IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දැවෙන විහඟුන් අද සිට යළි තිරයේ

“7 වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේදී” වසරේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 5 ක් හිමිකරගත් සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘දැවෙන විහඟුන්’(Burning Birds)  චිත්‍රපටය ප්‍රේක්ෂක ඉල්ලීම මත යළිත් වතාවක් අද (12) සිට සීමිත සිනමාශාලා කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ. 

ඒ අනුව කොළඹ රීගල් (ප.ව. 2.00) බොරැල්ල - ලිඩෝ (දිනපතා ප.ව.4.15 සහ සෙනසුරාදා ඉරිදා පස්වරු 4.15/7.00) වැල්ලවත්ත - සැවෝයි ප්‍රිමියර් (ප.ව. 4.15) යන සිනමාශාලාවල තිරගතකරේ.

“දැවෙන විහඟුන්” චිත්‍රපටය “දෙරණ සම්මාන උළෙලේදී” වසරේ හොඳම අධ්‍යක්ෂණය වසරේ හොඳම නිළිය වසරේ හොඳම සහාය නිළිය, වසරේ හොඳම සහාය නළුවා, වසරේ හොඳම වේශ නිරූපණ ශිල්පියා යන සම්මාන හිමිකරගත් අතර, එහිදී වසරේ හොඳම කැමරාකරණය, වසරේ හොඳම සංගීතය, වසරේ හොඳම තිර රචනය, යන සම්මාන සඳහාද නිර්දේශ වීම විශේෂත්වයකි. එමෙන්ම 
පසුගියදා නිමාවූ ‘9 වැනි සාර්ක් සිනමා උළෙලේදී’ හොඳම නිළිය හා හොඳම සංස්කරණය යන සම්මාන ද්විත්වයද හිමිකරගැනීමට සමත්විය.

දැවෙන විහඟුන් චිත්‍රපටය මීට පෙර ජිනීවාහි ‘15 වැනි මානව හිමිකම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී’ හොඳම චිත්‍රපටය ලෙසත්, යොවුන් ජූරි සම්මානයත්, ටෝකියෝ හි ‘17 වැනි ෆිල්ම්ටෙක්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී’ විශේෂ ජූරි සම්මානයත්, ලොස් ඇන්ජලීස්හි ‘3 වැනි ලෝක ආසියා චිත්‍රපට උලෙලේදී’ හොඳම නිළිය සම්මානයත් හිමිකරගන්නා ලදී.

- යහම්පත්

 



අදහස් (3)

දැවෙන විහඟුන් අද සිට යළි තිරයේ

ලුම්බිණි Saturday, 13 July 2019 01:00 AM

"ප්‍රේක්ෂක ඉල්ලීම මත" කියන එක මොකද්ද? කවුද මේ ප්‍රේක්ෂකයෝ?

:       0       0

jayath Saturday, 13 July 2019 04:15 AM

බුලත් මඩිස්සලේට හෙන ගැහුවම කිල්ලෝටෙට වෙනදේ ගැන කතා දෙකක් නැහැ... රටේ අනිත් දේවල් වගේම සිනමාවටත් දැන් කණකොකා අඬලා නිර්මාණාත්මක අධ්‍යක්ෂවරු නැහැ. දැන් ඉන්නේ කොට්ටාශ 3ක් විතරයි 1) අන්තර් ජාතික සිනමා උළෙලවල් ඉලක්ක කරගෙන ඒවායින් සම්මාන බලාගෙන, මොකක් හරි හදන අය 2) පුරාණ රජ කතා, ඉතිහාස කතා, බෞද්ධකතා වලට මාර්කට් එකක් තියන හින්දා ඒවම හදන අය (අපේ සමහර ගෞරවනීය, අධ්‍යක්ෂකවරුත් මේ ගණයට වැටිලා) 3) ගැලරියට චිත්‍රපට හදන අය. දැන් පතිරාජලා, සුගතපාල යාපාලා, ධර්මසිරිලා වග අය නෙමෙයි... අඩුතරමින් එච්.ඩී. ලා වගේ මැද මාවතක් වත් නැහැ.

:       367       354

PrsbaSunday, 14 July 2019 05:49 AM

සම්පූර්ණ අසත්‍යයක්. අද ඉතා හොඳ නිර්මාණ බිහිවෙනවා. 28 , හෝ ගානා පොකුණ වැනි නිර්මාණ ලංකාවේ බිහිවූ හොඳම චිත්‍රපට අතරට වැටෙනවා. දහසක් කරදර මැද විශිෂ්ට නිර්මාණයන් කරන අපේ කලාකරුවන්ට ගරහන්න එපා. තමන්ගේ හීනමානය වෙන කොහේහරි පෙන්න ගන්න

:       202       251

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site