්ල, හාගල ප්‍රදේශයේ ගලා බසින ජෝඩු දිය ඇල්ල, බඹරැල්ළ ප්‍රදේශයේ ගලා බසින සාරි දිය ඇල්ල මේ සුන්දරත්වය විදහා පායි.
නකල්ස් කඳු මුදුනෙන් පටන් ගන්නා මේ සියලු දිය ඇළි අවසානයේ මහවැලි ගඟට එකතුවේ.
COMMENTS
අප්‍රමාණ සොඳුරු බව කැටිකොට ගත්, මේ සුන්දර දිය ඇලි දුටු සංවේදී මිනිස් සිත් සතන් මොනතරම් සොඳුරු මිහිරි අමන්දානන්දයට පත්වේද? ආදරයෙන් තුරුළුවී පෙම්බස් මුමුණන හදවත්.. මේ මිහිරි සොබා සෞන්දර්යයෙන් වශී නොවේද?.. කවියට, ගීතයට, සාහිත්‍යයට මේ පරිසරය සැමදා අනුබලයක්ම දෙනවා නොවේද?... මෙවන් සොඳුරු පරසරයක උපන් අප සැම මහා පුදුම පින්වන්තයින් නොවේද?.. එයිනුත්, එපිටට ගොස් මේ සොඳුරු බවේ ඇලී වෙලී ගැලී සිටින, මන්මත් වෙන සොඳුරු සංවේදී හදවත් ඇත්තන් තරම් තවත් සොඳුරු අහිංසක මිනිසුන් මිහිපිට ඇතිද?
හැකිතරම් මේ මනරම් දසුන් නරඹන්නට යන්න. නමුත් පොලිතීන් වැනි අපද්‍රව්‍ය, හිස් බෝතල්, සිලි සිලි මලු දමා ඒවා අපවිත්‍ර නොකරන්න කාරුණික වන්න.
"ඇය" නොඑන අද දිනේ... මට මොන දිය ඇලිද? දිය වැල්ද..? මම මගේ පාඩුවේ - මගේ කුටියටම වී... දිනෙක ඇය එනතුරා බලා හිඳින්නම්..
විජිත්, ඔයාගේ අදහස මා මෙසේ දුටුවා. "ඇය නොමැති අද දිනේ.. කෙලෙස ඉන්නද මම අනේ..? දියඇලිද අද දිනේ .. කිසිඳු සතුටක් හිතට නොගෙනේ.. "
මම නම් මේ දවස් වල ‘‘සුනඛයෝ‘‘ කියන සිංහල චිත්‍රපටිය නරඹනවා. ඔය කොහෙවත් තියන දිය ඇලි වලට වඩා, හරිම සුන්දරයි ඒ කෙරුවාව..
බොහොම ස්තුතියි සමිත, ඔයා මගේ අදහස ලස්සනට කවියකට ගලපලා තියෙනවා. හරි ලස්සනයි. මට කවි ලියන්න අාසයි.. එ්ත් බැහැ... O/L වලින් පසුව විද්‍යා විෂයයන් පමණක් කළ නිසා මගේ සිංහල "මොට්ටවුණා " අදටත් මම ඒ ගැන දුක් වෙනවා. ඒ නිසයි මම මේ වචන ටිකක් එහෙන් මෙහෙන් එකතු කරලා නිසඳැස් ආකාරයට යමක් සන්නිවේදනය කරන්නේ... මම කළා විෂයන් කළා නම් අද මම රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා වගේ ඉහළම කවියෙක් වෙන්නත් තිබුණා සමහර විට. වාසනාවක් තිබුණා නම්... එයා තමයි මගේ ප්‍රියතම කවියා.. ගීත රචකයා..
දියඇල්ලේ පින්තූර නම් හරිම ලස්සනයි. දියඇලි වලට මොනතරම් නම් මියුරු ගීතයන් ලියවිලා තියෙනවද? 6 වැනි පින්තූරයේ දිය ඇලිවලට පිටුපසින් තිබෙන බංගලාව දුටුවාම මට බයක් වගේ හැඟීමක් ඇතිවුණා හරිම ගුප්ත පාටයි. හොල්මන් කතා මතකය අවදි කරවනවා.
සමිත, ඔයා මගේ අදහස ලස්සනට කවියකට ගලපලා තියෙනවා. හරි ලස්සනයි. මට කවි ලියන්න අාසයි.. එ්ත් බැහැ. O/L වලින් පසුව විද්‍යා විෂයන් පමණක් කළ නිසා මගේ සිංහල "මොට්ට වුණා". අදටත් මම ඒ ගැන දුක්වෙනවා. ඒ නිසයි මම මේ වචන ටිකක් එහෙන් මෙහෙන් ලියලා නිසඳැස් ආකාරයට යමක් සන්නිවේදනය කරන්නේ... මම කලා විෂයයන් කළා නම් අද මම රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා වගේ ඉහළම කවියෙක් වෙන්නත් තිබුණා සමහර විට... වාසනාවක් තිබුණා නම්... එයා තමයි මගේ ප්‍රියතම කවියා... ගීත රචකයා... අපේ යුගයේ මහගම සේකර...
ලස්සනට බලලා ලස්සනට තබාගන්න උදව්කරන්න.
සවනට කොඳුරා - නුඹට කියන්නම් ඊයේත් නින්දක් නොගිය තරම් දරාගන්න බැරි දුක් බර සිහිනෙක, ඔබගෙන් තොරවූ.. ඒ තිස්තුන් පැය.. කල්පයක්ම විය.