(ඩයනා උදයංගනී සහ මහනුවර ෂේන් සෙනෙවිරත්න)
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය ජේ. ඉෂාලිනී නැමති දැරියගේ මව වන රාජමානික්කම් රංජනී මහත්මිය පැවසුවාය.
එම නිවසේ දී විවිධ හිරිහැර සිදුවන නිසා එහි සිටීමට නොහැකි බව දියණිය දුරකතනයෙන් පැවසූ බවත් ඇගේ මරණය සැක සහිත බවත් ඇය සඳහන් කළාය.
හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය ඉකුත් නොවැම්බරයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ තැරැව්කරුවකු මාර්ගයෙනි.
තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරගැනීම සඳහා මැදිහත් වන ලෙස මියගිය දැරියගේ මව්පියන් මහනුවර මානව හිම්කම් කාර්යාලයට පැමිණ එහි අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා ගෙන් ඉල්ලීමක් කළ අතර එම කාර්යාලයට පැමිණිල්ලක් ද කළහ.
ඉන් අනතුරුව ඔවුහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූහ.
ගැහැනු දරුවන් පස් දෙනකු හා එක් පිරිමි දරුවකුගෙන් යුත් පවුලේ සිටින පවුලේ තෙවැන්නා බවත් රුපියල් 25,000 ක මාසික වැටුපකට ඇය පිටත් කර හැරියත් ඔවුන් ලබා දුන්නේ රුපියල් 20,000 ක මුදලක් පමණක් මෙහිදී සඳහන් විය. මෙහිදී ඇගේ මව මෙසේ ද පැවසුවාය.
“කොරෝනා කාලයේ මගේ මහත්තයාට සහ පුතාට වැඩ තිබුණේ නැති නිසා ජීවත්වෙන්න තැන් තැන්වලට ණයවෙන්න සිදුවුණා. දුව මෙහෙකාර සේවයට එක්කගෙන ගිය කෙනාගෙනුත් රත්තරන් බඩුවක් තියලා රුපියල් තිස් දහස් ගණනක් අරන් තිබුණා. එයා අපේ නිවසට ඇවිත් ඔයාට අවුරුදු 13ක සහ දෙකක පොඩි ළමයි ඉන්න නිසා අම්මා ගෙදරින් ගියොත් ඒ ළමයි පවු ලොකු දුවල දෙන්නගෙන් කෙනෙක් ගෙදරක සේවයට එවන්න කිව්වා. ඒ වෙලාවේ ඉෂාලිනී දුව යන්න කැමති වුණා. මිදුලට ඇවිත් මිනිස්සු ණය ඉල්ලල කෑ ගහන නිසා මම යන්නම් කිව්වා. අයියට විතරක් ණය ගෙවන්න අමාරුයි. මම ගිහින් මේ ණය ටික බේරන්නම් කීවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා..!!! හරිම දුකයි...!
දරුවා යම්කිසි ක්‍රියාවක අහඹු ඵලයක් පමණක්ම වූ මෙවැනි දෙමාපියන්ට නීතිය ක්‍රියාත්මක නොකරන තාක් මෙවැනි අපරාධ විමර්ශන නිෂ්ඵල කාරණයක්...!!!
