IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිසාපතිගේ නියෝගයෙන් නුවරඑළියට වැටක්

(සුජිත් හේවාජුලිගේ )

පිට පළාත්වලින් ජනතාව  නුවරඑළියට පැමිණියහොත්   ඔවුන්  වහාම  නැවත හරවා  යවන්නැ‍යි නුවරඑළිය දිස්ත්‍රික්  ලේකම් නන්දන ගලගොඩ  මහතා  පොලිසියට  උපදෙස්දී  ඇත.

පිට පළාත්වලින් යම් යම් පිරිස්  නුවරඑළියට  විවිධ ක්‍රමවලින් පැමිණෙන බවට  තොරතුරු ලැබීම නිසා  දිස්ත්‍රික් ලේකම්වරයා   මෙලෙස උපදෙස් ලබාදී ඇත.

මේ අතර දිස්ත්‍රික්  ලේකම්  නන්දන ගලගොඩ මහතා නුවරඑළිය නගරයේ පොලිස් පරික්ෂා කටයුතු ඊයේ (17) නිරීක්ෂණය කළේ‍ය.

මධ්‍යම පළාතේ  අනෙකුත් දිස්ත්‍රික්කවලින් නුවරඑළිය නගරයට ජනතාව පැමිණීමේ වැඩිවීමක් දක්නට ඇති බවත්  පළාතේ ජනතාව නුවරඑළිය නගරයට මෙලෙස පැමිණීම වැළැක්වීමට හැකියාවක් නැති බවත්  ඔහු සඳහන් කළේය.

සාමාන්‍ය දිනවලට වඩා ජනතාව පැමිණීමේ වැඩිවීමක් දක්නට ඇතැයිද  ගලබඩ මහතා කීවේය.

නුවරඑළිය නගරයේ  හෝටල් සෞඛ්‍ය නීතිවලට අනුකූලව පවත්වාගෙන යන ලෙසට  උපදෙස්  ලබාදී ඇති බවත්  ඒවායේ සාද පැවැත්වීම  තහනම් කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා  ප්‍රකාශ කළේය.

මේ අතර නුවරඑළිය  නගරයට පැමිණෙන ජනතාව සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නේ   දැයි   විපරමින් සිටින ලෙස සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇතැයි  නන්දන ගලගොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (2)

දිසාපතිගේ නියෝගයෙන් නුවරඑළියට වැටක්

කිරි පුතා Monday, 18 October 2021 04:11 PM

සෞඛ්‍ය නීති රකිනවාද බලනවා මිසක් මිනිසුන්ගේ පැමිණිම නොවළකාලිය යුතුයි. මාස් පඩි ගන්න ඔවුන්ට නොපෙනුණාට දිනපතා කීයක් හරි උපයාගන්න මිනිසුන්ට එය බලපානවා..

:       0       7

Siri Monday, 18 October 2021 08:32 PM

හොඳ වැඩේ... දඩයකුත් ගහන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site