ජාතියෙන්, කුලයෙන්, ධනයෙන්, බලයෙන්, උගත්කමෙන්, දැනීමෙන් හා නොයෙකුත් බලපුළුවන්කාර කම්වලින් දෑස් නොපෙනෙන අන්ධ මිනිසුනේ..!!! මේ මියගියේ නුඹලාගේ හා අපේම දරුවන් වැනි දරුවෙක්. දරිද්‍රතාවෙන් පීඩිතව සිටින තම පවුල සැපවත් කිරීමට මේ දරුවා මෙහෙකාරකමට ගියා. ඒත්, අවසානයේ ඇයට සිදුවුණේ, පාපතරයන් අතින් දූෂණයට ලක්වී ගින්නෙන්ද දැවී දුකසේ මියයාමටයි. රටේ දේශපාලකයන් සුරංගනා කතා නිතර කිව්වත්, රටේ ඇති දුක්ඛිත දරිද්‍රතා යථාර්ථය මේ සිද්ධියෙන් හොඳ හැටි ගම්‍යමාන වෙයි. යථාර්ථය මෙය වුවත්, සියලු දේශපාලකයන් වෙනුවෙන් හා පාර්ලිමේන්තුව වෙනුවෙන් වෙන්වෙන මුදල් සම්භාරය කෙතරම්ද? දේශපාලකයන් පරම්පරා හතකට රටේ මුදල් යටිමඩි ගහගෙන සුරසැප විඳිද්දී, මෙවන් දුගී දරුවන්ගේ හා පීඩිතයන්ගේ සැබෑ යථාර්ථය වටහාගෙන දේශපාලන ගැති බවෙන් දැන් හෝ මිදෙනු මැන අන්ධ මිනිසුනේ.. අන්ධ නුඹලාගේ අනුවණකම නිසා කෛරාටික හා කපටි දේශපාලකයා රටේ සම්පත් හා මුදල් ගිලදමා රට වළපල්ලට දමයි. පක්ෂ, පාට ඉවතදා සැබෑ මිනිසුන් මෙන් බුද්ධිය අවදිකර ගැනීමට කාලය උදාවී ඇත.
දෙමාපියන්ගේ වැරදි තීරණ නිසයි ඒ දරුවා දුක්විඳලා මිය ගියේ... දරුවන් පෝෂණය කිරීම දෙමාපියන්ගේ වගකීමක්. දෙමාපියන් පෝෂණය කරන්න දරුවන් බැඳී නෑ.
මෙය මියගිය ඒ දැරිවියට හෝ එම පවුලට පමණක් උරුම වූ කාරණයක් නොව සමස්ත දරිද්‍රතාවයෙන් පෙලෙන සියලු ජාතිකත්වයන්ට පාදඩ පාලනයයි.. වසර 72ක පාලනය උරුම කරදුන් සෞභාග්‍යයයි. බොහෝ දරිද්‍රතාවයන්ට පත් අය මේ පාදඩ පාලකයිනට ඡන්දය දෙනුයේ මින් යම් තරමකට සහනයක් පතාගෙනයි. අපේ ඡන්දයෙන් පාලකයින් වන අය අපේ බදු මදලින් තීරුබදු රහිත වාහන, ඉන්ධන දීමනා, සංග්‍රහ දීමනා, දූරකථන දීමනා, නිවාස දීමනා ඇතුලු අනේක සැප සම්පත් උරුම කරගනිද්දී ඔවුන්ට ඡන්දය දුන් දෙමව්පියන් ණය බරින් මිදීම සඳහා තම ඒ පාලකයින්ගේ නිවෙස්වල මෙහෙකාරකමට යවනවා.
කෝ අපේ වතුකර ජනතාවගේ මුර දේවතාවුන්? මැරුණු දැරියට දෙමාපියනුත් නැහැ.. වතුකර ජනතාවගේ මුර දේවතාවනුත් නැහැ. කාන්තා හා ළමා හිමිකම් උරුමක්කාරියනුත් නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් උරුමකරුවනුත් නැහැ. තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ...
මේ අහිංසක අම්මලාගේ දුක් අඳෝනාවලට වගකීමක් ඇති ආණ්ඩුව වගබලා ගත යුතුයි. ඒ වගේම මේ අහිංසක දුවට අපරාධයක් සිදුවෙලා තියෙනවා නම් ... වහාම අත්අඩංගුවට ගත යුතුයි.
මේ අපරාධයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි.
කෝ මේ පුතාණෝ..? ජෙප්පෝ මීක් සද්දයක් නෑ. ගෝලබාලයො ටිකත් එහෙමයි. බලාගන්න තිබුණා මේක සිදුවුණේ පොහොට්ටුවේ තැනක නම්... පස්ස උඩ දම දමා කටවල් උලාගෙන කෑ ගහන හැටි...